බුදුන්වහන්සේ දමනය කළ ආලවකයා පිටසක්වලයෙකුද?
























දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.

"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.

"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.

"මහණ මෙහි එව"

බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී

"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.

"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.

"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.

මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........

ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...


කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ

සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.

ආලවකයා යනු කවරෙක් වියහැකිද?

ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?

ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.

බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...

එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?

ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...

එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.

එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?



බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;

1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]
2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]

අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය. 

ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ  ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන.  මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.

ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (celestial ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?



ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.

Comments

  1. වැදගත් තර්කයක් සමාජයේ කතා බහට ලක්වෙන්න ඕනේ පැනයක් බුද්දිමතුන් අතර පමණක්

    ReplyDelete
  2. බෞද්ධ දර්ශනය, බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය එකිනෙක පටලවා නොගත යුතුය. වසර 2500කට එපිට ලක්දිව බුදුන් දවස විසුවේ අර්ධ මානව වර්ගයක් නොව පිරිපුන් මිනිසුන්ය. බුදු රදුන් යකුන් ගිරි දිවයිනකට එලවූ කතාව මම පිළිනොගනිමි. එමෙන්ම ආලවකයා යනු ධනවත් බලවත් මිනිසෙක් (ඔහු යක්ෂ ගෝත්‍රිකයෙක් විය හැක)බව සිතමි.

    ReplyDelete
    Replies
    1. මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ තර්කයක් පමණකි. ආලවක යනු ධනවත්, බලවත් මනුශ්‍යයෙකු නම් ඒ බව බෞද්ධ සාහිත්‍යයේ තිබිය යුතුය. උදාහරණයක් ලෙස දරුණු මිනීමරුවෙකු වුනු අංගුලිමාල එසේ වුනේ ඇයිදැයි බෞද්ධ සාහිත්‍යය පැහැදිලිව පවසයි. එහෙත් ධනවත් වූත්, බලවත් වූත් ආලවක මානවයා මිනීමස් කන්නෙක් බවට පත්වූයේ ඇයි දැයි එලෙස විස්තර නොවෙයි. මා තර්කය ගොඩ නැගුවේ ඒ ඇසුරිනි. මාගේ තර්කය අනුව අමනුෂ්‍යයෙකු වූ ආලවක, අතිශය බුද්ධිමත් ජීවියෙකු බව පැහැදිලි බැවින් ඔහු පිටසක්වලයෙකු වන්නට නොහැකිදැයි ප්‍රශ්ණකරමි

      Delete
  3. nee..... meeka bohoma moda tharkayak...
    dekmak nethi nikan adhahasak pamani..

    ReplyDelete
    Replies
    1. meeka bohoma moda tharkayak...dekmak nethi nikan adhahasak pamani.....

      ඔබ නොපිලිගන්නා බැවින් තර්කයක් මෝඩ යයි නොකියන්න. එයට ඔබ එකඟ නැතිනම්, එය බිඳහෙලීමට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ අදහස් වලට ඉඩදෙන්නට මේ අඩවියේ ඉඩ වෙන්කිරීමට මා සූදානම්........


      Delete
  4. හොඳ තර්කයක්.. නොවෙන්න බැරි කමකුත් නෑ.. ඒත් මේ අලවක යක්ශයා සිටියේ කොහිද ? බුදුන් ඔහුගේ විමනට වැඩි බව සඳහන් වෙනවා. බුදුන්ට ඕනැම තැනකට වැඩිය හැකි නිසා මෙතනදි බුදුන් ආලවකයාට පිටසක්වලයෙක් වුවා වෙන්ඩ බැරිද ?

    ReplyDelete
  5. මාතෘකාවම වැදගත් නැති.
    යකාගේ පරම්පරාව ගැන හොයන වෙලේ ධර්මයක් ගැන හෙව්වනම්?

    ReplyDelete
    Replies
    1. ධර්ම ගවේෂණය සඳහා ඕනෑ තරම් වෙබ් අඩවි, පොත් පත් සඟරා ඇත. ලංකාවේ අප තරම් බණ අහන, බණ කියන එහෙත් බණ නොපිලිපදින ජාතියක් ලොව වෙනත් නැත.

      මාගේ අරමුණ ධර්ම ප්‍රචාරණය නොව, අලුතින් හිතන්නට යමක් පාඨකයින්ට ඉදිරිපත් කිරීමයි. එකඟවීම හෝ නොවීම පාඨකයින් සතුය...

