NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

FILM: Avengers is back with Loki, Thor, Hulk, Steve Rogers (ex-Captain America) and Tony Stark (ex-Iron Man) as Dr.Doom

>>> ALERT!! MAJOR SPOILERS <<<

Avengers: Doomsday චිත්‍රපටය ආරම්භ වෙන්නේම ප්‍රේක්ෂකයන්ව කුතුහලයට පත් කරමින්. Marvel Studios ලාංඡනය (Logo) රතු සහ කොළ පැහැයන් broken LED screen ආකාරයෙන් flicker වන අතර, පසුබිමින් ඇසෙන්නේ ස්ටීව් රොජර්ස් සහ පෙගී කාටර් 1949දී නැවත එක්වී**  ආලිංගන නර්තනයේ යෙදෙන "It's Been a Long, Long Time" ගීතයයි.


කතාව දිවයන්නේ Avengers: Endgame හි අප දුටු කාල තරණය දෙසටයි. එහිදී  Infinity Stones නැවත භාරදීමට යන ස්ටීව් රොජර්ස් අතින් නොසිතූ මොහොතක පෙගීගේ කාලසීමාව තුළ අලුත් කාල රේඛා (Branching timelines) නිර්මාණය වෙනවා. මෙම අලුත් කාල රේඛා නිර්මාණයෙන් ස්ථාවරව පැවති මල්ටිවර්ස් හෙවත් බහු-විශ්වය අවුල්ජාලාවක් වී සියලු කාළරේඛා අස්ථාවර වෙනවා.

Avengers: Doomsday හි වඩාත්ම කතාබහට ලක්වන පෙරළිය වන්නේ Victor von Doom ගේ හදිසි ආගමනය. 

ස්ටීවි රොජර්ස් 1949ට ආපසු යාමේ ප්‍රථිපලයක් ලෙස සිදුවන අස්ථාවර කාළරේඛා වියවුලේ ප්‍රතිපලයක් ලෙස වෙනත් විශ්වයක අපගේ පෘථිවියේ ප්‍රතිබිම්බයක් වන Earth-616B ලෙස හැඳින්වෙන පෘථිවියේ සිට ඩොක්ටර් වෑන් ඩූම් අපගේ පෘථිවියට (Earth-616) පැමිණෙනවා. Earth-616B පෘථිවියේ ඩොක්ටර් ඩූම්, අපගේ පෘථිවියේ අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක්.

Earth-616B පෘථිවියේ ලට්වේරියා නම් දේශයේ පාලකයා වන  'ඩූම්' ස්ටීව් රොජර්ස්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් පැමිණ තිබෙනවා. ඔහු විශ්වාස කරන අන්දමට ස්ටිව් රොජර්ස් ආත්මාර්ථකාමී ලෙස සිය පෙම්වතිය වන පෙගී සමග එක්වීමට 1949ගොස් සිදුකල කාළරේඛ විකෘතිය නිසා තමන්ට තමන්ගේ බිරිඳ හා දරුවා අහිමිකරමින්, තමන්ගේද මුහුණ විකෘතිකරමින් සිදුවූ මහා විනාශයට ස්ටීව් රොජර්ස් වන්දි ගෙවිය යුතුබවයි.

වෛරයෙන් පිරුණු ඩොක්ටර් ඩූම්ගේ සැලසුම, දැනට පවතින සියලුම විශ්වයන් එකට එකතු කර සිය ඒකාධිපති පාලනය යටතේ පවතින එක් විශ්වයක් නිර්මාණය කිරීමයි.


මෙම දැවැන්ත තර්ජනයට මුහුණ දීම සඳහා ප්‍රධාන පාර්ශව හතරක් එක්ව සිටිති. ඒ අතරට Original Avengers කණ්ඩායම, සෑම් විල්සන්, තෝර්, හල්ක්, ශූරි, කේට් බිෂොප් සහ මිස් මාවල් ඇතුළත් New Avengers කණ්ඩායම මෙන්ම Fantastic Four කණ්ඩායමද ඇතුළත් වේ. මීට අමතරව වෙකාන්ඩා (Wakanda) සහ ටැලෝකන් (Talokan) වැසියන්ගේ ඒකාබද්ධ සන්ධානයක්ද මෙම සටනට පණ පොවයි.

විශේෂම කරුණ නම්, අයන් මෑන් වීමට පෙර යුගයකින් ගෙන්වාගත් තරුණ ටෝනි ස්ටාර්ක් සහ උපදේශකයෙකු ලෙස කටයුතු කරන විශ්‍රාමික ස්ටීව් රොජර්ස් ද මෙම මෙහෙයුමට එක්ව සිටීමයි.

Avengers: Doomsday - December 2026 Release

Directed by Anthony and Joe Russo

Screenplay by Stephen McFeely and Michael Waldron

The film opens December 18, 2026

followed by Avengers: Secret Wars on December 17, 2027


Comments