අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

චීනයේ නවතම අභ්‍යවකාශ ගවේෂණ චාරිකාව ඇරඹේ!


ශෙන්ෂොව් 10 ලෙස නම්තබා ඇති මෙම අභ්‍යවකාශ චාරිකාව කාන්තාවක්ද ඇතුලු ගගනගාමීන් තිදෙනෙකු ඇතුලත්ය. ඇතුලු මොන්ගෝලියාවේ ජිව්ක්වාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලොන්ග්-මාර්ච් 2F කාණ්ඩයේ රොකට්ටුවකින් ගුවන්ගත වූ මොවුන් දින 13ක චාරිකාවක් සඳහා සූදානම් වී සිටී.

රොකට්ටුව වෙත යන වැන්ග් යැපිංග්, අණ්දෙන නිළධාරී නී හයිශෙන්ග් හා සැන්ග් සියාඕගුවාන්ග්
චීනයේ දෙවන කාන්තා අභ්‍යවකාශගාමිණිය වන වැන්ග් යැපින්ග් මෙම චාරිකාවේදී අභ්‍යවකාශයේසිට පෘථිවියේ දරුවන් හට විද්‍යා පාඩමක් ඉගැන්වීමටද සූදානම් වී සිටින බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශකරයි. විද්‍යා පාඩමට අමතරව මෙම චාරිකාවේ වැදගත්ම අරමුණු වන්නේ චිනයේ දීර්ඝකාලීන අභ්‍යවකාශ ඉලක්කයක් වන අභ්‍යවකාශ පර්යේශණ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ තාක්ශණය දියුණු කිරීම හා ශීල්පීය ක්‍රම ප්‍රගුණ කිරීමයි.

අභ්‍යවකාශය වෙත ගමන්කිරීමේ භාග්‍යය ලද චීනයේ දෙවන කාන්තාව වන වැන්ග් යැපිංග් - ඇය චීනයේ පාසැල දරුවන් හට අභ්‍යවකාශයේ සිට විද්‍යා පාඩමක් ඉගැන්වීම සඳහා සූදානම්ව සිටින්නීය.
මේ සඳහා 2011 වසරේදී චීනය ටියන්ගොන්ග්-1 නම්වූ කුඩා අභ්‍යවකාශ මොඩියුලයක් කක්ශගත කරන ලද අතර මෙහි අභ්‍යවකාශගාමීන් හට නවාතැන් ගැනීමට පහසුකම් නැතත් නියම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැගීමේදී අවශ්‍යවන තාක්ශණයන් හා අතිශය සංකීර්ණ ක්‍රියාකාරකම් වන අභ්‍යවකාශ යානා කක්ශයේදී එකිනෙක සම්බන්ධ කරවීමේ ක්‍රියාකරකම් (space docking maneuvers), අභ්‍යවකාශ යානාවලින් ඉවතට පැමිණ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම ප්‍රගුණ කිරීම සඳහා යොදාගනී.

යානය සාර්ථක ලෙස කක්ශගතවීමේ සතුට බෙදාගන්නා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් නිළධාරීන්

මෙම දශකය අවසන්වන විට චීනය තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිමැවීමේ ඉලක්කය හඹා යන අතර මෙම මධ්‍යස්ථානය ටොන් 60ක් බරින් යුතු, විවිධ කොටස් (මොඩියුල) ගණනාවක් සම්බන්ධකරමින් ක්‍රමයෙන් විශාල කරගත හැකි ලෙස නිර්මාණය කොට ඇත.
චීන අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය
දැනට චීනය අමෙරිකාව, යුරෝපය හා ජපානය ඒකාබද්ධව ඉදිකොට භාවිතා කරන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය (International Space Station - ISS)  හා සම්බන්ධවී නැතත් චීනයේ ලොන්ග්-මාර්ච් රොකට්ටු ආධාරයෙන් යුරෝපීය අභ්‍යවකාශ ගාමීන් ISS මධ්‍යස්ථානය වෙත යැවීමේ හැකියාව සොයාබැලීම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency - ESA) චීන අභ්‍යවකාශ ඒජන්සිය හා සාකච්ඡා අරඹා ඇතැයි වාර්තාවේ.

Comments