අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඉන්දියාව, දේශීයව නිර්මාණය කරන ලද ටොන් 8ක් උඩුගුවනට ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවක් සාර්ථකව අත්හදා බලයි!

GSLV Mark III [Made in India]

තාක්ශණික තොරතුරු

විශාලත්වය: උසින් මීටර් 43, විශ්කම්භය මීටර් 4

පියාසර අදියර: 3කි

එන්ජින් වර්ග: 
ප්‍රථම අදියර - S-200 ඝණ ඉන්ධන බූස්ටර් එන්ජින් 2කි (ඉන්දියාවේ නිර්මාණය කරනලදී). මේ බූස්ටර් තත්පර 130ක් ක්‍රියාත්මකවේ. එක් බූස්ටරයක් මීටර් 25ක් දිගින් යුතු අතර ටොන් 200ක ඝණ ඉන්ධන පුරවා ඇත.

දෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත "L-110 විකාස්" මාදිලියේ ද්‍රව එන්ජින් පද්ධතිය. ටොන් 110ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය. පද්ධතිය එන්ජින් 2කින් යුක්තය. ප්‍රථම අදියරේ බූස්ටර් එන්ජින් දල්වා තත්පර 113කින් දෙවන අදියර ක්‍රියාත්මකවීම අරඹයි.

තෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත C-25 ද්‍රව හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කරන එන්ජිම. ටොන් 25ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය.

උඩුගුවනට ගෙනයා හැකි බර: 
පහල පෘථිවි කක්ශයට (කිලෝමීටර් 160ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 8ක බරක් ඔසවාගෙන යා හැකිය.

භූකේන්ද්‍රීය ස්ථායි කක්ශයට (කිලෝමීටර් 35,000-46,000ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 4ක් ගෙනයා හැකිය.

මෙම සාර්ථක අත්හදා බැලීමත් සමග භූ කේන්ද්‍රීය ස්ථායි කක්ශයකට (Geosynchronous Transfer Orbit) චන්ද්‍රිකාවක් ගෙනයා හැකි බලසම්පන්න රොකට්ටු ඇති රටවල් කිහිපය (අමෙරිකාව, රුසියාව, යුරෝපා සංගමය හා චීනය) අතරට ඉන්දියාවත් එකතුවන අතර ඩොලර් බිලියන 300ක් පමණ වටිනාකමකින් යුතු, ලෝක චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ කර්මාන්තයේ තරඟකරුවෙකු වීමට ඉන්දියාව මගපාදාගෙන තිබෙනවා. Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark III ලෙස නම්කොට ඇති මෙම රොකට්ටුව අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටුවා ඇති ස්තිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කොට තිබෙනවා. ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට ප්‍රභල දායකත්වයක් සැපයිමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා පියවරගෙන ඇති අතර එහි වාර්ශික මූල්‍ය සැපයුම ඩොලර් බිලියනක් දක්වා ඉහල දමා තිබෙනවා.

චන්ද්‍රිකා උඩුගුවනට ගෙනයාමට අමතරව දැනට සැළසුම් අවස්ථාවේ තිබෙන, ඉන්දීය අභ්‍යවකාශගාමියෙකු උඩුගුවනට යැවීමේ ව්‍යාපෘතියේ වැදගත් දායකත්වයක් මෙම රොකට්ටුවට තිබෙනවා. ඉන්දීය අභ්‍යවකාශගාමීන් රැගත් කැප්සූලය අභ්‍යවකාශය වෙත රැගෙන යනු ඇත්තේ මෙම රොකට්ටුව මගිනුයි. මෙම අත්හදාබැලීමේ පියාසැරියේදී GSLV Mark III රොකට්ටුව අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශයට රැගෙනයා හැකි කැප්සූලයක්ද පරියේශණ කටයුතු සඳහා උඩුගුවනට ගෙනගොස් තිබෙනවා.





Comments