අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

New Cameras for 2016

හෙට අනිද්දා එළැඹෙන නව වසරේදී අලුත් කැමරාවක් ගන්නට හිතාගෙන ඉන්නවානම්, මෙන්න 2015 වෙළඳපොලට ආපු අලුත්ම කැමරා මාදිලි 3ක් ගැන කෙටි විස්තර.

 1] පෙන්ටැක්ස් K S1 - ජපානයේ රිකෝ සමාගම විසින් ඉදිරිපත් කරන පෙන්ටැක්ස් K-S1, ආධුනිකයන් සඳහා නිර්මාණය කොට ඇති entry level මාදිලියේ DSLR කැමරාවක්. 18-55mm කිට් ලෙන්සය සමගින් එන මෙම කැමරාව, ඉතා හොඳ මට්ටමේ කැමරාවක් බවයි ඡායාරූපකරණ විචාරයකයින් පවසන්නේ. නිකොන් සමාගමේ D3200 හා D3300 ආධුනික DSLR කැමරාවලට ආදේශකයක් ලෙස මෙම කැමරාව වෙළඳපොලට හඳුන්වලාදීලා තියෙනවා. 20 megapixel APS-C සෙන්සරයකින් සමන්විත මෙම කැමරාව සෙන්සර් ශිෆ්ට් තාක්ශණයේ ඉමෙජ් ස්ටැබිලයිසින් පද්ධතියකින් යුතුවනවා.

2] සැම්සුන්ග් NX 1 - මෙගාපික්සල් 28ක බැක්සයිඩ් ඉලියුමිනේෂන් (BSI) තාක්ශණයේ APS-C මාදිලියේ සෙන්සරයකින් සමන්විත වන සැම්සුන්ග් NX 1 ජපානයේ කැමරා ඒකාධිකාරියට අභියෝග කලහැකි කැමරා මාදිලි කිහිපයකින් එකක් ලෙස විචාරයකයින් හඳුන්වනවා.

3] නිකොන් D5500 - ආධුනික කැමරා ශිල්පීන් සඳහා නිර්මාණය කොට ඇති නිකොන් D3200 හා D3300 කැමරා මාදිලිවලට වඩා ඉහල තත්වයේ ඡායාරූප ගැනීමේ හැකියාව හා පහසුකම් ඇති D5500 ඉතාමත් ඉහල තත්වයේ කැමරාවකි.



--------------------------------------------------------------------------------
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments