අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අඟහරු මත තවමත් යෙහෙන් වැජඹෙන කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය


මානව තාක්ශණ දියුණුවේ අග්‍රඵලයක් යැයි කිවහැකි කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාර රෝවරය තවමත් අඟහරුවා මත විද්‍යා ගවේෂණවල යෙදෙමින් රතු ග්‍රහයා පිලිබඳ අපේ දැනුම මුවහත් කරමින් සිටී. 2011 නොවැම්බරයේ ගුවන්ගතවී, 2012 අගෝස්තු 6 වැනි දින අඟගරු ග්‍රහයා මතට සැපත්වුනු කිව්රියෝසිටි රෝවරය මේ වනවිට රතුග්‍රහයා මත මාස 18ක දීර්ඝ කාළයක් පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිට ඇත.

පසුගිය 2012 අගෝස්තු 6 වැනි දින රතු ග්‍රහයා මත වසරක් සම්පූර්ණකල කිව් රියෝසිටි රොබෝවා එය සැමරීම සඳහා සිය චැසියෙහි සවිකොට තිබෙන කුඩා ස්පීකරයකින් "Happy Birthday to You" ගීතය වාදනය කලේය. මෙය වෙනත් ග්‍රහලෝකයක් මත වාදනය කල ප්‍රථම මානව ගීය වන අතර එය අඟහරුවා මත වාදනය කරන අතරතුරම එහි සිට සජීවීව පෘථිවිය කරාද එම ගීය සම්ප්‍රේශණය කලේය. ඒ අනුව ග්‍රහලෝක දෙකක් අතර සන්නිවේදනයවූ ප්‍රථම ගීය ලෙසද "Happy Birthday to You" ගීය ඉතිහාසයට එක්වේ.

අඟහරුවා මතින් නිඋරන්තරව හමායන දුහුවිලි කුණාටුවලින් තැම්පත්වුනු දුහුවිලි වලින් නැහැවී සිටින රෝවරය දීර්ඝ කාන්තාර ගමනක යෙදෙන රථයක් මෙන් පෙනේ. එහෙත් අඟහරු ග්‍රහයාගේ කටුක, අතිදුෂ්කර කාළගුණයට හා දේශගුණයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇති කිව් රියෝසිටි යුහුසුළුව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිටී. කිව් රියෝසිටි රෝවරය වෙනුවෙන් සැළසුම් කොට ඇති ප්‍රධාන පර්යේෂණ කටයුතු අවසන්වීමට තවත් මාස 6ක් පමණ තිබෙන අතර. ඉන් අණතුරුව රොබෝවාගේ "සෞඛ්‍ය තත්වය" අනුව නව පර්යේෂණ සැළසුම් කෙරෙනු ඇති.

පහත ඇතුලත්කොට ඇති පැනරෝමා ඡායාරූපය, කිව්රියෝසිටියේ කැමරා මගින් පසුගිය අප්‍රේල් 27 වැනිදා ගන්නා ලද ඡායාරූප 138 එකට ඇමිණීමෙන් නිර්මාණය කොට ඇති අතර. එය ක්‍රොඒෂියානු ඡායාරූප ශිල්පී ඇන්ඩෲ බොඩ්‍රෝෆ්ගේ නිර්මාණයකි.


Mars Panorama - Curiosity rover: Martian solar day 613 in Out of this World

Comments

Post a Comment