අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පිටසක්වලින් සංඥා ඇවිත්


ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.
 ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි පාර්ක්ස් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් තරංග 6 කුත් පුවටෝ රිකෝ හි පිහිටි අරෙසිබෝ අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් එක් තරංගයකුත් බැගින් මෙම තරංග ස්පන්ද 7 අනාවරණයව තිබේ.


2007 වසරේදීද මෙවැනිම ගුවන්විදුලි තරංග ස්පන්දයක් අනාවරණය වුනු අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයින් අවසානයේ සොයාගත්තේ එම ස්පන්දයමීට වසර ගණනාවකට පෙර ග්‍රහණයවී, රේඩියෝ දුරේක්ශ වලින් ලැබෙන දත්ත ගබඩා කෙරෙන පරිගණකවල සටහන්වී තිබී සොයාගත් බවයි. එනිසා එයට ලැබුනේ අඩු වැදගත්කමකි.

නමුත් මෙවර එම ස්පන්ද නිකුත්වූ මොහොතේම වාගේ ඒවා ග‍්‍රහණය කරගැනීමට රේඩියෝ දුරේක්ෂ සමත්ව තිබේ. මෙම ස්පන්ද කවරකින් නිකුත්වූ ඒවාදැයි නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිව නොමැත.ගැමා කිරණ විහිදුමකින්,අධික ගුරුත්ව බලයක් තිබෙන තරුවකින් නිකුත්වූ කිරණ විහිදුමකින් මෙවැනි ගුවන්විදුලි තරංග ස්පන්දයන් ඇතිවිය හැකි බව පවසන ඔවුන් එසේ වුවත් ඒ බව නිසැකවම තහවුරු කරගැනීමට සාක්ෂි මද බව කියයි.


මිලි තත්පර කිහිපයක් පවතින, එහෙත් අතිශයින්ම ප්‍රභල වන මෙම රේඩියෝ තරංග නිකුත්වන විට ගැබ්ව තිබූ ශක්තිය අප සූර්යයා විසින් දිනකට පිටකරන සියලුම සූර්ය ශක්තියට සමාන බව ගණන් බලා තිබේ. පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් ලෙස මෙම ගුවන්විදුලි තරංගයන් හඳුන්වාදෙන පිරිසක්ද සිටී. මෙම තරංග නිකුත් කරන ලද්දේ ඈත එපිටපිට සක්වල දියුණු තාක්ශණයකින් යුතු පිටසක්වල ජීවීන් පිරිසක් නම්, මෙතරම් ප්‍රභල රේඩියෝ තරංග නිකුත් කිරීම සඳහා ඔවුන් යොදාගන්නා රේඩියෝ ට්‍රාන්ස්මීටරය මොනතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය.


මෙම රේඩියෝ තරංගය වසර බිලියන 5.5 ක පමණ දුර සිට පැමිණෙන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණෙන්නට හේතුවී තිබෙන්නේ මව් ප‍්‍රභවයෙන් පිට වීමේදී තරංගය සතුවූ ශක්තිය පෘථිවිය කරා ළගාවීමේදී හානිවී තිබෙන බවක් හඳුනාගැනීමට හැකිව තිබීමය.එම හානිවීම සැළකිල්ලට ගෙන තරංගය ආලෝක වර්ෂ 5.5 දුරක සිටවත් පැමිණෙන්නට ඇති බව විද්‍යාඥයින් කියයි.

එසේ නමුත් එහි මව් ප‍්‍රභවය පිහිටා ඇති තැන සොයාගැනීමට අපහසුවී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ ඉතා කෙටි කලකින් එයද සොයාගැනීමට හැකිවනු ඇති බවයි.තමන් බලාසිටින්නේ තවත් ගුවන්විදුලි තරංගයක් පෘථිවිය කරා ළගාවන තෙක් බවද එය ළඟාවූ වහාම එහි ප‍්‍රභවය සොයාගත හැකිසේ පිරික්සුම් උපකරණ සකස් කර තිබෙන බවද ඔවුන් පවසයි.



මෙම තරංග ග්‍රහණය වුනු වහාම අමෙරිකාවේ කැලිෆෝනියාවේ, ඔස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, කැරිබියන් සාගරයේ කැනේරි දූපත්වල, ජර්මනියේ හා හවායි දූපත්වල ඇති විශාල රේඩියෝ දුරේක්ශ භාවිතාකරගෙන අහස පිරික්සා මෙම තරංගවල ප්‍රභවය පිලිබඳව යම් යම් කරුණු අණාවරණය කරගෙන තිබේ. මෙම තරංග නිකුත්වූ මොහොතේ එම තරංග පැමිණි ප්‍රදේශයෙන් X-කිරණ හෝ අධෝරක්ත කිරණ තරංග නිකුත්වී නොමැති බව තහවුරු වේ. එනම් සුපර්-නෝවා ලෙස හැඳින්වෙන තාරකා පිපිරී යාම් වැනි අති ප්‍රභල රේඩියෝ තරංග නිකුත්කරන, විශ්වයේ සිදුවන ස්ව්භාවික සංසිද්ධි බොහොමයක් මෙම තරංග නිකුතුවට හේතුවී නොමැති බව විද්‍යාඥයින් පවසයි.

දැනට ගොඩනගා ඇති කල්පිතවලට අනුව මෙම තරංග සුවිශාල ඝණත්වයකින් යුතු, එහෙත් ඉතා කුඩා පරිමාවකින් යුතු නියුට්‍රෝන තාරකා හෝ කළු කුහරවලින් මෙම තරංග නිකුත්වන්නට ඇත. තවත් කල්පිතයකට අනුව මේවා පිටසක්වල දියුණු ජීවයක් විසින් තමන් පිලිබඳව සක්වල වැසියන්ට දැනුම් දීම සඳහා විටින් විට නිකුත් කරන ප්‍රභල රේඩියෝ තරංග බවයි.



Comments

  1. ආලෝක වර්ෂ 5.5 ක් දුරින් ආව කියනවා නම්, එය නිකුත් වුණු හැටියේ ග්‍රහණය කරගත්තා කියන්නේ මොන මෝඩ කතාවක්ද? ආලෝක වර්ෂ 5ක් දුර ඉදන් මෙහාට විදුලිය වේගෙන් ආවා කියලා හිතුවත් ඒ සංඥාව අපේ ලෝකයට එන්න සාමාන්‍ය අවුරුදු 47500000000000 ක් ගතවෙනවා. ඒ මොහොතේම ග්‍රහණය කරගත්තා නම් එතනට වෙලා ඉන්න ඕන.

    ReplyDelete

Post a Comment