අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ අභිරහස් අධිවේගී ස්ටෙල්ත් යානයකින් නිකුත් වූවක්ද?

මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය.

රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට බ්‍රිතාන්‍ය ජනයා එලෙස අත්දුටුවේ  මක් 10ක පමණ වේගයෙන් පියාසර කල හැකි බවට මත පලවෙන අභිරහස් අධිවේගී ස්ටෙල්ත් යානයකින් නිකුත්වූවක්ද?

මෙම ශබ්ද විවිධ පුද්ගලයින් විසින් පටිගත කරගෙන තිබෙන අතර. මෙම පටිගත කිරීම් වලට සවන්දුන් බ්‍රිතාන්‍ය ජෙට් එන්ජින් විශේෂඥයෙකු පවසා සිටියේ මෙම ශබ්ද "pulse detonation engine" නම් පර්යේෂණ මට්ටමේ තිබෙන අධිවේගී ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී නිකුත්වෙන ශබ්දයට සමානය. එහෙත් බ්‍රිතාන්‍යයේ ආරක්ශක අමාත්‍යාංශය ප්‍රකාශ කොට සිටින්නේ යුධගුවන්යානා කිසිවන් මෙම පිපිරුම් ශබ්ද ඇසෙන අවස්ථාවලදී බ්‍රිතාන්‍ය අහසේ නොතිබූ බවයි.



Comments

  1. වෙනත් බ්ලොග් අඩවියකින් ලිපියක්/ ලිපියක කොටසක් උපුටා ගනිද්දී මූලාශ්‍ර සඳහන් කරලා ඒ බ්ලොග් අඩවියටත් credit එක දීම හොඳයි නේද? මොකද ලිපියක් ලියන්න වෙන මහන්සිය දන්නෙ ඒක ලියන කෙනා.

    මුල් ලිපිය: බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ - මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය

    ReplyDelete

Post a Comment