අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HTC ස්මාර්ට්ෆෝන් තාක්ශණයෙන් නිමැවෙන නාසා ආයතනයේ අලුත්ම නැනෝ චන්ද්‍රිකා

නැනෝ සැටලයිට් හෙවත් ප්‍රමාණයෙන් ඉතා කුඩා චන්ද්‍රිකා නිර්මාණය චන්ද්‍රිකා තාක්ශණයේ නවතම පිම්ම ලෙස අභ්‍යවකාශ විද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන විද්වතුන් පවසනවා. නාසා ආයතනය මෙම නැනෝ චන්ද්‍රිකා තාක්ශණයට නව නැම්මක් එකතුකරමින්, වෙලඳපොලේ මිලදීගැනීමට හැකි ස්මාර්ට්ෆෝන් මාදිලියේ ජංගම දුරකථනයක් ඇසුරින් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කරමින් පවතිනවා. ස්මාර්ට්ෆෝන් තාක්ශණයේ ඉහල අදියරක සිටිනා තායිවානයේ HTC සමාගමේ ස්මාර්ට්ෆෝනයක් ඇසුරින් නිමැවෙන මෙම චන්ද්‍රිකාව ෆෝන්-සැට් ලෙස නම් කොට ඇති බව Popular Science (POPSCI) සඟරාව පවසනවා.

නාසා ආයතනය මෙලෙස වානිජ ජංගම දුරකථන තාක්ශණය ඇසුරින් චන්ද්‍රිකා නිර්මාණය කිරීම ආරම්භ කොට ඇත්තේ ඉතා අඩු වියදමකින්, එමෙන්ම නවතම තාක්ශණයෙන් සපිරි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙම උපායමාර්ගය අනුව හැකිවන බැවිනුයි. නාසා ආයතනය පවසන ආකාරයට බොහෝ ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනවල ඇති තාක්ශණය අමෙරිකාවේ සිලිකන් නිම්නයේ සමාගම් මගින් නිර්මාණය කරන ලද තාක්ශණයන්. නාසා ආයතනය මෙම තාක්ශණයන් තමන්ගේම විද්‍යාගාරවල ප්‍රතිනිර්මාණය කරනවානම් ඒ සඳහා ඩොලර් මිලියන ගණනින් ආයෝජන කලයුතු අතර ඒ සඳහා විශාල කාලයක්ද වැයවෙනවා. එවැනි කරදරකාරී උපායමාර්ගයකට වඩා සති කිහිපයකට වරක් අලුත්වන නවතම ස්මාර්ට්ෆෝන් තාක්ශණය යොදා ගැනීම වඩාත් වාසිදායකයි.

නාසා විද්‍යාඥයින් පවසන අන්දමට ස්මාර්ට්ෆෝන් තාක්ශණය අඩුමිල, අධිතාක්ශණික චන්ද්‍රිකා සඳහා ඉතාමත්ම සුදුසු වන්නේ පහත සඳහන් තාක්ශණික වාසි දැනටමත් මෙම ස්මාර්ට්ෆෝන් සතුව ඇති බැවිනි. ඒවා නම්;

. කුඩා, එහෙත් ප්‍රභල ප්‍රොසෙසර් මගින් බලගැන්වීම
. ඇන්ඩ්‍රොයිඩ් වැනි නිදහස්, මිළ රහිත මෙහෙයුම් පද්ධති ඇසුරින් ක්‍රියාත්මක වීම
. GPS තාක්ශණය අඩංගුකොට නිපදවා තිබීම
. ෆෝනය හැරවී ඇති දිශාව දැනගත හැකි සෙන්සර් (orientation sensors) අඩංගු කොට තිබීම
. අධි-විබේධන කැමරාවක් අඩංගු වීම
. ඉතා කුඩා, සැහැල්ලු බැටරි මගින් දීර්ඝකාලයක් ක්‍රියාත්මක වීමට හැකිවීම 

යන, චන්ද්‍රිකාවකට වැදගත් ගුණාංග මෙම ජංගම දුරකථන සතුවීම නිසයි. දැනට මෙවැනි ස්මාර්ට්ෆෝන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිමවා ඇති අතර, ඉන් දෙකක් PhoneSat Ver. 1.0 ලෙසද, අනෙක PhoneSat Ver. 2.0ලෙසද හඳුන්වා තිබෙනවා.  PhoneSat Ver. 1.0 චන්ද්‍රිකා දෙක HTC Nexus One ස්මාර්ට්ෆෝනය ඇසුරින් නිමවා තිබෙන ඇති අතර, PhoneSat Ver. 2.0 චන්ද්‍රිකාව Google Nexus S මාදිලිය ඇසුරින් නිමවා තිබෙනවා. PhoneSat Ver. 1.0 මුලින්ම උඩු ගුවනට යැවීමට බලාපොරොත්තු වන අතර, එහි සාර්ථකත්වය මත Ver. 2.0 උඩුගුවනට යැවීමට බලාපොරොත්තු වන අතර මේ වසරතුලදී මේවා උඩුගුවනට යැවෙනු ඇති.









Comments

Post a Comment