කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය නිරුපද්‍රිතව අඟහරුමතට ගොඩබසී - ප්‍රථම ඡායාරූප මෙහෙයුම් මැදිරියට ලැබේ!

කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය


කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරයේ රෝදයක කොටසක් පෙන්වන මෙම ඡායාරූපය, යානය නිවැරදිලෙස අඟහරු පෘශ්ඨය මත ස්ථානගතවී ඇති බව තහවුරු කරයි.

අඟහරු මත වැටී ඇති රොබෝ විද්‍යාගාරයේ සෙවනැල්ල - මෙයද යානය නිවැරදි ලෙස ගොඩබැස ඇති බවට සාක්ශි සපයයි.
2011 නොවැම්බර් මස 26වැනි දින කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනලද අඟහරු විද්‍යාගාරය සහිත අඟහරු යානය අට මසකට වැඩිකාලයක්න් තුල කිලෝමීටර් මිලියන 567ක දුරක් මග ගෙවා අද (අගෝ. 6 සඳුදා) සැළසුම් කල පරිදිම අඟහරුවා මතුපිට ඇති "ගේල්" නම් විශාල ආවාටයේ පතුලට ස්වයංක්‍රීයව ගොඩබසින ලදී. 

ගොඩබැසීමෙන් අනතුරුව කිව්රියෝසිටි රොබෝ යානයේ පරිගණකය මගින් යානයේ කැමරාවකින් ගන්නා ලද කළු-සුදු ඡායාරූප තුනක් නාසා පාළන මැදිරිය වෙත එවන ලදී. මෙම ඡායාරූප නාසා පාලන මැදිරියේ විශාල වීඩියෝ තිරය මත දර්ශණයවන විට කිව්රියෝසිටි යානයෙන් තොරතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් සිටි නාසා පාළන මැදිරියේ විද්‍යාඥනයින් හා ඉන්ජිනේරුවන් සතුටින් ඉපිලෙමින් ඔල්වරසන් දෙන්නට වූහ.

සතුටින් ඔල්වරසන් දෙන නාසා පාළන මැදිරියේ නිළධාරීන්
ඩොලර් බිලියන 2.5ක පිරිවැයකින් නිර්මාණය කරන ලද කිව් රියෝසිටි රොබෝ විද්‍යාගාරය ටොන් 1ක් බරැති අතර නාසා ආයතනය විසින් වෙනත් ග්‍රහලොවක් වෙත යවන ලද විශාලතම ගවේශණ යානයවේ. 


වෙනත් යානාවලට වඩා බරින් වැඩි බැවින් යානාව නිරුපද්‍රිතව ගොඩබස්වාගැනීමට "ස්කයි ක්‍රේන්" නම් නවතම ගොඩබැස්වීමේ උපක්‍රමයක් නිර්මාණය කරන ලද අතර එම උපක්‍රමය සාර්ථක වූ බවත්, යානය නිරුපද්‍රිතව අඟහරුමත ස්ථානගතවී ඇති බව යානයෙන් එවන ලද මුල් ඡායාරූප අධ්‍යයනය කල නාසා විද්‍යාඥයින් පවසයි.

කිව්රියෝසිටි විද්‍යාගාරයේ ක්‍රියාකාරිත්වය හා ස්කයි ක්‍රේන් උපක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය දැනගැනීමට අපගේ 


 ලිපි කියවන්න.



Comments

  1. නියමයි.....දිගටම ලියමු මචන්

    ReplyDelete
  2. මේ නිව්ස්එක ඉක්මනින්ම දීමගැන සතුටුයි

    ReplyDelete
  3. හිතවත,
    ඔබගේ ලිපියෙන් කොටසක් අප විසින් උපුටා ගන්නා ලදී. එය ඉවත් කිරීමට අවශ්‍යනම් කරුණාකර ඊමේල් ලිපිනය මගින් දැනුම් දෙන්න. එය පල කරන ලද වෙබ් ලිපිනය. http://www.hotpuwath.com/2012/08/blog-post_4297.html#more

    ReplyDelete

Post a Comment