අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

iPhone 7 ඇපල් සමාගමේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එක

iPhone 7 concept design by Ivo Marić and Tomislav Rastovac based on available information

අපේක්ශිත නිකුත්කිරීම: 2015 අගෝස්තු හෝ සැප්තැම්බර්

දැනට ලැබී ඇති තාක්ශණික තොරතුරු:

  • ප්‍රොසෙසරය: Apple A9 processor  
  • කැමරාව: Dual lens 12-megapixel iSight camera with 4K video and 240fps slow-motion video
  • තිරය : Quad HD Retina display 
  • මෙහෙයුම් පද්ධතිය:  iOS 9
  • වයර්ලස් චාජරය හා වයර්ලස් දත්තහුවමාරු පද්ධතිය : "Apple Dock" wireless charging and wireless data transfer device
  • ඇඟිලි සළකුණු කියවනය : තිරයට අන්තර්ග්‍රහණය කරනලද on screen fingerprint reader
  • ඇගිලිවලින් තිරයමත යෙදෙන පීඩනය මැනගෙන ක්‍රියාත්මකවන Apple ForceTouch තාක්ශණය 
  • අන්තර්ජාල පහසුකම : Super-fast 4G LTE-A technology



සැළකිය යුතුයි - මෙම තාක්ශණික දත්ත නිවැරදි නොවිය හැකිය. ඇපල් සමාගම සිය නව නිපැයුම්වල තොරතුරු දැඩි ලෙස ආරක්ශාකරන අතර සිය නව නිපැයුමක් වෙළඳපොලට හඳුන්වාදීමට පෙර ඒවායේ තොරතුරු (ඉතා සුලු තොරතුරක් වුව ) නිකුත්කරන ඇපල් සමාගමේ සේවකයින් වහාම රැකියාවෙන් නෙරපනු ලැබේ.

ඇපල් සමාගමේ සැපයුම්කරුවන්ද ඇපල් නිර්මාණ පිලිබඳ තොරතුරු දැඩිලෙස ආරක්ශාකරන බවට දිවුරුම් ගිවිසුම් (confidentiality agreements) අත්සන් කොට ඇති අතර සැපයුම් කරුවන්ගේ සේවකයෙකු තොරතුරු පිටකලහොත් වහාම එම සමාගම සමග සියලු ව්‍යාපාර සබඳතා අත්හිටුවීම ඇපල් සමාගමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වේ. ඒ අනුව ඇපල් සමාගමේ නව නිර්මාණ ගැන තොරතුරු ලැබෙන්නේ ඉතාමත් රහසිගත මාර්ගවලින් වන අතර ඒවා නිවැරදි නොවීමට බොහෝ ඉඩ ඇත.






Comments

  1. ඔච්චර නීති සැම්සුන්ලා තාක්ෂනය හොරා ගනී කියලාද ?

    ReplyDelete

Post a Comment