අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

"Dronestream" ඩ්‍රෝන ප්‍රහාර තොරතුරු පිලිබඳ සෙවුම් යන්ත්‍රය



 2012 දෙසැම්බර් මස නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක ජොශ් බෙග්ලි සිය පාඨමාළාවේ එක් පැවරුමක් සම්පූර්ණ කිරීමට අමෙරිකාව විසින් 2002 වසරේ සිට විදේශ රටවල සිදුකරන ලද ඩ්‍රෝන ප්‍රහාර ට්විටර් ගිණුමක් ආධාරයෙන් "tweet" කිරීම හෙවත් සම්ප්‍රේෂණය ඇරඹුවේය. ඔහුගේ අරමුණ වූයේ සියලුම ඩ්‍රෝන ප්‍රහාර, එම ප්‍රහාර හා සබැඳු අන්තර්ජාල ප්‍රවෘත්ති සබැඳුම් (news links) හා සමග සම්ප්‍රේශණය කිරීමයි.

දැන් මෙම ට්විටර් ස්ම්ප්‍රේශණ search.dronestre.am නම් අන්තර්ජාලය ලිපිනයේ ස්ථාපනය කරන ලද සෙවුම් යන්ත්‍රයක් බවට පත්කොට ඇති අතර 2002 වසරේ සිට 2013 මැයි මස දක්වා අමෙරිකාව එල්ලකරන ලද ඩ්‍රෝන ප්‍රහාර 480ක තොරතුරු මෙහි අඩංගුය.

2002 නොවැම්බර් 3වැනි දින එල්ලකරන ලද පලමු අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය පිලිබඳ ට්විටර් පණිවුඩය.
මෙම සෙවුම් යන්ත්‍රය සඳහා දත්ත ලබාදෙනුයේ "Bureau of Investigative Journalism" නම්වූ ලන්ඩනය මූලස්ථානය කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් මගිනි. මෙය මුලුමනින්ම පුවත්පත් වාර්තාකරුවන් ගෙන් සැදුම්ලත් ලාභ නොලබන ආයතනයක් වන අතර ඔවුන් අමෙරිකානු ඉරාක ආක්‍රමණය, ඇෆ්ඝන් යුද්ධය, අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාර වැනි සාමාන්‍ය ජනයාගෙන් වසන් කරන්නට උත්සහ කරන තොරතුරු ගවේශණය කොට ඉදිරිපත් කරති.

The Bureau of Investigative Journalism වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අමෙරිකානු ඩ්‍රෝන යුද්ධය පිලිබඳ දත්ත.

Comments