අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

uPeek - ඔබගේ ස්මාර්ට්ෆෝනය ප්‍රභල අන්වීක්ශයක් බවට පෙරලන අලුත් ගැජට් එක.


මියු-පීක් (සරළ වහරෙන් යූපීක්) ලෙස හඳුන්වන්නේ විශාලත්වයෙන් ක්‍රෙඩිට්කාඩ් පතක් තරම්වන ඝණකමින් මිලිමීටර් 4-5ක් පමණ වන, ඔබගේ ස්මාර්ට්ෆෝනයට සවිකල හැකි අලුත්ම ගැජට් එකක්. නිර්මාපකයින් මෙය, කුඩා එහෙත් ප්‍රභල අන්වීක්ෂයක් ලෙස ක්‍රියාකරන බව පවසනවා. යුරෝපීය තරුණයන් තිදෙනෙකුගේ නිර්මාණයක් වන මෙය නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මෑතකදී කික්ස්ටාටර්.කොම් සුළු ආයෝජන වෙබ් අඩවිය හරහා සපුරාගත් බව නිර්මාපකයින් මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශකොට සිටියා. සාක්කුවේ ගෙනයාහැකි, ඕනෑම අවස්ථාවකදී පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි මෙය, විද්‍යාගාරතුල භාවිතාවන මිලෙන් අධික ආලෝක අන්වීක්ශ තරම්ම ප්‍රභල බව ඔවුන් පවසනවා. ආයෝජන ලබාගැනීම සඳහා කික්ස්ටාටර් අඩවියට ඔවුන් නිකුත්කල තොරතුරු මගිනුයි මෙම ලිපිය සම්පාදනය වන්නේ.


ප්‍රමාණයෙන් කුඩාවුවත්, තාක්ශණයෙන් සපිරි මියු-පීක් ක්‍රියාත්මක වන්නේ ක්ශුද්‍ර මෝටරයක් ආධාරයෙන් ක්‍රියාත්මකවන, ලෙන්ස 4ක පද්ධතියක් මගිනුයි. මීට අමතරව වස්තුව ආලෝකමත් කිරීම සඳහා අධිතාක්ශණික ළ්Eඪ් ආලෝක පද්ධතියකිනුත් මෙය සමන්විත වනවා. ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිෆෝන් පද්ධති සමග ක්‍රියාත්මක වන මෙය ඇප් එකක් මගින් රැහැන් රහිතව ෆෝනය හා සම්බන්ධව ක්‍රියාත්මක වනවා.


එපමණක් නොව, විද්‍යාගාරවල භාවිතාවන වීදුරු ස්ලයිඩ තුල රූවා නිරීක්ශණය කලයුතු සාම්පල් (රුධිරය වැනි ) පරීක්ශාව සඳහා ස්ලයිඩ් හෝල්ඩරයක් හා වීදුරු ස්ලයිඩ කිහිපයක්ද මියු-පීක් මිලදී ගන්නන්හට ලබා දෙනවා. එමෙන්ම අන්වීක්ශ පරීක්ශාව සඳහා සාම්පල පිලියෙලකර ගන්නා ආකාරය පිලිබඳව අත්පොතක්ද ලැබෙනවා.නිර්මාපකයන් පවසන ආකාරයට පාසැල් විද්‍යාගාරවල විප්ලවීය වෙනසක් සිදුකිරීමට මෙම ගැජටයට හැකියාව තිබෙනවා. විද්‍යාගාරවල භාවිතාවන එක් අන්වීක්ශයක් සඳහා යන වියදමෙන් මියු-පීක් ගැජට් 20ක් පමණ මිලදීගත හැකි නිසා ඉදිරියේදී සෑම විද්‍යා සිසුවෙකුටම තමන්ගේ සාක්කුවේ ගෙනයා හැකි, ඉතා පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකි, එහෙත් ප්‍රභල අන්වීක්ශයක් ලැබෙනු ඇති. ස්මාර්ට්ෆෝනය හරහා ලැබෙන රූප ඡායාරූප ලෙස ගබඩාකරගැනීම හා බෙදා හැරීම කල හැකි නිසා, සිසුනට තම විද්‍යා පරීක්ශණ වල නිරික්ශණ ව්‍යාපෘති වාර්තා හා අඛන්ඩ අගැයීම් නිබන්ධන සඳහා පහසුවෙන් එකතුකල හැකිවනවා.



කික්සාටර් වෙබ් අඩවියේ දක්වා ඇති කාලසටහන (timeline) අනුව, 2016 ජූනි වනවිට මෙම ගැජටය පාරිභෝගිකයින් හට ලබාදීමට සැළසුම්කොට තිබෙනවා.



මියු-පීක් නිර්මාතෲවරුන් වන ස්විස් ජාතික  Patrick Galliker, Martin Schmid  හා Julian Schneider 

----------------------------------------------------------------------------------------------------------
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments