අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ


ස්ටාර් වෝර්ස් චිත‍්‍රපට මාලාවේ ද එම්පයර් ස්ට‍්‍රයික්ස් බැක් සිනමාපටයේදී ඩාත් වේඩර් සමග සටනකින් අතක් නැතිවූ ලූක් ස්කයිවෝකර්ට ලබාදෙන කෘතිම අතට සමාන රොබෝ හස්තයක් නිර්මාණය කිරීමට අමෙරිකානු සමාගමක් සමත්වී ඇත.ස්වභාවික අතකට ඉතා ආසන්න මෙම කෘත්‍රිම අත වෙළඳපොළ නිෂ්පාදනය සඳහා අවසර දීමට ඇමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.  මෙම කෘත‍්‍රිම හස්තයට ලූක් ලෙස නම් තබා තිබෙන්නේ ස්ටාර්-වෝස් චිත්‍රපටයේ මෙම හොඳ හා නරක අතර වීරාඛ්‍යාන සටන සිහිවීම සඳහා බව පැවසේ.







මෙහි එක් නිර්මාණකරුවෙකු වන ඞීන් කැමෙන් පවසන්නේ නව කෘත‍්‍රිම අත විසින් ආබාධිත පුද්ගලයන්ගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වනු ඇති බවයි. DEKA Arm System මෙය අමෙරිකාවේ DEKA Research and Development සමාගමේ නිර්මාණයකි.

ඇමරිකානු හමුදා විශ‍්‍රාමිකයන්ගේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පර්යේෂණ 4කදී මෙම 36 ඩෙකා හස්ත පද්ධතිය පරීක්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මිදි ගෙඩියක් අහුලා ගැනීම, දොර යතුරු භාවිතා කිරීම, ලියුම් කවරයක් විවෘත කිරීම, බිත්තරයක් නොකඩා අහුලා ගැනීම, ධාන්‍ය ආහාරයට ගැනීම සහ චීන චොප්ස්ටික්ස් කූරු භාවිතා කිරීම ආදී සාමාන්‍ය ජීවිතයේ හැසිරීම් මෙම කෘත‍්‍රිම අත සමග කළ හැකි බවයි.


මේ බව ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයකද දක්වා තිබේ. පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 90%ක් පවසා ඇත්තේ මින් පෙර සිදුකළ නොහැකි හැසිරීම් ලූක් භාවිතා කර සිදුකළ හැකිවූ බවයි.


ඉලෙක්ට්‍රෝඩ මගින් නිකුත් කරන විද්‍යුත් සංඥා චලන හැසිරීම් 10කට පරිවර්තනය කරන මෙම කෘත‍්‍රිම හස්තය උරහිස, ඉහළ හෝ පහළ බාහු ප‍්‍රදේශයන්ට බද්ධ කළ හැකි නමුත් වැළමිට හෝ මැණික්කටුව යන ස්ථාන වලට සවි කළ නොහැකි බව පැවසේ.


Comments

  1. niyamai macho...issarahatath hoda lipi liyanaa.....

    ReplyDelete

Post a Comment