අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සංචාරක කුරුලු සමය ඇරඹේ

කාගේත් අවධානය ගනිමින් සෑම වසරකම මෙම කාලයේදී රත්නපුරයේ විදුලි කම්බි වල රාත්‍රිය ගතකරන දහස් ගණනක් වූ අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද? වසරක් පාසා ලංකාවට සංචාරය කරනා අටුවැහිළිහිණියා නම් වූ මේ කුරුල්ලන් (Barn Swallow) ගොම්මන් අඳුරත් සමග රත්නපුරයේ විදුලි කම්බිවල දහස් ගණනින් ලැගුම් ගැනීම සිරිතකි. මේ වසරේ මුල්ම අටුවැහිළිහිණියන් රංචුව සැප්තැම්ර් 8 වැනි දින නිරීක්ෂණය කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය පවසයි. ඉදිරි සති කිහිපයේදී තවත් බොහෝ කුරුල්ලන් ලංකාවට පැමිණෙනු ඇත. සෑම වසරකම මේ කාලයේදී ශ්‍රී ලංකාව බලා සංචරණය කරන කුරුල්ලෝ සමූහය වඩාත් නිවැරදිව නිහැරියන් ලෙස හඳුන්වයි.

අටු වැහිළිහිණියා
මේ සංචාරක කුරුල්ලන් සමහරෙක් අපේ ගෙවත්තේ පවා දැකගත හැකිය. අවිච්චියා, සුදු රැහැන්මාරා, නිල්පෙද බිඟුහරයා වැනි පොදු කුරුල්ලන් වසරක් පාසා ශ්‍රී ලංකාවට එන අටුවැහිළිහිණියන් මෙන්ම අපේ ගෙවත්තේ පවා දැකගත හැකි අපේ නිහැරි නෑදෑයෝ වෙති. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පක්ශිවර්ග 492න් 169ක් සංචාරකයින් හෙවත් නිහැරියන්වේ. මොවුන් අගෝස්තු මස මැද භාගයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර අප්‍රේල් මස දක්වා රැඳී සිට ආපසු යයි.

කුමණ හා බූන්දල ලංකාවේ ප්‍රධාන කුරුළු අභයභූමි වන අතර ඊට අමතරව කුරුල්ලන් දැක බලාගැනීම සඳහා සංචාරය කල හැකි ප්‍රදේශ මෙසේ සඳහන් කල හැකිය. කොළඹට ආසන්නයේ ඇති බෙල්ලන්විල-අත්තිඩිය වගුරු ප්‍රදේශය, තලංගම වැව ප්‍රදේශය මෙන්ම දියවන්නා ඔය අසබඩ දියත උයන ප්‍රදේශය ප්‍රධානය. කොළඹින් පිට සිංහරාජය, කන්නෙලිය, වීරවිල, දෙබරවැව (තිස්සමහාරාමය ), යාල හා විල්පත්තු අභයභූමි විශේෂය. මීට අමතරව හෝර්ටන් තැන්න, ශ්‍රී පාද ජාතික වනාන්තරය (Peak Wilderness Sanctuary), නුවර එළියේ ගැල්වේස් ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, නකල්ස් කඳුවැටියද කුරුල්ලන් දැකබලා ගැනීම සඳහා සංචාරයට සුදුසුය.

ලංකාවට පැමිණෙන දර්ශණීය සංචාරක කුරුල්ලන් කිහිපදෙනෙකු..

Asian paradise flycatcher (සිවුරු හොරා)

දඹුල්ල (Wikimedia)

Blue Tailed Bee Eater (නිල්පෙඳ බිඟුහරයා)



Booted Eagle (කැසරූප රාජාලියා)















Indian Pitta (අවිච්චියා)


කුරුල්ලන් නැරඹීම ප්‍රචලිත කිරීමටත්, නිහැරියන් පිළිබඳ දත්ත සටහන් කරගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය නිහැරි නිකසුම  (Migrant Watch) නමින් වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙයට කුරුල්ලන් අධ්‍යයනයට උනන්දුවක් දක්වන නවකයන්ටද සහභාගී විය හැකි අතර, ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා කේෂ්ත්‍ර පක්ෂි අධ්‍යයන කවය විසින් සංවිධානය කර ඇත.

පහත දැක්වෙන්නේ පක්ෂි අධ්‍යයන කවය විසින් සකස් කොට ඇති නිහාරික නිරීක්ශණ සටහනකි. මෙය බාගත කරගෙන ඔබටත් නිහාරික අධ්‍යයනය සිදුකල හැකිය.

Comments