අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

කිව්රියෝසිටි රොවරය අඟහරු මත කාබනික රසායන සොයාගනී - අඟහරු මත පෞරාණික ජීවය සමුවුනාදැයි සැකයක්



කිව්රියෝසිටි රෝවරයේ SAM (Sample Analysis at Mars) නම්වූ ස්වයංක්‍රීය සාම්පල විශ්ලේෂණ විද්‍යාගරය මගින් මෑතකදී ලැබුණු දත්ත විශ්ලේෂණය කල නාසා විද්‍යාඥයින් ඉමහත් උද්දාමයට පත්වී තිබෙනවා.

මෙම දත්ත මගින් අඟහරුවා මත පෞරාණික ජීවීන් ගේ යැයි සැක කල හැකි කාබනික රසායන පිලිබඳව දත්ත ලැබී ඇති බව නාසා ආයතනයෙන් ලැබෙන නිළ නොවන ආරංචි පවසනවා. ඉදිරි දින කිහිපය තුල අතිශය වැදගත් නිවේදනයක් කිරීමට නාසා ආයතනය ලක ලැහැස්ති වෙන බවත්, මේ සඳහා ලැබුණු දත්ත නැවත නැවතත් විශ්ලේශණය කරමින්, නිරවද්‍ය භාවය තහවුරු කරගැනීමේ ක්‍රියාදාමයක මේ දිනවල කිව්රියෝසිටි රෝවරය භාර විද්‍යාඥ මඩුල්ල නිරත වී සිටින බවත් ඵැවසෙනවා.

මෙම නිහැඩියාවෙන් පසු ලොව කම්පණය කල හැකි අන්දමේ හෙලිදරව්වක් සිදුවන බව නාසා විද්‍යාඥයින් සමග සමීප සබඳතා පවත්වය විද්‍යා පුවත් වාර්තාකරුවෙකු පවසා තිබෙනවා.

අඟහරු වෙතට කිව්රියෝසිටි රෝවරය ගෙනගිය SAM විද්‍යාගාරය - (C) NASA
SAM විද්‍යාගාරය රෝවරයට සවිකිරීමට පෙර ගන්නා ලද ඡායාරුපයක්

Comments

  1. මොනව හරි ජීවි පොසිල ටිකක් හම්බොල ඇති එකත් එකටම...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. ජයවේවා !!! අහමුකෝ ඒකත් එනම්...

    ReplyDelete
  3. අනිවා ජීවය තියෙන්න ඕනේ. නැත්තම් ජිවය තිබිල හරි තියෙන්න ඕනේ. කාබනික පොහොර මොකටද සත්තුන්ට. මිනිස්සු වගේ දියුණු සත්තුනේ පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  4. අගහරුගෙන් පොලවට කඩගෙන වෑටුනු උල්කාවක පොසිල බෑක්ටීරියා තිබුනා කියල මම අහල තියෙන්වා. ඉස්සරහට බලමුකො එක ඈත්තද කියල

    ReplyDelete

Post a Comment