      Delete
  6. ane machan oya wage katha kiyanna epa ban .
    ara raawanek allan dagalana eka anika..
    soothra pitakayema thiyenawa dawasak kenek budungen ahaddi
    epa kiwwalu ehema hoyanna mokada un wahanseth kalin athmeka
    irdi bala thiyena upasaka mahaththayek wela wishwaye kelawara hoyan yanna
    patan gaththalu. eka nimetshikin chakarawaata hena gaanaka
    yanna puluwan tharam balayak thibbalu..
    eth mulu jeewitha kalema gihin marunalu..
    eth kelawarak hoyanna hambela naha..
    ehemama brahma loke uppathiya labala...

    ReplyDelete
    Replies
    1. රාවණය කුජීත බවට පත්කලේ මීවනපලාන උන්නැහේගේ වරිගපූර්ණිකාවයි. සියලු යථාර්තයන්ගෙන් වියුක්තව ලියන වර්ගපූර්ණිකාව හා රන්දිව වැනි පුවත්පත්වල පලවන රාවණ ප්‍රබන්ධ නිසා දැන් රාවණවත් උමතු විහිලුවක් වී ඇත.

      මා ගොඩනගන තර්කය වර්ගපූර්ණිකාවේ මනස්ගාතවලට සමාන නොකරන මෙන් ඉල්ලමි.

      Delete
  7. ටිකක් අමුතු අදහසක්..ඒත් පට්ට සීන් එකක් තියෙන්නෙ...මම නම් බෞද්ධ නෙමෙයි.ඒත් " ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි.පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය. " " 100% ඇත්ත.ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.ජය..

    ReplyDelete
  8. මට ආව ප්‍රශ්නයක්... අපි නිකමට හිතමු ආලවක කියන්නේ පිටසක්වල හෝ අපි දන්න විදියේ මිනිස් නොවන කෙනෙක් කියල.. ඒක එහෙම නම් බුදුන් වහන්සේ සිටියේ මීට අවුරුදු 2500කට කලින් නේ.. අවුරුදු 2500කට කලින් මිනිසුන් එක්ක සම්බන්ධ වෙච්ච ඔය පිටසක්වලයින් ඇයි දැන් කිසිම සම්බන්ධ කමක් නැත්තේ? අවුරුදු 2500ක් කියන්නේ විශ්වයට සාපේක්ෂව හෙනම පොඩි කාලයක් නේ...

    අනිත් එක තමයි ඔය දෙවිවරු හරි නැත්නම් වෙනත් මිනිස් නොවන යැයි සැළකෙන ජීවි කොට්ටාශ ඇයි දැන් ඉස්සර වගේ මිනිස්සු එක්ක සම්බන්ධ කම් නැත්තේ? මිනිස්සු නරක නිසා කියන එක මෝඩ කතාවක්.. ඔය බුද්ධ කාලේත් දැන් ඉන්නවට වඩා හපන් අයියල ඉඳල තියෙනවනේ.. යුද්ධ කෝලාහලත් ඕනේ තරම් තියෙන්න ඇති..

    මට හිතෙන්නේ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට සාපේක්ෂව දැන් ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ඉහළයි කියල.. ඉතින් ඇයි ඔය කියන අය දැන් මේ මිනිස්සු එක්ක කිසිම සම්බන්ධ කමක් නැත්තේ? මම කියන්නේ දැන් සමහරක් අයට විතරක් පේන ඇහෙන දෙවි වරු,භූතයෝ/ ඒලියන්ස් ල වගේ අය බුද්ධ කාලේ කෙලින්ම සම්බන්ධ වෙලා දැන් නොපෙනී හෝ කිසිම සම්බන්ධයක් නැතුව ඉන්නෙ මොකද කියන එක.. ඔය චරිත හැම එකක් ම පොත්වලට හරි කතා වලට හරි විතරක් සීමා වෙලා තියෙන්න හේතුව ඒවා මිනිස්සුන්ගේ හිතේ ශ්‍රද්ධාව,භක්තිය,භය ඇති කරවන්න ගොතපු සාහිත්‍යයක් විතරක් වීම වෙන්න බැරි ද?

