අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්.

ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.

What is ISO?

ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා.

එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.





පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.

පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.



Comments