AirAsia Flight QZ8501 අතුරුදහන්වේ... අලුත්ම තත්වය

අතුරුදහන්වූ එයා-ඒෂියා යානය පෙර පියාසැරියකදී...
ඉන්දුනීසියාවේ සුරබායා ගුවන්තොටුපොලෙන් සිංගපූරුව බලා පියාසරකරමින් තිබූ එයා-ඒෂියා පියාසැරි අංක QZ8501 යානය පාලන මධස්ථානය සමග තිබූ සබඳතා ඇණහිටියේ අද පෙරවරු 6.24ට (ඉන්දුනීසියානු වේලාවෙන්) පමණය. ඒවන විට යානය ජාවා මුහුද ඉහලින් පියාසර කරමින් තිබුණි. Airbus A320-200 වර්ගයේ යානයක් වූ මෙහි මගීන් 155ක් හා කාර්යමණ්ඩලයේ 7දෙනෙකු ගමන් කරමින් සිටියහ.


කෝටිපති මැලේසියානු ව්‍යාපාරිකයෙකුවූ ටෝනි ෆර්නැන්ඩස් මහතාට අයත් එයා-ඒෂියා ගුවන් සමාගම ආසියාවේ අඩු මිල ගුවන්සේවා (low-cost air carrier) වෙළඳපොලේ වැඩිම ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින, ආරක්ශාව පිලිබඳ හොඳ නමක්දිනාගෙන සිටින සමාගමකි. අතරුදහන්වූ යානය "එයා-ඒෂියා ඉන්දුනීසියා" ලෙස හඳුන්වන මැලේසියානු එයා ඒෂියා මවු සමගමට අයත් අනුබන්ධ ගුවන් සමාගමකට අයත් යානයකි. මීට පෙර එම යානයේ කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කල ටෝනි ෆර්නැන්ඩස් පවසා සිටියේය. යානයේ නියමුවා පියාසර පැය 6100ක පමණ පලපුරුද්දක් ඇති, එයා ඒෂියා සමගමේ යානාවල පැය 2275ක් පමණ පියාසර කොට ඇති ඉතා පලපුරුදු නියමුවෙකු බව ෆර්නැන්ඩස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


යානය ඉන්දුනීසියානු වේලාවෙන් පැය 5.35ට සුරබායා තොටුපොලෙන් පිටත්ව ගිය අතර ගමනේ අතරමගදී ඉන්දුනීසියානු වේලාවෙන් 6.13ට නියමුවා අයහපත් කාළගුණය හා ඝණ වැසිවලාකුළු නිසා යානයේ පියාසර මාර්ගය වෙනස් කිරීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටි බැව් වාර්තාවේ.

යානය අතුරුදහන්වූ බව වාර්තාවූ වහාම ඉන්දුනීසියානු හා සිංගප්පූරු රජයන් යානය සෙවීම සඳහා ගුවන්යානා පිටත්කල හැරිය නමුත් රාත්‍රී අඳුර වැටෙන විටත් යානය පිලිබඳව කිසිදු හෝඩුවාවක් වාර්තාවී නොතුබුණි.






Comments