Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 19 August 2012

Bio Bots : ස්වභාවධර්මය අනුකරණය කරන රොබෝවරු


රොබෝවා : පෙට්මෑන්
නිර්මාණය : බොස්ටන් ඩයිනැමික්ස් සමාගම, එක්සත් ජනපදය
අනුකරණය : මිනිස් ද්වීපාද සංචරණය

ද්වීපාද සංචරණය සඳහා මුලින්ම සාර්ථකව නිර්මාණය කල රොබෝවා වූයේ හොන්ඩා සමාගම නිර්මාණය කල "ඇසිමෝ" රොබෝවයි. වසර 2000දී හඳුන්වාදුන් මෙම රොබෝවාට කිසිදු බාහිර ආධාරක හෝ වයර සම්බන්ධතාවයක් නොමැතිව මිනිසෙකු මෙන් සමබරව ඇවිදීමේ හැකියාව තිබුණි. එකල එය රෝබෝ තාක්ශණයේ විප්ලවීය වර්ධනයක් ලෙස සැළකුනු අතර ලොව පුරා රොබෝ විද්‍යාගාර ඇසිමෝ රොබෝවා අණුකරණය කල හැකි හෝ ඊටත් වඩා වැඩිදියුණු හැකියාවන් ඇති රොබෝවන් නිර්මාණය කරන්නට ගත්තේය.

හොන්ඩා සමාගමේ ඇසිමෝ රොබෝවා
අමෙරිකාවෙ බොස්ටන් ඩයිනැමික්ස් සමාගම නිපදවා ඇති "පෙට්මෑන්" දැනට නිර්මාණය කොට ඇති මිනිසෙකු මෙන් ඇවිදීමට, දිවීමට, බාධක උඩින් පැනයාමට හා මෙනිසෙකු මෙන් ඇණතබාගෙන සිටීමට හැකියාව ඇත. පෙට්මෑන් දැනට මානවරූපී රොබෝවන් අතරින් ඉහලම සංචරණ හැකියාව ඇති රොබෝවෙකි.

පඩි නගින පෙට්මෑන්
අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අනාගත රොබෝ හමුදා සැළසුම් වෙනුවෙන් නිර්මාණය කරමින් ඇති පෙට්මෑන් වේගවත්ම දෙපා රොබෝවා ලෙසද සැළකේ.


~ / ~



රොබෝවා : චීටා
නිර්මාණය : බොස්ටන් ඩයිනැමික්ස් සමාගම, එක්සත් ජනපදය
අනුකරණය : බිළාලයින්ගේ සිවුපා සංචරණය

බිළාල වර්ගයේ සතුට්න්ගේ වේගවත් දිවයාම මෙන්ම ඉතා මෘදු ඇවිදීමේ ලතාව අනුකරණය කිරීම සඳහා නිපදවා ඇති රොබෝවකි. චීටා රොබෝවාට දැනට පැයට සැතපු 18ක (21 KMpH) පමණ වේගයකින් දිවයා හැකිය.

~ / ~



රොබෝවා : කෘතිම බුද්ධියෙන් යුතු මත්සයා
නිර්මාණය : යුරෝපයේ SHOAL පර්යේශණ ආයතනය
අනුකරණය : මත්සයින්ගේ පිහිණීම

යුරෝපා සංගමයේ ආධාර මත ශෝල් නම් පර්යේශණාගාරයේ නිපැදවෙන මෙම රොබෝ මාළුවා කෘතිම බුද්ධි පරිගණක වැඩසටහනකින් මෙහෙයවෙන අතර මාළුවෙකුමෙන් නිදහසේ පිහිනායා හැකි ලෙස නිමැවී තිබෙනවා. මෙම රොබෝ මත්සයා නිර්මාණය කොට ඇත්තේ මුහුදේ පිහිනා යමින් පරිසර දූශණය පිලිබඳ දත්ත එකතුකිරීමටයි. මුහුදේ විවිධ ස්ථානවල උශ්ණත්වය, ලවණතාවය, මුහුදු ජලයේ ඇති විවිධ රාසායනික ද්‍රව්‍ය පිලිබඳ දත්ත එකතු කිරීමට මෙයට හැකියාව තිබෙනවා. වරකට පැය 8ක් ජලයේ ගතකල හැකි මෙය මෑතකදී යුරෝපීය මුහුදක සාර්ථකව අතහදාබලා තිබෙනවා.

මුහුදේ පරිසරදූශණය පිලිබඳ දත්ත එකතුකරන්නට දැනට යොදාගන්නා කිමිදුම්කරුවන්ට හා කුඩා සබ්මැරීනවලට වඩා ඉතා ලාභදායි ලෙස මෙම මත්සයා යොදාගත හැකි බව පැවසෙනවා.

~ / ~

රොබෝවා : රොබෝ කුරුළ්ලා
නිර්මාණය : ඉලිනෝයි විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදය
අනුකරණය : කුරුළ්ලෙකු මෙන් තටුගසා පියාසරකිරීම


තටුගසා පියාසරකල හැකි, නිවැරදි ලෙස කුරුළ්ලෙකු මෙන් පියසර දිශාව වෙනස්කල හැකි මෙම රොබෝ කුරුළ්ලා නිර්මාණයේ අරමුණ දැනට පියාසර රොබෝවන් භාවිතාකරන අවරපෙති වෙනුවට, ඊට වඩා කාර්යක්ශම හා සුචල්‍ය ලෙස පියාසරකල හැකි රොබෝ පියාසර යානයක් නිර්මාණය කිරීමයි.

~ / ~



රොබෝවා : TBCP - 11
නිර්මාණය : සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලය, කැනඩාව
අනුකරණය : හූනෙකු මෙන් බිත්ති නැගීම අණුකරණය කරයි


හූනෙකුගේ පාදවල ඇති චූශක අනුකරණය කරමින් නිපදවා ඇති මෙම රොබෝවාට පහසුවෙන් බිත්තියක් දිගේ නැගීම හෝ බැසීම කල හැකියි. මෙවැනි රොබෝවෙකු අභ්‍යවකාශ යානාවල හා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල පිටත පෘශ්ඨයේ හානි පරීක්ශා කිරීමට හා අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා භාවිතාකල හැකියි.

2003 වසරේදී නාසා ආයතනයේ කොලොම්බියා අභ්‍යවකාශ ශටලය පෘථිවියට ගොඩබසිද්දී විනාශවී ගියේ එහි තාපභාදකයට වූ වීශාල හානිය නිසා යානය අධික ලෙස රත්වීමෙනි. තාප බාධකයට වී ඇති හානිය කොතරම්දැයි සොයාගත හැකි ක්‍රමයක් ගගනගාම්නීන්ට හෝ පාලන මැදිරියට නොතිබූ අතර අනුමාන කලාට වඩා හානිය අධිකවී තිබූ නිසා ශටල් යානය හා ගගනගාමීන් සත් දෙනෙකුගේ ජීවිත විනාශවූවා. අනාගතයේ මෙවැනි හානි පරීක්ශාකොට පිලියම් යෙදීමට මෙවැනි රොබෝවන් භාවිතා කල හැකි බව පැවසෙනවා.


~ / ~


රොබෝවා : අන්කල් සෑම්
නිර්මාණය : කානෙගී මෙලන් විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදය
අනුකරණය : සර්පයෙකුගේ බඩගායාම අනුකරණය කරයි.



සර්පයෙකු මෙන් බඩගෑම, පිහිණීම හා ගස් නැගීම කල හැකි අන්කල් සෑම් රොබෝ සර්පයා, සර්ප මාදිලියේ රොබෝවන් අතරින් වැඩිම හැකියාවක් ඇති රොබෝවෙක් වනවා.

මෙවැනි රොබෝවන් දැනටමත් විශේෂ බළකායන් මගින් සතුරු බළකොටුවල ඔත්තු බැලීම සඳහා යොදාගන්නා අතර  වීඩියෝ කැමරාවලින් සන්නද්ධ එම රොබෝ සරොපයින් කුඩා හිඩැසක් තුලින් බඩගාගෙන ගොස් සතුරන් එක් රැස් වීසිටිනා ස්ථානවල වීඩියෝ දර්ශණ එවනවා.

එමෙන්ම, භූමි කම්පා වැනි ස්වාභාවික විපත් වලදී ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින්නන් සොයා ගැනීම සඳද න්‍යශ්ඨික බලාගාර හා විශරසායණික කර්මාණ්තශාලාවල නඩත්තු කටයුතු සඳහාද මෙම රොබෝ උරගයින් යොදාගත හැකි බව පැවසෙනවා.







Related Posts Plugin for WordPress, Blogger...