අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (III කොටස)


1940 අගෝස්තු 24 - නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Messerschmitt Bf 109E-4  ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ තිරිඟු ගොවිපොලකට කඩා වැටී තිබූ අයුරු. 



1941 අප්‍රේල් - බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ Hawker Hurricane Mk.I ප්‍රහාරක යානයකට පතරොම් පිරවීමට සූදානම් වෙමින්. සිදී හනීෂ් ගුවන් පථය, ඊජිප්තුව



1941 ජූලි - පියාසර ලුතිනන් (පසුව වින්ග් කමාන්ඩර්) වෝල්ටර් ඩ්‍රින්ග් සිය Typhoon Mark IB ප්‍රහාරක යානය සමග සසෙක්ස් ප්‍රාන්තයේ ගැට්වික් ගුවන් පථයේදී



1940 සැප්තැම්බර් - "බැටල් ඔෆ් බ්‍රිටන්" නම් මහා ගුවන් සටනේ ප්‍රහාරයකට සහභාගීවී ආපසු එමින් සිටි නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Messerschmitt Bf109E-1 ප්‍රහාරක යානයක් ප්‍රංශයේ කැලයිස් වෙරළ කඩාවැටී තිබූ අයුරු.


HISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (II කොටස)



1941 ජූලි 15 - නට්සි ජර්මන් ගුවන් හමුදාවේ  Heinkel He 111B ප්‍රහාරක යානයක් චෙක් ජනරජයේ ප්‍රාග්-රුසීන් ග්‍රාමයේ නිවසකට කඩාවැටී තිබූ අයුරු





යුරෝපයේ යම් ස්ථානයක - දරුණු සටන් මැද මද විරාමයක් ලබමින්



පැසිෆික් සාගරයේ කොරළ්-පර දිවයිනක - ඔස්ට්‍රේලියානු සෙබළුන් ජපන් හමුදා සමග මුහුණට මුහුණ සටනක යෙදෙමින්







දෙසැම්බර් 1944 - පිලිපීනයේ මරියානා දූපත් ගුවන් කඳවුරෙන් ජපානයේ ටෝකියෝවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ගුවන්ගත වන ඇමරිකානු  B-29 Superfortress බෝම්බ හෙලන යානාවක්.



දෙසැම්බර් 20 1944 - ඇමරිකන් M36 'Jackson යුධ ටැංකි ජර්මන් ප්‍රහාරයක් ආපසු හැරවීම සඳහා බෙල්ජියම හරහා ජර්මන් දේශසීමාව වෙත ගමන් කරන ආකාරය.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. Good collection of historical pictures! Feel sad though when thinking about those people.

    ReplyDelete

Post a Comment