අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Remember Me : 2013 වසරේ එලිදකින අලුත්ම තාලේ පරිගණක ක්‍රීඩාව


වර්ශය කි.ව. 2084ය. අද, අප අපගේ අදහස් ස්මාට්ෆෝන්, පරිගණක වැනි මෙවලම් භාවිතයෙන් ක්ෂණිකව බෙදාහදා ගන්නාක් මෙන් අනාගතයේදී තාක්ශණික මෙවලම් උපයෝගීකරගෙන අපගේ මතකයන් හා අත්දැකීම් එලෙසින්ම බෙදාහදා ගත හැකි යුගයකි. මේ තාක්ශණයට මතකයන් හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම ඒවා වෙනස්කිරීමද, මකාදැමීමද කල හැකිය. මතකයන් හා අත්දැකීම් විකිණීමේ කළුකඩ වෙළඳාමක්ද මේ තාක්ශණය හරහා බිහිවී ඇත. එබැවින් මෙම තාක්ශණයේ හිමිකරුවන් ඉතා බලවත්වී ඇති අතර මෙම තාක්ශණය රාජ්‍ය පාළකයින් හට සිය පුරවැසියන් පාළණය කිරීම සඳහා මහඟු අවස්ථාවක් ලබාදී ඇත. මතකයන් වෙනස් කිරීමෙන් පුරවැසියන් පාළණය කිරීමේ හැකියාව තුලින් යුරෝපයේ රටවල් ආඥාදායකයක පාලනයකට ගොදුරුවී ඇත......

කතානායිකාව වන නිලින් (Nilin) අතිදක්ශ චෞරයෙකු වන අතර ඇය අනුන්ගේ සිතිවිලි සොරාගැනීමේ හා වෙනස්කිරීමේ විශිෂ්ඨ හැකියාවක් ඇත්තියකි. ඒ අනුව අනෙකුන් පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇයට හිමිවී ඇත. සිතුවිලි හුවමාරු තාක්ශණයේ නිර්මාපකයා වන Memoreyes සමාගමේ ඒජන්තවරියක් වන ඇය යම් හේතුවක් නිසා සිය සේවාදායකයා සමග විසරකවේ.

2084 වසරේදී ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වී ඇති ප්‍රංශයේ අගනුවර වන නව-පැරීසියේ දිගහැරෙන මෙම කථාවස්තුව ආරම්භවන්නේ පැරීසියේ කුප්‍රකට බැස්ටීල සිරගෙදරිනි. සේවාදායකයා සමග විරසක වන නිලින්ගේ මතකය මකාදමා ඇති අතර ඇය බොරු චෝදනා මත සිරකොට ඇත. නිලින්ගේ චරිතයට පණපොවන ක්‍රීඩකයා ඇයට බැස්ටීලයෙන් පැන ගොස් සිය මතකය ආපසු ලබාගෙන ඇයගේ මතකය මකාදැමුනු හේතුව සොයාගැනීමට උපකාරී විය යුතුය.

Name : Remember Me
Genre : Third-person, stealth, action-adventure
Platforms : Playstation 3, XBoX 360, MS Windows
Game Publisher : Capcom
Announced : Gamecon Expo 2012
Release Date : May 2013
Developer : Dontnod Entertainment

"Nili, the memory hunter" : Screen-shots from "Remember Me" (C) Dontnod Entertainment






Paris in 2084 : Screen-shots from "Remember Me" (C) Dontnod Entertainment







Comments