අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සැම්සුන්ග් සමාගම නැමිය හැකි LED තිරයක් නිපදවයි - ලබන වසරේ සිට වෙළඳපොලට එවීමට සියල්ල සූදානම්!


සැම්සුන්ග් සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් සමාගමේ උපසභාපති  Kwon Oh-Hyun මහතා පවසන පරිදි මෙම නම්‍ය OLED තිර සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිශ්පාදකයින්ගෙන් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් තිබේ. දැනට සැම්සුන්ග් සමාගම සමග පේටන්ට් අයිතීන් පිලිබඳව නඩු මගට බැස තිබෙන ඇපල් සමාගමද මෙම OLED තිර පිලිබඳව විමසුම් කරන බව සැම්සුන්ග් සමාගම පවසයි.


Comments

  1. Note 2 එක ගන්න හිතුවට වැඩක් නැහැ මේක එනකන්ම ඉන්නවා.

    ReplyDelete

Post a Comment