අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුව චන්ද්‍රිකා 11 කක්ශගත කොට ආපසු කැනවරල් තුඩුවට ගොඩබසී!!!


පසුගිය දෙසැම්බර් 22දා අමෙරිකාවේ පෞද්ගලික සමාගමක් වන ස්පේස් එක්ස් සමාගම, රොකට් තාක්ශණයේ දැවැන්ත ඉදිරි පියවරක් තැබුවා. ඒ සිය ෆෝල්කන් 9 රොකට්ටුව ෆ්ලොරිඩාවේ කැනැවරර් තුඩුවෙන් ගුවන්ගත කොට, චන්ද්‍රිකා 9ක් කක්ශගත කොට, රොකට්ටුවේ ප්‍රථම අදියර නැවතත් නිරුපද්‍රිතව හා ඉතා නිවැරදිව, කැනැවරල් තුඩුවේ ගොඩබැසීමේ පර්යන්තය වෙත නැවතත් ගෙන්වා ගැනීමෙනුයි. එන්ජින් 9ක් සහිත ප්‍රථම අදියරද සමග තට්ටු 23ක යෝධ ගොඩනැගිල්ලක් තරම් උස්වන මෙම රොකට්ටුවේ ප්‍රධානම මෙන්ම, නිශ්පාදන වියදමෙන් අධික ප්‍රථම අදියර නැවත ගෙන්වා ගැනීමට සමත්වීම රොකට් තාක්ශණයේ දැවැන්ත ඉදිරි ප්‍රියවරක් බව විචාරකයින් පවසනවා. ෆෝල්කන් 9 ප්‍රධාන අදියර නිපදවීම සඳහා ඩොලර් මිලියන 16ක් වැයවන අතර, එම අදියර නැවත ගෙන්වා ගැනීම නිසා, එක් ගුවන්ගත කිරීමකදී ස්පේස් එක්ස් සමාගමට ඉතිරිවන මුදල ඩොලර් මිලියන 16ක්. මෙවැනි සුවිශාල ඉතිරියක්, අභ්‍යවකාශ ගමන්වල පිරිවැය විශාල ලෙස පහත දැමීමට හේතුවනවා.

ඒ අනුව, අඩුමිලකට චන්ද්‍රිකා ගුවන්ගත කිරීමට මෙන්ම ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙනයාමටද හැකිවනවා. දැන් විශ්‍රාම ගන්වා තිබෙන අභ්‍යවකාශ ශටලයට පසුව ප්‍රායෝගිකව නැවත පරිහරණය කල හැකි එකම රොකට් තාක්ශණය ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් 9 රොකට්ටුවයි.

ඕර්බ්කොම් (Orbcomm) නම් පෞද්ගලික සන්නිවේදන සමාගමක් සඳහා සන්නිවේදන චන්ද්‍රිකා 11 කිලෝමීටර් 100ක් පමණ උඩුගුවනට ගෙනගිය ෆෝල්කන් 9 රොකට්ටුවේ ප්‍රධාන අදියර, චන්ද්‍රිකා ගබඩාකොට ඇති දෙවන අදියරෙන් වෙන්ව නැවත්ත් ගොඩබිමට පැමිණි අතර, දෙවන අදියර ක්‍රියාත්මකව පෘථිවි කක්ශයට ඇතුලුවී චන්ද්‍රිකා 11ම සාර්ථකව අදාල කක්ශවෙත යොමුකොට තිබෙනවා. ඉතාමත්ම සංකිර්ණ අභ්‍යවකාශ මෙහෙයුමක්වූ මෙය පෞද්ගලික සමාගමක් මගින් සිය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ක්‍රියාත්මක කරවීම අමෙරිකානු අභ්‍යවකාශ තාක්ශණය නැවතත් ලොව ඉහලම තලයට ඔසවා තිබෙනවා.

චීනය, ඉන්දියාව වැනි රටවල්ද සාර්ථකව සඳවෙත යානා යවා තිබෙන අවධියක, ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව පසුබා සිටි අමෙරිකාවට, කලක් සිය අභ්‍යවකාශගාමීන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ගැනීම සඳහා රුසියානු රොකට්ටුවල පිහිට පැතීමට සිදුවනා. අමෙරිකානුවන් එය තම ජාතියට සිදුවූ ඉතාමත් ලැජ්ජාවක් ලෙස එය සැලකූ අතර අභ්‍යවකාශ තරණය සඳහා පෞද්ගලික අංශයට භාරදීම දැඩිලෙස විවේචනය කලා. එහෙත් එම තීන්දුව නිවැරදි බව දැන් තහවුරුවී තිබෙනවා.

ස්පෙස් එක්ස් සමාගමේ නිර්මාතෲ වන්නේ අමෙරිකාවේ අධිතාක්ශණික ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකු වන ඊලෝන් මස්ක් නම් තරුණ ව්‍යාපාරිකයායි. ඔහුගේ මුල්ම අධිතාක්ශණික පිවිසුම වන්නේ ඊබේ (eBay.com) සමාගම වන අතර, එහි සිය අයිතිය විකුණා දැමීමෙන් ලැබුණු මුදලින් ඔහු ස්පේස් එක්ස් සමාගම හා ඉලෙක්ට්‍රික් කාර් ලෝකයේ දැවැන්තයෙකු බවට පත්ව තිබෙන ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සමාගම ආරම්භ කලා. ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් ලෝකයේ එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනය කල හැකි කාර් රථ වනවා. නිසාන් ලීෆ් රථයක් එක් ආරෝපණයකින් කිලෝමීටර් 100කට අඩු දුරක් යාහැකි අතර අලුත්ම ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් රථ කිලෝමීටර් 300 සිට කිලෝ මීටර් 500ක පමණ දුරක් යා හැකි ලෙස නිර්මාණය කොට තිබෙනවා.



Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments