අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

"Selfie Drone" : සෙල්ෆී ගන්නටත් ඩ්‍රෝන තාක්ශණය

"සෙල්ෆී" හෙවත් තමන්ගේම ඡායාරූප තමන්ම ගැනීම ලෝකය පුරාම හරිම ජනප්‍රියයි. ස්මාර්ට්ෆෝන් නිශ්පාදකයින් සිය දුරකථනවල ඉදිරිපස කැමරාව හදලා තියෙන්නේම සෙල්ෆී ගන්නටයි. ෆේස්බුකිය පිරිලා තියෙන්නේත් සෙල්ෆී වලින්. තනිවම, බල්ලා එක්ක, පූසා එක්ක, කෙල්ල/කොල්ලා සමග, යාලුවෝ එක්ක කිටි කිටියේ ගුළිවෙලා සෙල්ෆී අරගෙන ෆේස්බුක් එකේ දාන එකට වඩා වෙන වැඩක් නෑ කියලා හිතෙන තරමටම සෙල්ෆී උන්මාදයක් තිබෙන බව පේනවා.

මේ සෙල්ෆී උන්මාදයට අලුත්ම මානයක් එකතු කරන්නට, නැතිනම් ගෙනයන්නට පුලුවන් හඳුන්වාදීමක් මේදිනවල ලාස් වේගාස් නුවර පැවැත්වෙන ලෝක ප්‍රකට "Consumer Electronics Show (CES)" ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේ එක් ප්‍රදර්ශකයෙක් සූදානම් වෙනවා. සේනෝ (Zano) නම් ඒ සමාගම කෝකටත් තෛලය වාගේ මේදිනවල හැමදේටම යොදාගන්න හදන ඩ්‍රෝන තාක්ශණය සෙල්ෆී ගන්නටත් යොදාගන්න පුලුවන් කුඩා ඩ්‍රෝනයක් හඳුන්වාදෙන්න යනවා.

ස්මාර්ට්ෆෝනය මගින් සෙනෝ මෙහෙවිය හැකි "Zeno App" මෘදුකාංගය
Intelligent nano drone ලෙස හඳුන්වන මෙය ස්මාර්ට්ෆෝනයක් හෝ ටැබ්ලටයක් ආධාරයෙන් ක්‍රියාත්මක කල හැකියි. වයි-ෆයි තාක්ශණය මගින් ෆෝනය හා සම්බන්ධවන මෙම ඩ්‍රෝනයට එකතැන රැඳී සිටිමින් මෙහෙයවන්නාගේ සේල්ෆී ගන්නට පුලුවන්. ඒ වගේම "Follow Me Mode" අන්දමට ක්‍රියාත්මක කල විට ඩ්‍රෝනය, ක්‍රියාකරවන්නා එදිරියෙන් හෝ පසුපසින් යමින් ඔවුන් යන එන තැන්වලදී ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් බොහෝ කැමරාවල/ෆෝන්වල තිබෙන "Face Detection" හැකියාව මෙම ඩ්‍රෝනයටත් තිබෙන බැවින් නිවැරදිව මුහුණු සටහන්වන ලෙස ඡායාරූප ගත හැකියි. ඡායාරූප මෙන්ම HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාවත් මෙයට තිබෙනවා.

සේනෝ ඩ්‍රෝනයකින් ගත් "group selfie" ඡායාරූපයක්
 අන්තර්ජාලය හරහා විවිධ නවෝත්පාදන වෙළඳපොලට හඳුන්වාදීමට, සුළුපරිමානයෙන් ආයෝජනය කරන මහජනයාගෙන් "crowdfunding" ආකාරයට ප්‍රාග්ධනය රැස්කොට දෙන "KickStarter" නම් ජනප්‍රිය සමූහ-ප්‍රාග්ධන උත්පාදක සේවය හරහා ආයෝජකයින්ට හඳුන්වාදුන් මෙම ඩ්‍රෝනය වැඩිදියුණු කිරීම සඳහා කික්ස්ටාටර් ආයෝජකයින් 2000ක්, ඩොලර් 600,000ක ප්‍රාග්ධනයක් ලබාදී තිබෙනවා. ගුවනේ පියාසර කරමින් ඡායාරූප ගන්නා අතරම බාධක මගහැර පියාසර කිරීමේ හැකියාව ලබාදෙන aerial obstacle avoidance software හා සෙන්සර් මෙයට ඇතුලත් කරන බව සමාගම පවසනවා. එහෙත් ඉතා කුඩා ඩ්‍රෝනයකට එවැනි සංකීර්ණ හැකියාවන් ලබාදිය හැකිදැයි සමර තාක්ශණඥයින් (technologists) ප්‍රශ්ණ කරණවා.


Comments