අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

උතුරු කොරියාවේ ඔත්තුබැලීම සඳහා ලබන වසරේ සිට නියමු රහිත රොබෝ යානා යොදාගන්නවා - අමෙරිකාව

RQ-4 Global Hawk 

ලබන වසරේ සිට උතුරු කොරියාවේ න්‍යශ්ඨික වැඩපිලිවෙල හා වෙනත් හමුදාමය ක්‍රියාකාරකම් වල ඔත්තු බැලීම සඳහා දිගුදුර ඔත්තුබැලීමේ මෙහෙයුම් සඳහා නිර්මාණය කොට ඇති ග්ලෝබල් හෝක් රොබෝ ඩ්‍රෝන යානා යොදාගන්නා බව අමෙරිකාව පවසයි. මෙම යානා ජපානයේ ගුවන් කඳවුරකින් ගුවන් ගත කරවීම සඳහා දැනටමත් ජපන් රජයේ අනුමැතිය ලැබී ඇත.

කිලෝමීටර් 18ක් ඉහල අහසේ පියාසරකල හැකි ග්ලෝබල් හෝක් ඩ්‍රෝන යානාව එක දිගට පැය 28ක් පියාසර කල හැකි ලෙස නිපදවා ඇත. ග්ලෝබල් හෝක් ඩ්‍රෝනය යානය අමෙරිකාව සතු විශාලතම ඩ්‍රෝන යානය වන තර එහි ඇති සංවේදක මගින් දිනකට වර්ග කිලෝමීටර් 100,000 භූමි ප්‍රමාණයක ඡායාරූප හා දත්ත රැස්කල හැකිය. නෝත්රොප් ගෘම්මාන් ගගනවිද්‍යා සමාගම (Northrop Grumman) මගින් නිර්මාණය කොට නිපදවන ග්ලෝබල් හෝක් යානය රෝල්ස්-රොයිස් ජෙට් එන්ජිමකින් බලගැන්වේ.

ග්ලෝබල් හෝක් යානයක් මෙහෙයුමකට සූදානම් කරන අමෙරිකානු ගුවන්හමුදා නිළධාරීන්

Comments

  1. බොහොම හොඳයි. අගේ ඇති විස්තර ටිකක්.මං එකපාරටම මේ සයිට් එකට එද්දි බලාපොරොත්තු වුනේ පැය බාගයක් විතර අමාරුවෙන් කියවන්න දේවල් ඇත්ද කියලා (විහිලුවට ඈ.) නෑ ඉතින් මිට කලින් පෝස්ටු මම එහෙම ඒවානෙ කියෙව්වේ.

    ReplyDelete

Post a Comment