- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
ඇමරිකාවට බැලිස්ටික් මිසයිල ගහලා ඇමරිකාව කුඩු කරන බවට කිම් ජොන්ග් කයිවාරු ගහනවා. ඒත් කිම් ජොන්ග් පවා හොඳටම දන්න දෙයක් තමයි ඇමරිකාවට ඒ වගේ විනාසයක් කෙරුවොත් ඒ කිම් ජොන්ග් සිය ජීවිතේ ගන්න අවසානම තීන්දුව හෙවත් මරණ වරෙත්තුව කියලා.
ඇත්තටම කිම්ට ඔය වගේ හපන් කමක් කරන්න පුලුවන් තාක්ෂණයක් තියෙනවද?
අද උදේ පාන්දර ජපානයට ඉහලින් විදපු මිසයිලය, කිම්ට ගුවාම් දූපතට ගහන්න හැකියාව තියෙන බව ඔප්පුකලා!!!!
අද උදේ පාන්දර, ජපානයේ හොකයිඩෝ දූපතේ උතුරුදිග ප්‍රදේශවල ජනයා අවදිවුනේ ගුවන් ප්‍රහාර සයිරන් හඬට. ඒ උතුරු කොරියාව පියොන්ග්යෑන්ග් නුවර ඉඳලා විදපු ICBM මිසයිලයක් හොකයිඩෝ දූපත ඉහලින් පියාසර කරපු නිසා.
විනාඩි 19ක් තුල කිලෝමීටර් 2300ක් පියාසර කරපු මේ මිසයිලය මුහුදට වැටුනා. උතුරු කොරියාවේ ඉඳලා ඇමරිකන් කඳවුරු තියෙන ගුවාම් දූපතට කිලෝමීටර් 2100ක් තියෙනවා. ඒ අනුව කිම් ජොන්ග් අන්ග් ලෝකයටම තහවුරු කලා ඔහුගේ මිසයිලවලට ගුවාම් දූපත පහසු ඉලක්කයක් කියලා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps




Comments
Post a Comment