අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

POLITICS : "Trump : FIRE & FURY" පොතට තොරතුරු දුන් ස්ටීවන් බැනන්ට ආයෙත් රස්සාව නැතිවෙයි!



ස්ටීවන් බැනන් කියන්නේ කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලඟම හිතවතෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන විධායකයා විධියට ඔහුගේ ජයග්‍රහණයට කටයුතුකරපු බැනන්, ට්‍රම්ප් ජනාධිපතිගේ ප්‍රධාන උපායමාර්ගික නිළධාරියා විධියට පත්වීම් ලැබී කාලයක් ජනාධිපති ට්‍රම්ගේ විශ්වාසදායකම ඇතුලු කවයේ සාමාජිකයෙක්ව සිටියා. 

කෙසේ වෙතත් උග්‍ර දක්ෂිණාංශික මෙන්ම සුදු ජාතිකයින් වඩාත් උසස් යයි විශ්වාස කරන White Supremacist අදහස්  ඇති ස්ටීවන් බැනන් හා ට්‍රම්ප් අතර මත ගැටුම් ඇතිවන්න වැඩිකල ගතවුනේ නෑ. විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ ඇතුලු කවයේ සිටින ඔහුගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් හා ඇයගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් සමග දැඩි ලෙස මත ගැටුම් ඇතිකරගත් බැනන්, ඉවන්කා පට්ට පල් මෝඩියක් බව හිතවතුන්ට කියා තිබුණා.






බැනන් හා ට්‍රම්ප් අතර විරසකය උග්‍රවුනේ ට්‍රම්ප් එෆ්.බී.අයි ප්‍රධානී ජේම්ස් කොමේ ඉවත් කිරීමේ තීරණයට බැනන් විරුද්ධවීමත් සමගයි. එය ඇමරිකන් දේශපාලන ඉතිහාසයේ මෝඩම විධායක තීරණය බව බැනන් ප්‍රකාශකල බව මාධ්‍යවල වාර්තාවුනා.

බැනන්ගේ ක්‍රියාකලාපය තවදුරත් ඉවසන්නට නොකැමතිවූ ට්‍රම්ප් ඔහුව චීෆ් ස්ට්‍රැජටිස්ට් තනතුරෙන් හා ඒ සමගම ඔහුට හිමිවූ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත්කලා. එසේ ඉවත්කල පසු නැවතත්  තමන් සභාපතිත්වය දැරූ උග්‍ර දක්ෂිණාශික පුවත් වෙබ් අඩවියක් වන බ්‍රෙයිට්බාර්ට් අඩවියට නැවත පිවිසි ඔහු එහි සභාපතිලෙස පත්වුනා.

කෙසේ වෙතත් මේ වනවිට, ස්ටීන්වන් බැනන්ව එම තනතුරෙන් නෙරපා හැරීමට බ්‍රෙයිට්බාර්ට් අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කොට තිබෙනවා. මෙයට හේතුව ට්‍රම්ප් පවුලේ අතිශය පුදගලික තොරතුරු, ධවල මණ්දිරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිලිබඳ එතරම් නිවැරදි නොවන තොරතුරු මෙන්ම ඉතාමත් අසම්භාවී මත ඉදිරිපත් කල "Fire & Fury" පොත ලිවීම සඳහා එහි කතෲ මයිකල් වුල්ෆ්ට තොරතුරු සියල්ලම ලබා දුන්නේ ස්ටීවන් බැනන් බව වුල්ෆ් ප්‍රකාශකිරීමත් සමගයි.

"Fire & Fury" පොතෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිරයා හා ඔහුගේ සමීපතමයින් ඉතාමත් නිර්දය ලෙස මෙන්ම අසාධාරණ ලෙස විවේචනය කර තිබෙනවා. මේ තොරතුරු සියල්ලම මයිකල් වුල්ෆ්ට ලබාදී ඇත්තේ බැනන් විසින් බව දැන් තහවුරුයි.

මධ්‍යස්ථ විචාරකයින් සමහර ට්‍රම්ප් විරෝධීන් පවා ෆයර් ඇන්ඩ් ෆියුරි පොතෙහි හුවාදක්වන ආකාරයට ට්‍රම්ප් මෝඩ, මුඛරි, කිසිවක් බැරි අසහනකාරයෙක් ලෙස පෙන්වාදීම විශාල වැරැද්දක් බව පවසනවා. ට්‍රම්ප්ගේ වැරදි ඇතත් ඔහු මෝඩයෙකු හෝ පිස්සෙකු නොවන බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරයක් ගොඩනගාගත්, පලමු උත්සහයේදීම ජනධිපති පදවිය දිනාගත් දක්ෂයෙකු ලෙසයි ඔවුන් කියන්නේ.

එමෙන්ම ජෝර්ජ් W බුෂ් ජනපති පදවිය හොබවන කාලයේදී ඔහු පල් මෝඩයෙකු හා කිසිවක් නොදන්නා අඳ බාළයෙකු බවට බොහෝ දෙනා චෝදනා කල බවද පෙන්වා දෙන මේ විචාරකයින්, කරුණු එසේ බැවින් ට්‍රම්ප්ට විරුද්ධව නැගෙන චෝදනා බොහෝ ඇමරිකානු ජනාධිපතිවරුන්ට එල්ලවෙන චෝදනා මිස එයින් ප්‍රම්ප්ගේ පාලනය පඹගාලක් බව පැවසීම නිවැරදි නොවන බව පවසනවා.

එමෙන්ම මෑත ඉතිහාසයේ වඩාත්ම සාර්ථක රිපබ්ලිකන් ජනාධිපතිවරයා ලෙස සැලකෙන රොනල්ඩ් රීගන්, දේශපාලනය නොදන්නා පෙන්ෂන් ගිය නාකි නළුවෙකු බව පවසමින් ඔහුට දැඩි ලෙස අපහාස කලත්, ඉතිහාසය මගින් රොනල්ඩ් රේගන් සැබැවින්ම ඉතා සාර්ථක ඇමරිකානු ජනාධිපතිවරයෙකු බවත්, ඔහු නොබියව සෝවියට් දේශයේ බලපෑම් වලට මුහුණ දී එය විනාශ මුඛයට යවන්නට හැකි සෑම දෙයම කල බවත් ඔවුන් මතක් කරනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments