අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

හයිබ්‍රිඩ් කාර් වැඩකරන්නේ කෙසේද?



අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හයිබ්‍රිඩ් කාරය වන ටොයෝටා ප්‍රියස් කාරයේ කොටස් හඳුනා ගනිමු.

2012 Prius C - Dashboard Digital Displays



















Power-split transmission

ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.

ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්‍රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.

කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.


දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.









Comments