අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඇපල් iOS 7 අලුත්ම මොබයිල් මෙහෙයුම් පද්ධතිය එලිදැක්වේ!


අලුත්ම ආකාරයට හැඩවැඩ ගැන්වුනු User Interface එක

භාවිතා කරන්නාට වඩාත් පහසු, නිරවුල්, ඉතා ඉක්මණින් කලයුතු කාර්යය වෙත යාහැකි ලෙස මෙය නිර්මාණය කලබව ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධති නිර්මාණ අංශයේ ප්‍රධානී ජොනී අයිව්ස් පවසනවා.

" iOS 7 නිර්මාණය කරලා තියෙන්නේ මීට කලින් කවදාක්වත් ඇපල් ජංගම දුරකථනයක් භාවිතා කරලා නැති, ඇපල් මෙහෙයුම් පද්ධතිය අඳුනන්නේ නැති කෙනෙකුට වුනත් කරදරයක් නැතිව, ඉතා ඉක්මණින් තේරුම් ගන්න පුලුවන් විධියටයි... ඇත්තටම ඇපල් භාවිතා කරන්න ඉගෙන ගන්න ඕනෑ නෑ....දැක්ක ගමන් තේරුම ගන්න පුලුවන් මොනවත කරන්න ඕනෑ කියලා..."  ජොනී අයිව් - iOS 7 නිර්මාතෲ



iOS 7 නිර්මාණය කිරීමේදී වැඩිම අවධානය යොමුකොට ඇත්තේ -one-swipe access to the things you often want to do on a moment’s notice  - හෙවත් ඉතා ඉක්මණින් නිතරම සිදුකල යුතු දේ  සිදුකරගත හැකි පරිදියි.





iOS 7 නිර්මාණයේදී සෑම පික්සලයක් වෙතම අවධානය යොමුකලා

ඉතා සියුම්, අනවශ්‍ය හැඩවැඩි නැති, නියම ආකාරයට වර්ණ ගැන්වූ අයිකන හා ඇප්ස් මෙහි දැකගන්නට පුලුවන්.

Comments