අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Black Hawk හෙලිකොප්ටරය නියමු රහිත රොබෝ හෙලිකොප්ටරයක් වෙයි.


අමෙරිකානු ත්‍රිවිධ හමුදාවල ජනප්‍රියම හෙලිකොප්ටරය වන සිකෝර්ස්කි සමාගම නිපදවන බ්ලැක් හෝක් හෙලිකොප්ටරය නියමුවෙකු රහිතව පියාසර කරවීම සඳහා අනුවර්තනය කිරීමට එම සමාගම සමත්වී ඇත. සාමාන්‍යයෙන් නියමුවන් දෙදෙනෙකු විසින් පියාසර කරවන මේ යානය එක් නියමුවෙකු පමණක් යොදාගෙන සහයක නියමුවා ලෙස හෝ ප්‍රධාන නියමුවා ලෙස හෝ රොබෝ නියමුවාට ක්‍රියාත්මක විය හැකිය. එලෙසම අතිශයින් අණතුරුදායක මෙහෙයුම් වලදී හෝ එදිනෙදා ප්‍රවාහන මෙහෙයුම් වලදීද යානය මිනිස් නියමුවෙකු රහිතව ස්වයංක්‍රීය පියාසර කරවීමටද මෙම රොබෝ නියමුවා සමත්ය. ටොන් පහක් බරැති මෙම යානය වෙනුවෙන් රොබෝ නියමුවෙකු නිර්මාණය කිරීම 2007 වසරේදී ඇරඹුණු අතර ඒ සඳහා මූල්‍ය දායකත්වය අමෙරිකානු යුධහමුදාව විසින් දරන ලදී.

මෙම රොබෝ නියමුවා ක්‍රියාත්මක වන්නේ සිකෝර්ස්කි සමාගම නිර්මාණය කල "මේට්‍රික්ස් - Matrix " නම් ගුවන්යානා පියාසර කරවිය හැකි, කෘත්‍රිම බුද්ධියකින් සමන්විත මෘදුකාංගයක් මගිනි. මෙම මේට්‍රික්ස් මෘදුකාංගය මගින් මිනිස් මැදිහත්වීමකින් තොරව බ්ලැක් හෝක් යානය ගුවන්ගත කරවීමේ සිට සම්පූර්ණ මෙහෙයුම ක්‍රියාත්මක කරවීම දක්වා සියලු කාර්යයන් සිදුකල හැකිය.

අමෙරිකානු ත්‍රිවිධ හමුදා සිය වියදම් අඩුකරගැනීම සඳහාත් ක්‍රියාන්විත පලදායිතාවය (operational effectiveness) එලෙසෙම රඳවාගන්නා අතරම හමුදාවල පිරිස්බලය අඩුකරගැනීම සඳහාත් වඩවඩාත් රොබෝ තාක්ශණය වෙත යොමුවෙමින් පවතී. පසුගිය සතියේ අමෙරිකානු පෙන්ටගනයට අනුබද්ධ, යුධ තාක්ශණයේ නිම්වළලු පුළුල් කිරීමේ කාර්යයේ නියුතු "DARPA - Defense Advanced Research Agency" ආයතනය අමෙරිකානු ගුවන් හමුදාවේ යානාවල පියාසර කාර්ය මණ්ඩළය අඩුකොට එම යානා පියාසර කරවීම රොබෝ නියමුවන්ට භාරකිරීමේ හැකියාව සොයා බැලීමේ ව්‍යාපෘතියක් නිළවශයෙන් ආරම්භ කලේය.

Aircrew Labor In-Cockpit Automation System (ALIAS) ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතියේ අරමුණ දැනට අමෙරිකානු ත්‍රිවිධ හමුදාව සතු ඕනෑම ගුවන්යානයක් පියාසර කරවිය හැකි,ඉතා ඉක්මණින් ඕනෑම යානයකට සවිකල හැකි, අවශ්‍යවිට ඉවත්කල හැකි රොබෝ ගුවන් නියමුවෙකු නිර්මාණය කිරීමයි. ඒ අනුව පියාසර කරවීමට නියමුවන් 3ක් හෝ 4ක් අවශ්‍ය දැවැන්ත ගුවන්යානාද එක් නියමුවෙකු සමගින් පියාසාර කරවීමට හැකිවෙතයි විශ්වාස කෙරේ. රොබෝ නියමුවාට මිනිස් නියමුන්  තුන් හතර දෙනෙකුගේ කාර්යයන් තනිව සිදුකල හැකිවනු ඇති අතර යානය ගුවන්ගත කිරීම, පියාසර කරවීම, ගොඩබැස්සවීම යන සියල්ලම එය විසින් සිදුකරනු ඇති අතර මිනිස් නියමුවාගේ කාර්යය වනුයේ එම රොබෝ  නියමුවාගේ ක්‍රියාකාරිත්වය අධීක්ශණය කිරීම පමණකි.

සිය Matrix කෘත්‍රිම බුද්ධි රොබෝ ගුවන් නියමු මෘදුකාංගය, ඩාර්පා ආයතනයේ ALIAS ව්‍යාපෘතිය හා බද්ධ කිරීමට සිකෝර්ස්කි හෙලිකොප්ටර් සමාගම බලාපොරොත්තුවේ.

2014 පෙබරවාරියේදී මෙම රොබෝ බ්ලැක් හෝක් හෙලිකොප්ටරය සිදුකල පරීක්ශණ පියාසැරියක වීඩියෝව නරඹන්න 

Comments

  1. niyamai aiye..digatama liyanna..me paththeth awith yanna..me mage blog eka..mamath robo kenek gana post ekak damma.

    http://tech-onhand.blogspot.com/2014/07/intel-jimmy-robot-in-21-century.html

    ReplyDelete

Post a Comment