MILITARY AIRCRAFT : රුසියාවේ MiG 41 ඉන්ටර්සෙප්ටර් යානය



රුසියානු ගුවන් හමුදාවේ ප්‍රධාන ඉන්ටර්සෙප්ටර් යානය ලෙස භාවිතා වන්නේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිෂ්පාදනය කරන මිග් 31 යානයයි. 1970 ගණන්වලදී එලි දැක්වුනු මිග් 31 යානයේ ප්‍රධාන කාර්යය වන්නේ රුසියානු ගුවන්සීමා ඉක්මවන සතුරු යානා වලට රටතුලට පැමිණීම වැලැක්වීමයි. ටොන් 40ක් බර විශාල යානයක් වන මෙය පැරණි වුවත් තවමත් ලෝකයේ බලවත්ම මෙන්ම වේගවත්ම යානාවක් ලෙස සැලකෙනවා. පැයට කිලෝමීටර් 2500ක සාමාන්‍ය වේගයකුත්, පැයට කිලෝමීටර් 3500ක උපරිම වේගයකුත් ඇති මිග් 31 යානයට කිලෝමීටර් 20ක් තරම් ඉහල අහසේ පියාසර කල හැකියි.

මේ සුපිරි යානය 2020 වනවිට විශ්‍රාම යැවීමට රුසියානු ගුවන් හමුදාව සූදානම් වන අතර එහි රාජකාරිය භාරගැනීමට නියමිත නවතම යානය මේ වනවිට ලහි ලහියේ සූදානම් වන බවයි රුසියාවෙන් වාර්තාවන්නේ.

මිග් 41 ලෙස නම් කිරීමට තීරණය කොට ඇති මෙය ස්ටෙල්ත් ඉන්ටර්සෙප්ටර් වර්ගයේ යානාවක් වනවා. නවතම පස්වැනි පරම්පරාවේ යානාවලටත් වඩා ඉදිරියෙන් ඇති මෙය 6වැනි පරම්පරාවේ යානයක් ලෙසද හැඳින්විය හැකි බවයි යානාවේ හැකියාවන් ගැන තොරතුරු දන්නා රුසියානු විශේෂඥයින් පවසන්නේ.

පැයට කිලෝමීටර් 4000ක පමණක සුපිරි වේගයකුත්, කිලෝමීටර් 50ක් ඉහල අහසේ, එනම් අභ්‍යවකාශය අද්දර වෙතම පියාසර කරන්නට හැකිවීමත්, රේඩාර්වලට නොපෙනෙන ස්ටෙල්ත් ගතිගුණත් මෙම යානය සතුවනු ඇතැයි බලාපොරොත්තු වනවා.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments