අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අඟහරු ලොවට හිරු තැටියක් ගෙනගිය කිව්රියෝසිටි රෝවරය අඟහරු පොලොව මත මෝර්ස් සංඥා සටහන් කරයි!

මේවන විට අඟහරු වෙත ගොඩබට කිව්රියෝසිටි රෝවරය ගැන ඔබ බොහෝදේ දනී. අපගේ වෙබ් අඩවියෙන් මෙන්ම, විවිධ පුවත්පත්වලද වෛවර්ණ පිටු පුරාවට කිව්රියෝසිටි රෝවරයේ තාක්ශණික තොරතුරු හා එයින් සිදුකිරීමට බලාපොරොත්තුවන ගවේශණ පිලිබඳව ඔබ කියවන්නට ඇත.

එහෙත්, නාසා ආයතනය එතරම් ප්‍රසිද්ධියක් නොදුන්, පුවත්පත්වල වාර්තා නොවුනු තවත් විස්මිත රහස් ගණනාවක් කිව්රියෝසිටි අඟහරු ලොවට රැගෙන ගොස් ඇතැයි පැවසෙන අතර රෝවරයේ සැඟවුනු තොරතුරු කිහිපයක් විද්‍යා ගවේශණ වෙත වාර්තාවී ඇත.....

අඟහරුලොව හිරු තැටිය

රෝවරය නිර්මාණය කල නාසා අධිතාක්ශණික ගීකයින් (high-tech geeks) රෝවරයට සුපිරි තාක්ශණික උපකරණ ලබාදුන්නා මෙන්ම, වසර දහස්ගණනක් පැරණි තාක්ශණයක්ද ලබාදී තිබෙනවා. ඒ යාන්ත්‍රික ඔරලෝසුව නිපදවීමට පෙර පැරැණ්නන් වෙලාව දැනගත් හිරු තැටියක් අඟහරු ලොවට යවමින්.




මෙම හිරුතැටිය යැවීමේ අරමුණු කිහිපයක් තිබෙන බව නාසා ආයතනය පවසනවා. මෙයින් ඉතා වැදගත් අරමුණක් වන්නේ රෝවරයට සාපේක්ශව අඟහරු අහසේ හිරු තිබෙන ස්ථානය හිරු තැටියට වැටෙන සෙවනැල්ලේ පිහිටීමෙන් දැන ගත හැකිවීමයි. මීට අමතරව අඟරුවාගේ විෂුවය (equinox) හා සූර්ය නිවෘත්තිය (solstice) සිදුවීමට කොපමණ කල් ඇතිදැයි  දැනගැනීමද මෙය උපකාරීවේ.

කිව්රියෝසිටි හිරුතැටියේ රූපසටහනක්
මීට අමතරව රෝවරයේ කුඹයේ සවිකොට ඇති ප්‍රධාන කැමරා (MastCam) වල වර්ණ ක්‍රමාංකණය කිරීමටද (Colour Calibration ) මෙම හිරු තැටියේ සිවු කොන සවිකොට ඇති වර්ණ සතරක තීරු උපකාරී වෙනවා. යම් කාලාන්තර තුලදී මෙම වර්ණ තීරු වෙත කැමරා එල්ල කිරීමෙන්, කැමරාවෙන් ලැබෙන ඡායාරූප අඟහරුවාගේ නියම වර්ණ බවට තහවුරු කරගැනීමට උපකාරී වනවා.

අඟහරු පොලොව මත මෝර්ස් සංඥා සටහන් කරන රෝවරයේ රෝද

රෝවරය නිර්මාණය කල නාසා ගීකයින්ගේ තවත් අපූර්ව සිතුවිල්ලක් නම් රෝවරයේ රෝද අඟහරු පෘශ්ඨය මත සටහන් කරන රෝද සටහන් වල රෝවරයේ නිර්මාපකයා වන JPL ආයතනයේ නම, මෝර්ස් සංඥා ක්‍රමයට අඟහරු පොලොව මත සටහන් වන ආකාරයට එහි රෝදවල කැපුම් නිර්මාණය කිරීමයි.

මෝර්ස් සංඥා ක්‍රමය යනු තිතක් ( ඩොට් . ) හා ඉරක් (ඩෑශ් - ) ආකාරයට ඉන්ග්‍රීසි හෝඩියේ අකුරු සියල්ලම සටහන් කල හැකි සංඥා ක්‍රමයකි. මෙය අතීතයේ රේඩියෝ පණිවුඩ හුවමාරු සඳහා බෙහෙවින් යොදාගන්නා ලද අතර අද පවා හමුදා රේඩියෝ පණිවුඩකරුවන් හා නාවිකයින් ප්‍රගුණ කරන්නකි.


JPL අකුරු තුන මෝර්ස් සංඥා ක්‍රමයට සටහන් වන්නේ;

J > .---
P > .--.
L> .-..

ජේ.පී.එල් අකුරු තුන රෝවරයේ රෝද සටහන් අතර අඟහරු පෘශ්ඨයේ සළකුණු වී ඇති ආකාරය
  

රෝවරයේ විවිධ ස්ථානවල සටහන් වී ඇති ස්මාර්ට් ෆෝන් සඳහා දත්ත ලබාදෙන QR Code

රෝවරයේ විවිධ උපාංගවල ඡයාරූප නිරීක්ශණය කරන ඔබට පහත ඡායාරූපයේ ඇති ආකාරයට QR Code රූපසටහන් සළකුණු කර තිබෙනු දකින්නට ලැබී ඇත. නාසා ආයතනය සඳහන් කරන ආකාරයට මෙම QR Code මගින් ඉදිරි දිනවලදී දිනවලදී රෝවරයේ ගවේශණ පිලිබඳව තොරතුරු මහජනයා වෙත ක්ශණිකව ලබාගත හැකිවනු ඇත.


නාසා ආයතනය පවසන අන්දමට තවමත් මෙම කිව්.ආර් කේත ක්‍රියාත්මක නොවන අතර ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේ. එවිට ඔබගේ ස්මාර්ට් ෆෝනය මගින් මෙම එකක ඡායාරූපයක් ගෙන ඔබටම මෙය අත්හදා බැලිය හැකිය.

Fiduciary Markers


රෝවරයේ විවිධ උපාංගවල ඡායාරූප අතර රූපයේ පෙනෙන ආකාරයේ අමුතු සළකුණු ඔබ නිරීක්ශණය කරන්නට ඇත. ෆිඩුශියරි මාකර්ස් හෙවත් විශ්වාසය තහවුරු කරන සළකුණු යනුවෙන් නම් කොට ඇති මෙම සළකුණු, නාසා ඉන්ජිනේරුවන් පවසන ආකාරයට කැමරා ඇතුළු විවිධ උපාංග චලනය වී ඇති ප්‍රමාණය පිලිබඳව දත්ත ලබාදෙයි.

උදාහරණයක් ලෙස කැමරාවෙන් රෝවරයේ ඡායාරූපයක් ගන්නා විට මෙම සලකුණු පිහිටන ස්ථාන අනුව කැමරාව අංශක කීයක් භ්‍රමණය වී ඇත් දැයි දැන ගත හැකි බව පැවසේ. මෙම මිනුම් කැමරාවේ ඇකියුටේටර් (ඇකියුටෙටර් - යමක් කරකැවීමට අවශ්‍ය මෝටරය හෝ හයිඩ්‍රොලික් උපාංග අඩංගු කොටස) මගින් එවන දත්ත සමග සසඳා අවශ්‍ය නම් කැමරාවේ ඇකියුටේටර් ක්‍රමාංකණය කිරීම මගින් කැමරාවේ බ්‍රමණය මිලිමීටර් ගණනාවකට සීරුමාරුකර ගත හැකි බව පැවසේ.






Comments

  1. නියමයි......

    ReplyDelete
  2. හ්ම් ‍ගොඩක් හොද ලිපියක්. මේ සූර්යාගේ අවසානය දකින තුරු පෟතිවියෙයි අඟහරු වලයි ජීවය වරින් වරට ඇතිවෙයිද මන්ද. විශාල විනාශ වලින් අවසානයක් දකිනා නිසා මේ හැම ග්‍රහ‍ලෝකයකම පස්යට නටඹුන් ඇති.

    ReplyDelete
  3. හරිම අපූරුයි !!.. උඩුගුවනට ගෙනියන්නේ අතිශයින්ම අවශ්ය දේවල් පමනයි නේද? . කල්පනා කරලා බලන්න 'හිරු තැටිය; කොච්චර සරළ උපකරණයක් ද? ඒත් එකෙන් ගන්න පුලුවං වැඩ කන්දරාව. කෙතරම් සංකීර්ණ ගණනය කිරිම් එමඟින් කලහැකිද නේද? .සමහර වේලාවකට හිතෙනවා ඒකත් පිටසක්වල උපකරණයක්ද? කියලා...

    ReplyDelete

Post a Comment