අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි


ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම 12දා සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ශක ජෙනරාල් ඩී.එස් ජයවර්ධන මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ගූගල් ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාලයට එකතුවන අතර ඒ අනුව විදෙස් සංචාරකයින් හට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශණීය වනු ඇති අතර ශ්‍රී ලාංකිකයින් හටද අපරටේ සුන්දර ස්ථාන පිලිබඳව සවිස්තර තොරතුරු දැනගත හැකිවනු ඇත.

මේ පිළිබඳව දැනුම්වත් කරමින් දෙසැම්බර් 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලැවින් මහත්මිය මෙය නිවේදනය කළාය. ඇය පවසන ආකාරයට සුප්‍රකට පෞරාණිකග්‍රීක  නගරයක් වන පොම්පෙයි නුවර ගූගල් ස්ට්‍රීට් විව් වලට ඇතුලත්වූ පසු සංචාරකයින් පැමිණීමේ 25% වර්ධනයක් පෙන්වා ඇත.


ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. ගූගල් ස්ට්‍රීට්-විව් සඳහා ඡායාරූප ගන්නා මෝටර් රථවල සවිකොට ඇති කැමරා මගින් ලබාගන්නා අංශක 360ක පරිදර්ශක ඡායාරූප [360 panoramic images] මගින් ස්ට්‍රීට් විව් පරිහරණය කරන්නාට තමන් එම මාර්ගයේ හෝ එම ස්ථානයේ සිටිනා විට පෙනෙන ආකාරයට හාත්පස දර්ශණය කල හැක.

ගූගල් ස්ට්‍රීට් විව් සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගැනීමට කැමරා සවිකල මෝටර් රථ, හිම පතනය ඇති ස්ථානවල හිමේ යා හැකි ස්නෝ මොබයිල් වාහන මෙන්ම පයින් පමනක් යාහැකි ස්ථානව වලදී ගූගල් ස්ට්‍රීට්විව් කැමරා පිටේ බැඳගත් ගූගල් සේවකයින්ද යොදවා මෙම සේවාව සකස් කොට ඇත.

මුහුදු වෙරළක් ගූගල් ස්ට්‍රීට් විව් වලට හසුකර ගන්නා ගූගල් ස්ට්‍රීට් විව් සේවකයෙකු
 යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය. ගූගල් ස්ට්‍රීට් විව් සේවාවට ඇතුලත්වන 65වන රට ශ්‍රී ලංකාවයි.

Image Credits : ada.lk and dailymirror.lk


Comments

Post a Comment