අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!

ලොව විශාලතම වීඩියෝ ජාලය වන යූ ටියුබ් 360 වීඩියෝ සඳහා සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. Gizmodo තාක්ශණික පුවත් වෙබ් අඩවිම කරන ලද විමසීමකදී යූ ටියුබ් මාධ්‍ය ප්‍රකාශකවයෙකු මේ බව තහවුරු කොට තිබෙනවා. Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam වැනි අංශක 360ක වීඩියෝ පටිගත කල හැකි කැමරා දැන් වෙලඳපොලට පැමිණෙමින් පවතින අතර මෙම කැමරා මගින් ගන්නා ලද 360 වීඩියෝ සඳහා තාක්ශණික සහය ලබාදීමට යූ ටියුබ් බලාපොරොත්තු වනවා.
මෙවැනි අංශක 360ක වීඩියෝ ලබාගත හැකි කැමරා අතරි, ජපානයේ රිකෝ සමාගම (Ricoh) හඳුන්වාදුන් රිකෝ තීටා කැමරාව වඩාත් කතාබහට ලක්වෙනවා. අවුන්ස කිහිපයක් බර ඉතා කුඩා කැමරාවක් වන මෙයට සිතා ගත නොහැකි අන්දමේ අංක 360ක දෘශ්‍ය පරාසයක් ආවරණය වන ආකාරයෙන් විඩියෝ පටිගත කලහැකියි.

Ricoh Theta

Comments

Post a Comment