    ReplyDelete
    Replies
    1. 1] එහෙම ගොතපු සාහිත්‍යයක් විතරක් වීම වෙන්න පුලුවන්......බණපොත්වල මිනිස්සු යහමගට ගන්නට යොදන උපක්‍රමයක් වෙන්නේ අපාය ගැන කියලා, පවු කරපු මිනිස්සු අපයට ගිහින් විඳිනවායයි කියන දුක් වේදනා විස්තර කිරීම. එයින් මිනිසුන් පවට බය කරලා යහමගට ගැනීම අදහස් කරන්න ඇති. ඒත් මේ අතිශයොක්ති කතන්දර නිසා දැන් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ විශ්වාසයයි ශ්‍රද්ධාවයි භක්තියයි කියන සියල්ලම නැතිවෙලා බණපොත කියන්නේ කතන්දර ගොඩක් කියන අදහස මුල් බැහැගෙන තියෙනවා....ඒ නිසා අද මිනිස්සු බණ අහන්නේ, පින් කරන්නේ බුදුන්වහන්නේ දේශනා කලවිධියට දෙලොව සැප බලාගෙන නෙමෙයි, ලෝකෙට පේන්න..

      2] ඇයි දැන් පිටසක්වලයින්, දෙවිවරුන් සම්බන්ධයක් නැත්තේ කියන එකත් උභතෝකෝටිකයක්......ඒත් ඒකට පිලිතුරත් ඔබ පලකරන අදහසකම තියෙනවා කියලා මට හිතෙනවා. ඔබ කියපු විධියට බුදුන් ලොව පහලවෙලා ගතවෙලා තියෙන අවුරුදු 2500ය විශ්වයේ වයස සමග ගත්විට අංශුමාත්‍රයක්. සමහරවිට මේ ගෙවෙන කාලය යම් ආකාරයක විරාමයක් වන්නටත් පුලුවන්. මෙවැනි පිටසක්වලයින් නොපැමිනි කාල වකවානු අතීතයෙත් තියෙන්න ඇති. පෘථිවියේ වයසත්, විශ්වයේ වයසත් බලන විට එවැනි විරාම අවුරුදු 80ක් පමණක් ජීවත් වන නූතන මානවයාට දිගුකාළයක් වුවත් පිටසක්වලයින්ටත්, බණපොතේ තියනාවිධියට වසර දහස්ගණන් ජීවත්වන දෙවියන්ටත් අසුරු සැනක් වන්නට පුලුවන්....

      Delete
    2. ටෙරන්ස් අයියගේ මතයට මාත් එකග වෙනවා , අර මායා වරුන්ගේ කැලැන්ඩරේ මතක් වෙන්නේ දැන් තමයි 2012.12.21 න් පස්සේ ඉන්ටර්වල් එක ඉවරයි ද ?

      Delete
  9. මම නම් හිතන්නෙ පිටසක්වල බලපෑම් දැනටත් තියනව.අවුරුදු 2500ක් කියන්නෙ මහ ලොකු කාලයක් නොවෙයි.ලඟදිම පෘථිවිවාසීන්ට එවැනි අත්දැකීමක් ලැබේවි.හෝකින්සුත් එහෙම කියල තිබුණා

    ReplyDelete
  10. සිරා මචං..
    මං කැමතියි මේ හිතලා තියෙන විදිහට...
    ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
  11. හොද තර්කයක් ඔයාගෙන් ..

    ආලවකයාගේ ප්‍රස්නේ සම්භන්ද යෙනුත් තර්ක කරන්න පුළුවන් මට්ටමක තියෙනවා නේද

    ReplyDelete
  12. වෙන්න පුලුවනි. මේ යුගයෙදි අපි කරන්නෙ යතුරු කපොල්ලෙන් එලිය බලපු මිනිහෙක් තමන්ට පෙනෙන පරාසය අනුව එලියෙ කව් රුත් නෑ කියනව වගෙ වෑඩක්. අපිට තාම චන්ද්‍රයා ගෙන් එපිටට මනුශ්යයෙක් යවන්න බෑ. අපෙ තක්ශනය දියුනු නෑ. එත් අපි කෑ ගහනව පිටසක්වල ජීවින් කියල වර්ගයක් නෑ කියල. එහෙම කියන්න අපිට නිවෑරදි සධ්ක ප්‍රමනවත් නෑ කියලය් මම හිතන්නෙ

    ReplyDelete

Post a Comment