Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 27 September 2017

BUSINESS STRATEGY : ලෝකයේ තරඟකාරීම රටවල් | ලංකාව රටවල් 137කින් 85වැනියා!

World Economic Forum (WEF) හෙවත් ලෝක ආර්ථික සමුළුව පසුගියදා  සිය වාර්ශික Global Competitiveness Report  වාර්තාව ඉදිරිපත් කලා. ලොව රටවල් 137ක විවිධ ආර්ථික හා සමාජීය දත්ත විශ්ලේෂණය කරමින් සකස්වී ඇති මෙම වාර්තාව ලොව දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදකයින් ඉලක්ක කරගෙන සකස් වෙනවා. යටිතල පහසුකම්, අධ්‍යාපන තත්වය, ශ්‍රම වෙළඳපොලේ කාර්යක්ෂමතාවය, නව නිර්මාණකරණය ආදී මානයන් 12ක් සැලකිල්ලට ගනිමින් එක් එක් රටවල තරඟකාරිත්වය පිලිබඳව දර්ශකයක් බිහිකොට තිබෙනවා.



ශ්‍රී ලංකාව - රටවල් 137කින් 85වැනි ස්ථානය
ඉන්දියාව -  රටවල් 137කින් 40වැනි ස්ථානය (ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්දෝ මන්දා...)



මෙන්න ලංකාව ලබාගත් ලකුණු!


*** රටවල් 137ක් අතරින් හිමිකර ගන්නා ස්ථානය - ඉලක්කම අඩුවන තරමට රට සිටින්නේ ඉහලිනි

1] ඉහලම ලකුණු සෞඛ්‍යය හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් ප්‍රමාණයට 43/137 (ඉන්දියාව - 91/137)

2] අඩුම ළකුණු, ශ්‍රම වෙළඳපොලේ අකාර්යක්ෂමතාවයට 131/137 (ඉන්දියාව - 75/137)

3] ඊලඟට අඩු ළකුණු - නව තාක්ෂණය සඳහා ඇති අවම සූදානම (ඉන්දියාව - 101/137)

4] ආර්ථික පරිසරය - රටවල් 137 කින් 94 තැන. (ඉන්දියාව - 80/137)

5] උසස් අධ්‍යාපන අවස්ථා හා තත්වය - රටවල් 137 කින් 78 තැන. (ඉන්දියාව - 75/137)

6] යටිතල පහසුකම් -  රටවල් 137 කින් 85 තැන. (ඉන්දියාව - 66/137)









__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...