අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

කෘත්‍රිම බුද්ධියේ දියුණුව පාලනය කරන්න! - ලෝක ප්‍රකට විද්වත්හු සංවර්ධිත රටවලින් ඉල්ලති

ලෝක ප්‍රකට විද්වතුන්, විද්‍යාඥයින්, අධිතාක්ශණික සමාගම් ප්‍රධානීන් රැසක්, විවෘත ලිපියක් මගින් ලොව සංවර්ධිත රටවල රජයන් වෙතින් කෘත්‍රිම බුද්ධි තාක්ශණයේ සංවර්ධනය පාලනය කොට වැඩදායි කටයුතු සඳහා පමණක් එම තාක්ශණය යොදාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්, ගූගල් සමාගමේ පර්යේෂණ ප්‍රධානී පීටර් නෝවිග් , ලොව ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ රොකට්ටුව නිපදවූ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකාවිද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය මාටින් රීස්, නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ෆ්‍රෑන්ක් විල්සෙක් වැනි විද්වතුන් රැසක් මෙම විවෘත ලිපියට අත්සන් කොට තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස බී.බී.සී වැඩසටහනකට සහභාගීවූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්, පූර්ණ කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණකයක් හෝ රොබෝවෙකු මිනිස් සංහතියේ විනාශය සිදුකරනු ඇති බවට බලවත් අණතුරු ඇඟවීමක් සිදුකලා. එපමණක් නොව, මාස කිහිපයකට පෙර අමෙරිකාවේ හෆිංටන් පෝස්ට් පුවත් පතට ලිපියක් සම්පාදනය කල ස්ටීවන් හෝකින්ස්, මැසචුසෙට්ස් තාක්ශණික විශ්වවිද්‍යාලයේ (MIT) භෞතික විද්‍යාඥයින් වන මැක්ස් ටෙග්මාක් හා විල්සෙක්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ ස්ටුවර්ට් රසල් යන විද්වතුන් සිවුදෙනා පූර්ණ ලෙසම මිනිසෙකු මෙන් සිතිය හැකි කෘත්‍රිම බුද්ධියක් නිපදවීමෙන් සිදුවිය හැකි විපාක පිලිබඳව අදහස් දැක්වූවා. ඔවුන් පවසන අන්දමට පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ සුපිරිම නීර්මාණය මෙන්ම අවසාන නිර්මාණයද විය හැකියි.

ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස MIT විශ්වවිද්‍යාලයේ ගගනවිද්‍යා හා අභ්‍යවකාශවිද්‍යා අංශයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ AeroAstro 100 සම්මන්ත්‍රණයේදී පවසා සිටියේ ලොව රජයන් එක්ව කෘත්‍රිම බුද්ධි තාක්ශණය සංවර්ධනය කිරීම සඳහා යම් සීමා පැනවිය යුතු බවයි. ඔහු පවසා සිටියේ පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානවයාගේ ඉදිරි පැවැත්මට ඇති බලවත්ම තර්ජනය බවයි.

ගූගල් සමාගමේ ඉන්ජිනේරු නිර්මාණ අංශයේ ප්‍රධානී රේ කර්ස්වෙයිල් පවසන අන්දමට කෘත්‍රිම බුද්ධිය, මානව බුද්ධිය අභිබවා යන දිනය 2045 වසරට පෙර උදාවිය හැකි බවයි. එම වසර වනවිට මිනිසාට තමාගේ සියලුම සිතුවිලි ඩිජිටල් කේත බවට හරවා පරිගණකයකට ඇතුලු කිරීමෙන් අමරණීය භාවය ලබාගෙන පරිගණක මතකයක් තුල සදාකාලික ජීවිතයකට හිමිකම් කිවහැකි වනවා.

එමෙන්ම මිනිස් මොළය අභිබවා දියුණුවන කෘත්‍රිම බුද්ධියකට, තව තවත් බුද්ධිමත් කෘත්‍රිම මනස් ඉතා වේගයෙන් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන අතර, එවිට මිනිස් බුද්ධියට කිසිසේත් සමකල නොහැකි අපරිමිත මානසික හැකියාවකින් යුතු සුපිරි බුද්ධියක් බිහිවෙනු ඇති. එවැනි බුද්ධියක් ඇති පරිගණකයක් හෝ රොබෝවෙක්, මිනිසා ගැන කෙසේ සිතනු ඇතැයි උපකල්පනය කල හැකිද?

කිසිසේත් නොහැකිය.

මිනිසුන්, මීයන් කැරපොත්තන් වැනි කරදර කාරී පලිබෝධයක් ලෙස සලකා විනාශ කරදැමීමට එවැනි බුද්ධියක් පෙළඹෙන්නට පුලුවන.

A timeline of developments in computers and robotics.
Source:LiveScience

Comments

  1. හොද ලිපියක් !
    __________________

    ලංකාවේ හොදම අධ්‍යාපනික හා තාක්ෂනික ෆෝරමය. ඔබත් දැනම් එකතු වෙන්න http://ekathuwa.org

    ReplyDelete

Post a Comment