MILITARY AIRCRAFT : MQ-1 Predator Drone, ඔබට සුබ විශ්‍රාමයක්


ලොව පලමු ප්‍රහාරක ඩ්‍රෝන යානය වන ජෙනර්ල් ඇටොමික්ස් සමාගම නිර්මාණය කල MQ 1 Predator ඩ්‍රෝන යානය වසර විස්සක සේවාකාළයකින් පසු විශ්‍රාම යැවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටී. හඳුන්වාදුන් කාළයේ මිසයිල ගෙනයාමට නොව, ඔත්තු බැලීමට හා හමුදා මෙහෙයුම් වලදී ගොඩබිම් සේනාවලට මග පෙන්වීමට නිර්මාණය කල ප්‍රිඩේටර් ඩ්‍රෝනය පසුව හෙල්ෆයර් මිසයිල ගෙනයාමට අනුවර්තනය කරන ලදී.

නියමු රහිත යානා ලොව සියලුම රටවල නූතන යුධ සැළසුම් වලට අනුයුක්ත කරගැනීමට මගපෑදූ ප්‍රිඩේටර් ඩ්‍රෝනය ඉතා සරලව නිමැවූ යානයක් වුවද ප්‍රහාරක සාර්ථකත්වය අනුව බලන කල ඉතා විශිෂ්ඨ වාර්තා තබා ඇති යානයකි. 1994දී සිදුකල ප්‍රථම පියාසැරියෙන් පසු මේ වනවිට ප්‍රිඩේටර් යානා බළකාය ඒකාබද්ධ පියාසැරි පැය මිලියනයක් ඉක්මවා ඇත.

මේ වනවිට ප්‍රිඩේටර් යානා 360ක් නිපදවා ඇති අතර ඉන් වැඩි ගණනක් ඇමරිකානු ගුවන් හමුදාව මගින් මෙහෙයවයි.ප්‍රිඩේටර් යානය පලමුවරට යුධ මෙහෙයුම සඳහා යොදාගත්තේ මධ්‍යම යුරෝපයේ බොස්නියාවේදීය. ඒ 1995දීය.1999දී මධ්‍යම යුරෝපයේ යුගෝස්ලාවියාවේ සිදුවූ සටන් වලදීද ප්‍රිඩේටර් ඩ්‍රෝනය සාර්ථකව යොදාගෙන ඇත.

වසර 2000න් පසු ඇෆ්ඝනිස්ථානයේ හා පාකිස්ථානයේ රජයේ පාලනයෙන් වියුක්ත පෙදෙස්වල ත්‍රස්ත ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ඇරඹූ ප්‍රිඩේටර් ඩ්‍රෝනය අල්ඛයිඩාවට විරුද්ධව සුප්‍රකට ඩ්‍රෝන යුද්ධයට බෙහෙවින් දායක වුනා.

පාකිස්ථානය ඉහල සිදුකල රහසිගත සී.අයි.ඒ ප්‍රිඩේටර් ඩ්‍රෝන මගින් ඔසාමා බින් ලාඩන් සැඟවී සිටින තැන සොයා ගත් අතර ඒ ඔස්සේ තවත් තවත් තොරතුරු හඹාගිය සී.අයි.ඒ ඒජන්සිය බින් ලාඩන් මරා දැම්මා.ප්‍රිඩේටර් ඩ්‍රෝනය හෙල්ෆයර් මිසයිලවලින් සන්නද්ධ කරනු ලැබුවේ 2001 සිටයි.











__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments