අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

YAY!! (LOL) : විද්‍යාගවේෂණගේ පෝස්ටුවකට සුද්දෝ-සුද්දියෝ 56ක් කොමෙන්ට් කෙටුවා කියහංකො!!



විද්‍යාගවේෂණගේ පෝස්ටුවලට වැඩිය (නෙමෙයි කොහොමටවත්) කොමෙන්ටු වැටෙන්නේ නෑය. "කොටන්නෝ නොකියවති, කියවන්නෝ නොකොටති....." කියලා මීට සෑහෙන කාලෙකට කලින් W3 එකේ පැරා සීයා කියා තිබූ නිසා ඒක සිහිකර කර විද්‍යා ගවේෂණ හිත සනසවාගන්නවාය.  

කොමෙන් වැඩිය නොවැටුනාට කියවන බව නම් පේනවාය. මෑතකදී දාපු පෝස්වලින් ලොකුම හිට් එක "Mission in Afghanistan" විද්‍යා ප්‍රබන්ධයයි. අවුරුද්දක් විතර කට්ට කාලා, තොරතුරු සොයාගන්න සෑහෙන මහන්සියක් අරගෙන ලියපු නිසා හිට්ස් ගාණ දකිනකොට හිතට සතුටක් දැනෙනවාය. කාර් කොම්පැණිය ගැන ලියපු ලිපියත් සර්ප්‍රයිස් හිට් එකක් වෙලාය. නත්තල් නිවාඩු සතියේ දඩිබිඩිගාලා ලියපු අලුත්ම විද්‍යා ප්‍රබන්ධයේත් හිට්ස් වැඩිවේගන යනවා දැකීමත් සතුටක් ඇති කරයි.

කාලයක් කොමෙන්ටු වලින් ඩෙත් ත්‍රෙට්ස් එහෙම විඳපු පැරා සීයා කොමෙන්ටු වලින් ඩෙත් ත්‍රෙට් එන කාලේ බයටම ඔයවගේ කතා කීවාට ඌත් හෙන ආඩම්බර කාරයාය. ටෙලිවිෂන් පර්සනැලිටි cum සීනියර් ජර්නලිස්ට් cum ඉන්ග්ලිෂ් ටීචර් නිසා එහෙම වෙන්ඩැති කියලා හිතෙනවාය. පැරා සීයාගේ පෝස්ට් එකකට පිලිතුරු ලිපියක් ලිව්වත්  දැක්කේ නෑ වගේ ඉන්නේ "විද්‍යා ගවේෂණ වගේ ජූනියර් බ්ලොග් පඟරුන්ට උත්තර බඳින්ට යෑම මගේ සීනියර් කමට නොගැලපේ යන...." පහන් හැඟීමෙන් විය යුතුය.







ලංකාවේ බුවාලා ගණන් නොගත්තාට විද්‍යා ගවේෂණට සුද්දෝ සුද්දියන්ගෙන් නම් කොමෙන්ට් වැටෙනවාය. දැන් ටික කාලෙකට කලින් ලංකාවේ පොරක්වෙන චමත් පලිහපිටිය ඇමරිකන් රූපවාහිණී (CNBC) සම්මුඛ සාකච්ඡාවකදී කියූ කරුණු කිහිපයක් අඩංගු වීඩියෝවක් යූටියුබ් එකේ දමා ඒ ගැන බ්ලොග් ලිපියක් ලියුවා (BUSINESS STRATEGY : අයි.බී.එම් වොට්සන් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය විහිලුවක්! - චමත් පලිහපිටිය. ) .





සිංහල බැරිනිසා සුද්දෝ මගේ බ්ලොග් ලිපියේ කොමෙන්ටු කෙටුවේ නැතත් යූ ටියුබ් වීඩියෝවට නම් තාමත් කොමෙන්ට් වැටෙනවාය. දැනට කොමෙන්ට් 56ක් වැටී තියෙන අතර 35,000ක් විව්ස් වැටිලාය.  

ලංකාවේ කවුරුවත් ගණන් ගන්නේ නැති වුනාට ලංකාවෙ කොල්ලන් වන චමත් මල්ලියාටයි, විද්‍යා ගවේෂණ අයියාටයි සුද්දන් ගෙන් සුද්දියන් ගෙන් එන සැළකිලි කොහොමද හිටං? හෙක් හෙක් හෙක්.

වැරදිලාවත් කොමෙන්ට් කොටන්ඩ නං එපා. කියවලා යන්ඩ හිටං. කොමෙන්ට් කොටන එක සුද්දන්ට බාරයි.

















__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ලංකා ෙව් මිනිස්සු හිතන්ෙන් හරි අමුතු විදිහට ..ඒ් නිසාම ලංකාව අද ෙමතන ති ෙයන් ෙන්

    ReplyDelete

Post a Comment