අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සඳ මත පා සටහන් තැබූ පලමුවැනි මිනිසා, නීල් ආම්ස්ට්‍රෝං ලොවින් සමුගනී....


1969 ජූලි 20 වැනිදා, ලොව ජනගහනයෙන් බිලියන භාගයක් රූපවාහිනී තිරවලින් නෙත් අයා බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝං, සඳමත පා සටහන් තබමින්, මිනිස් වර්ගයා සිය කැදැල්ල වූ පෘථිවියෙන් ඉවතට පියඹා ගිය බව මුලුමහත් ලෝකයටම පමණක් නොව, විශ්වයටම හඬගා කීවේ, "මෙය මිනිසෙකුට කුඩා පියවරක් වුවද, මිනිස් සංහතියටම යෝධ පිම්මකි...." යන වදන් රේඩියෝ තරංග හරහා අවකාශයට මුසු කරමිනි.

82වැනි වියේ පසුවූ මේ වික්‍රමාන්විත මිනිසා ඊයේ (25), මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් සංවේගයෙන් දැනුම් දී තිබේ. මීට තුන් මසකට පෙර බයි පාස් සැත්කමකට බඳුන් කරන ලද ආම්ස්ට්‍රෝං, එමගින් ඇතිවුනු සංකූලතා හේතුවෙන් මියගිය බව පැවසේ.


ගගනගාමියෙකු වීමට පෙර අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක ජෙට් නියමුවෙකු වුනු ආම්ස්ට්‍රෝං, ඉන්පසු නාවික හමුදාවෙන් ඉවත්ව පර්ඩියු විශ්වවිද්‍යාලයෙන් ගගන- ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් දිනාගත්තේය.

උපාධිය අවසන් කිරීමෙන් පසු, නාසා ආයතනයේ පූරෝගාමී ආයතනය වූ NACA ආයතනයේ පරීක්ශණ ගුවන් නියමුවෙකු (test pilot) ලෙස රොකට් බලයෙන් ක්‍රියාත්මකවන අධිවේගී ගුවන්යානා නියමුවෙකු ලෙස ක්‍රියා කරමින් පියාසර පැය දහස්ගණනක් සිය සේවා වාර්තාවට එක්ක්කර ගත්තේය. ආම්ස්ට්‍රෝං සිදුකල වඩාත්ම සුප්‍රසිද්ධ රොකට් ගුවන් පියාසැරිය වන්නේ 1962 සැප්තැම්බරයේ X-15 රොකට් ගුවන් යානයකින් සිදුකට අධිවේගී පියාසැරියයි. පැයට කිලෝමීටර් 3200ක වේගයකින් සිදුවුනු මේ පියාසැරියේදී ආම්ස්ට්‍රෝං සිය X-15 ගුවන් යානය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 63ක් ඉහලට ගෙනගියේ නව වාර්තාවක්ද තබමිනි.

ඇපලෝ 11 පියාසැරියෙන් සඳමත ගොඩබැසීමට පෙර ආම්ස්ට්‍රෝං ජෙමිනි 8 හා ජෙමිනි 11 පියාසැරි වලින් පෘථිවිය වටා කක්ශගත වී, සඳගමනට අවශ්‍ය විවිධ පර්යේශණ ගණනාවක් හා තාක්ශණික අත්හදා බැලීම් ගණනාවක් සිදුකලේය.

Comments

  1. Good Buy! Neil Armstrong the Great.
    Thanks for what you have done, you have inspired generations and generations to come.
    Still beyond my imaginations.

    (One of my friends was dreaming to meet him, while he was a kid, some years ago he realized his dream)

    http://dayal-bathee.blogspot.com.au/2012/08/but-never-stop-dreaming.html

    ReplyDelete

Post a Comment