අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Mysterious Chinese blogger predicted AirAsia jet crash | එයා-ඒෂියා යානය කඩාවැටීමට දින දහතුනකට පෙර එයා ඒෂියා යානයක් කඩාවැටෙන බවට අණතුරු ඇඟවූ අත්භූත චීන බ්ලොග්කරුවා කවුරුන්ද???


පසුගිය දෙසැම්බර් 15 වැනිදා චීන බසින් පලවන බ්ලොගයකට පෝස්ටුවක් දැමූ නාදුන චීන බ්ලොග් කරුවෙක්, "බ්ලැක් හෑන්ඩ්" හෙවත් කළු හස්තය නැමති සංවිධානයක් මැලේසියාවේ දෙවන විශාලතම ගුවන් සේවය වන එයා ඒෂියා ගුවන්සේවයේ යානයකට ප්‍රහාරයක් එල්ල කරන බවට අණතුරු ඇඟවීමක් පලකලේය. ඉන් නොනැවතුනු ඔහු අතුරුදහන්වූ, තවමත් කිසිදු තොරතුරක් නැති මැලේසියානු MH370 යානයේ අතුරුදහන්වීමට මෙන්ම යුක්‍රේන අහසේදී මිසයිල ප්‍රහාරයකින් කඩාවැටුනායයි සැක කෙරෙන MH17 යානයේ විනාශයටද මෙම සංවිධානය වගකිව යුතු බවත්, යම් හේතුවක් නිසා ඔවුන් මැලේසියානු ගුවන්සේවා කර්මාන්තය විනාශකිරීමට සැරසෙන බවත්  චීන බසින් ලියවුනු සිය බ්ලොග් සටහනේ ප්‍රකාශකොට සිටියා.

මේ අත්භූත බ්ලොග්කරුවා කවුරුන්දැන් කිසිවෙකුත් නොදැන සිටි අතර චීන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු කුමණ්ත්‍රණමතධාරී (conspiracy theorist) පිස්සෙකු ලෙස අවඥාවට බඳුන්කොට කොමෙන්ටු තබා තිබුණා. එසේවුවත් මෙම බ්ලොග් කරුවා තමන් පවසන දෙය පිලිබඳව දැඩි විශ්වාසයකින් සිටි අයෙකු බව පෙනුනේ නැවත නැවතත් විවිධ චීන බ්ලොග් අඩවි හා අන්තර්ජාන සාකච්ඡා මණ්ඩප වල (internet discussion forums) සිය අණතුරු ඇඟවීම සටහන් කිරීමෙනුයි. මැලේසියානු යානාවල ගමන් කිරීමෙන් වලකින ලෙස ඔහු සිය චීන සහෘදයින්ගෙන් ඉල්ලා සිටියා.

ඒයා ඒෂියා යානය කඩාවැටුනු දෙසැම්බර් 28 උදාවනවිට ඔහුගේ විවිධ චීන අඩවිවල මෙම අණතුරු ඇඟවීමේ පෝස්ටු හා කොමෙන්ටු 39ක් සටහන්වී තිබුණා.ඔහුගේ චීන බසින් ලියූ පෝස්ටු ඉංග්‍රීසියට පරිවර්තනය කල සමහරුන් "බ්ලැක් හෑන්ඩ්" හෙවත් කළු හස්තය ලෙස ඔහු හඳුන්වන්නේ නිශ්චිත සංවිධානයක් නොවන බවට තර්ක කරනවා. ඔවුන් පවසන්නේ කළු හස්තයක් ලෙස චීන බසින් හඳුන්වන්නේ රහසේ ක්‍රියාත්මක වන යම් ආකාරයක සාපරාධී සංවිධානයක්.

ඔහුගේ අවසන් පෝස්ටු කිහිපයේ මෙසේ සටහන් කොට තිබුණා "කළු හස්තය ඉතා බලසම්පන්නයි.... එබැවින් එයා ඒෂියා යානාවල ගමන් ගැනීමෙන් වලකින්න.... නැතිනම් ඔබටත් MH370 ගමන් ගත්තවුන් මෙන් අතුරුදහන් වන්නට සිදුවේවි..."

ඔහුගේ පෝස්ටුවකට කොමෙන්ටුවක් දැමූ එක් චීන බ්ලොග්කරුවෙකු තමන් මෙසේ අනාවැකි කියන්නේ කෙසේදැයි විමසා සිටියා. එයට පිලිතුරු දෙනවා වෙනුවට ඔහු මෙසේ ලියාතබා තිබුණා " You can still hide, all those that see the post can still save themselves."


ඔහුගේ පෝස්ටු චීන බ්ලොග් අවකාශයේ සැරිසරන 650,000 දෙනා කියවා තිබුණත්, දෙසැම්බර් 28 එයා ඒෂියා යානය අතුරුදහන්වූ බව රූපවාහිනී තිරවල දිග හැරෙනතෙක් බොහෝ දෙනෙකු ඒ පිලිබඳව තැකීමක් කලේ නෑ. දෙසැම්බර් 15-16-17 දිනවල දිගින් දිගටම විවිධ ස්ථානවල පෝස්ටු හා කොමෙන්ටු 39ක් දැමූ ඔහු දෙසැම්බර් 17වැනි දිනෙන් පසු බ්ලොග් අවකාශයෙන් අතුරුදහන් වූවා.

මේ අත්භූත බ්ලොග්කරුවා කවුද? ඔහු/ඇය එයා ඒෂියා යානය කඩාවැටීමට දින 13කට පෙර ඒබව දැනගත්තේ කෙසේද?

 මේ පිලිබඳව දැවැන්ත විවාදයක් චීන අන්තර්ජාලයේ මේවන විට ඇතිවී ඇති අතර සමහරු මොහු මෙම යානා විනාශවීම වගකිව යුතු යම් බලසම්පන්න, අතිශය රහසිගත සංවිධානයක පරිගණක ජාලයට ඇතුලුවී සොරාගත් තොරතුරු, ජීවිත හැකි ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා අන්තර්ජාලයට මුදාහරින්නට ඇති බවට මත පලකරනවා.

තවත් සමහරුන් පවසන්නේ මොහු චීන ඔත්තුසේවාවක නිළධාරියෙකු බවත්, ඔහුට්/ඇයට ලැබුණු අතිශය රහසිගත තොරතුරක් ජීවිත බේරාගැනීමේ චේතනාවෙන් අන්තර්ජාලයට මුදාහරින්නට ඇති බවත්ය.





Comments