අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

වේගවත්ම සුපිරි පරිගණක කිරුළ යලිත් චීනයට?

ටියාන්හේ-2 සුපිරි පරිගණකය | ටියාන්හේ යන්නේහි තේරුම ක්ශීරපථය (milky-way) යන්නයි.
දැනට ක‍්‍රියාත්මකව පවතින ඇමරිකානු සහ ජපාන සුපිරි පරිගණක වලට වඩා දෙගුණයක වේගයෙන් ක‍්‍රියා කළ හැකි නවතම සුපිරි පරිගණකයක් චීනය විසින් නිපදවා තිබේ. ටියාන්හේ-2 ලෙස නම් කර ඇති මෙහි වේගය නිල අත්හදා බැලීම් වලට පෙරදීම තත්පරයට පෙටාෆ්ලොප් 30.7ක් (ගණනය කිරීම් ක්වොඩි‍්‍රලියන) බවට වාර්තාවී ඇත. ටියාන්හේ-2 පරිගණකයේ සැබෑ වේගය, මීටත් වඩා වැඩිවිය හැකි බව ට බටහිර විද්‍යාඥයින් සැක පහල කරන්නේ මෙම වේගය ලබාගැනීම සඳහා පරිගණකයේ ධාරිතාවෙන් 90%ක් පමණක් භාවිතා කොට ඇති බැවිනි.

දැනට ලොව වේගවත්ම සුපිරි පරිගණකය ලෙස කිරුළු පැළඳගෙන සිටින්නේ අමෙරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේෂණායතනයේ "ටයිටන්" නම් සුපිරි පරිගණකයයි. 2010 වසරේදීද චීනයේ කෙටි කාළයකට ලොව වේගවත්ම සුපිරි පරිගණක කිරුළ හිමිකරගත්තේ ඔවුන් නිර්මාණය කල ටියාන්හේ-1 ලොව වේගවත්ම පරිගණකය වීමෙනුයි.

ඉන්ටෙල් සමාගමේ ප්‍රොසෙසර් හා චීන තාක්ශණයෙන් නිර්මිත පරිපථ තාක්ශණ මුසුවකින් නිමැවී ඇති ටියාන්හේ-2 චීනයේ ජාතික ආරක්ශක තාක්ශණ විශ්වවිද්‍යාලයේ (National University of Defense Technology) නිර්මාණයකි. ටියාන්හේ සුපිරි පරිගණකය නිර්මාණය කොට ඇත්තේ ඉන්ටෙල් සමාගමේ අලුත්ම අධිවේගී ප්‍රොසෙසරය වන Xeon Phi ප්‍රොසෙසර් 48,000ක් හා තවමත් වෙළඳපොලට නිකුත් නොවූ අලුත් ආකෘතියක Xeon ප්‍රොසෙසර් 32,000කිනි. මේ ප්‍රොසෙසර් මගින් ටියන්හේ-2 සුපිරි පරිගණකයට ගණන කේන්ද්‍ර (computing cores) 3,120,000ක සංඛයාවක් ලැබී තිබේ




Comments

  1. ටිකකට කලින් මම මේක කොම්පියුටර් පංතියේ ළමයින්ට පෙන්නුවා.... මෙන්න එක කොලුවෙක් අත උස්සගත්තා.... මම ඇහැව්වා ඇයි කියලා.... ‍කොලුවා අහනවා "සර් එකේ ඇන්ග්‍රි බර්ඩ් ගහන්නත් පුලුවන් ද කියලා.....

    ReplyDelete

Post a Comment