අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ස්ටීව් ජෝබ්ස් ගෙන් ජීවිතයට ඔවදන්....



මෙය; පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි... ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය.... 

ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි.... ඔවුන් මිනිස් වර්ගයා ඉදිරියට තල්ලු කරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන් ප්‍රතිභාවන්තයින් ලෙසිනි.  ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතන ප්‍රතිභාවන්තයින් විසින් බව අප දන්නා නිසාය.......





කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය...




"නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි...




ජීවතය අකාරුණිකය, සමහර අවස්ථාවලදී ඔබට දැඩි පසුබෑම්, අසාධාරණකම් සිදුවිය හැකිය. විශ්වාසය අත් නොහරින්න..




ඔබට ජීවිතයේ වැඩිකොටසක් ඔබගේ ජීවිකාව වෙනුවෙන් ගතකරන්නට සිදුවේ.. එබැවින් තෘප්තිය ලබගත හැකි එකම මාර්ගය හොඳින් වැඩ කිරීමයි. හොඳින් වැඩ කිරීමට නම්, ඔබ ඔබගේ වෘත්තියට කැපවී, එය ආදරයෙන් සිදුකලය යුතුය. 

ඔබට ආදරයෙන්, කැපවීමෙන් කලහැකි දෙයක් තවමත් නොලැබුණි නම්, අතෘප්තිමත් වෘත්තියක හෝ රැකියාවක නතර නොවන්න, ඔබට තෘප්තිය ලැබිය හැකි වෘත්තියක්, ජීවිකාවක් සොයා යන්න. හදවත හා බැඳී ඇති සියළුදේ මෙන්ම, ඔබට සතුටෙන් කලහැකි යමක් ලැබුණුවිට ඒ බව ඔබ හදවතට දැනෙනු ඇත...



නිර්මාණශීලීත්වය යනු අන් අයට නොපෙනන සංදර්භයන් දැකීමට ඇති හැකියාවයි. ඔබ නිර්මාණශීලී නවෝත්පාදකයෙකුගෙන්, ඔහු සිය නිර්මාණය කෙසේ කලේදැයි ඇසුවහොත්, ඔහුට යම් වරදකාරී හැඟීමක් ඇතිවේ. එසේ වන්නේ සැබැවිම ඔහු එය සිතාමතා සැළසුම් කොට කල නිර්මාණයක් නොවන බැවිනි. අන් අයට නොපෙනෙන යමක් ඔහු දැක ඇත, ඔහු නව නිර්මාණයේ පාදම එයයි.


Comments

Post a Comment