NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HIKING AND TREKKING: Iconic trek on railway tracks from Pattipola to Belihuloya via Bandarawela and Horton Plains | කඳුකරයේ අසිරිමත් පාගමනක සංචාර සටහන්


කඳුකරයේ අසිරිමත් පාගමනක සංචාර සටහන්

මෙම සංචාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා විහිදී යන අදියර කිහිපයකින් සමන්විත අමතක නොවන ගමනක්. ඓතිහාසික උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් ඔස්සේ ඇරඹෙන මේ පාගමන (trek), පසුව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය මැදින් වැටී ඇති ස්වභාවික වනපෙත් දිගේ ඔබව ගෙනයනවා.

ලංකාවේ ට්‍රෙකින් වලට බොහොම පළපුරුදු අය ලියපු පොත් හා ගමන් සටහන් (trip reports),  වගේම වීඩියෝ ලොග් (වීලොග්) වල කියන සවිස්තරාත්මක අත්දැකීම් ඇසුරින් සැකසුණු විස්තරයකින් ඔබට ගෙන එන මෙම ගමන ජීවිතේ එක් වරක් හරි යන්න ඕනෙ ගමනක්.

මෙම ගමන පට්ටිපොල දුම්රිය ස්ථානයෙන් පටන් අරගෙන, දුම්රිය මග දිගේ ඉදල්ගස්හින්න සහ බණ්ඩාරවෙල දක්වා පයින් යනවා. ඊට පස්සෙ ආයෙම කෝච්චියෙන්ම පට්ටිපොලට ඇවිල්ල, එතැන ඉඳන් පයින්ම හෝර්ටන් තැන්න දක්වා ට්‍රෙකින් එකක් යනවා. ගමනේ අවසානය නෝන්පෙරියල් වතුයාය මැද්දෙන් බෙලිහුල්ඔය දක්වා වූ අතිදුෂ්කර බැස්මකින් සමන්විතයි.

විවිධ ගවේෂණ කණ්ඩායම් සහ මෙවැනිම චාරිකාවල නිරත වූවන්ගේ අත්දැකීම්වලට අනුව, මේ මුළු ගමන සඳහා දින දෙකක් විතර යනවා. මේ ගමනෙදි කිලෝමීටර් 40ත් 50ත් අතර දුරක් පයින් යන්න වෙනවා. 

හැබැයි අමතක කරන්න හොඳනැති දේ තමයි දුර කිලෝමීටර් 50 වුනාට මහන්සිය කිලෝමීටර් 150ක් දුරක් ඇවිදිනවා වගේ කියන එක. දුෂ්කර කඳු බෑවුම්, කැලෑ පාරවල් වලින් යන්න තියෙන නිසා මහන්සිය අධික වෙන්න පුලුවන්.

ඒ වගේම පවතින කාලගුණය, ගමනට සහභාගී වන්නන්ගේ කායික ශක්තිය සහ දුම්රිය කාලසටහන් අනුව ගතවන කාලය අඩු වැඩි විය හැකි බවත් අමතක කරන්න එපා.

විශේෂ අවධානයට: සජීවී දුම්රිය මාර්ග ඔස්සේ පයින් ගමන් කිරීමේදී අනපේක්ෂිත දුම්රිය පැමිණීම් සහ මාර්ගයේ ඇති විෂම ස්වභාවය හේතුවෙන් යම් අවදානමක් පවතින බව මතක තියාගන්න. උමගක් තුලදි දුම්රියක් පැමිණුනොත් අත්දැකීම ත්‍රාසජනක වෙන්න පුලුවන් වගේම බරපතල අණතුරක් වෙන්නත් පුලුවන්.



Phase 1: The Great Rail Hike (Pattipola to Idalgashinna)

1. Distance: Approximately 15–16 kilometres

2. Time: Approximately 4–6 hours

3. The journey commences at Pattipola Railway Station, the highest in Sri Lanka at 1,898 metres above sea level

4. Hikers walk directly on active railway tracks, navigating uneven sleepers and gravel through a misty, ethereal wet zone

5. This segment includes passing through 18 tunnels; the 18th tunnel serves as a dramatic boundary where the climate shifts from humid, rainy forests to sunnier, drier expanses

6. Safety requires constant vigilance for oncoming trains, where hikers may need to press against tunnel walls for clearance
ගමන ඇරඹෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1,898ක් පමණ උසින් පිහිටි, ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. ගමනේ පළමු අදියරේදී අපට සිදුවන්නේ සජීවී දුම්රිය මාර්ගය දිගේ "රේල් හයික්" (Rail Hike) එකක් කරන්න. 
මෙම අත්දැකීම, 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදිවුණු දුම්රිය මාර්ගවල ඇති විස්මිත ඉංජිනේරු තාක්ෂණය ඉතා සමීපව දැකබලා ගන්න, ඒ වගේම සුද්දා කොහොම මේවා හැදුවද දන්නේ නෑ නේද? කියලා හිතේ ඇතිවන ප්‍රශ්නෙට උත්තර හොයාගන්නත් අවස්ථාව තියෙනවා.
මෙලෙස දුම්රිය මග දිගේ ගමන් කිරීමේදී රළු ලී සිල්පර කොට සහ ගල් බොරලු මතින් ඇවිදීමට සිදුවන බැවින්, කාලයත් සමඟ දෙපාවලට දැඩි තෙහෙට්ටුවක් හෝ අප්‍රාණික ගතියක් දැනෙන්න පුලුවන්.
ලිස්සා යාමෙන් වැළකී ආරක්ෂිතව ගමන් කිරීමට හොඳින් පතුල අල්ලා සිටින ශක්තිමත් hiking boots යුගලක් පැළඳීමත්, අවධානයෙන් යුතුව පියවර තැබීමත් අත්‍යවශ්‍ය වෙනවා.
මෙම පාගමනේ අමතක නොවනම අත්දැකීම වන්නේ බිම්ගෙවල් 18ක් පසු කරමින් යන ගමන. කෙටි බිම්ගෙවල්වල සිට විදුලි පන්දමක ආලෝකය නොමැතිව ගමන් කළ නොහැකි තරම් අඳුරු වූ දිගු බිම්ගෙවල් දක්වා වූ විවිධත්වයක් මෙහි දකින්න පුලුවන්. 
මේ අතරින් හමුවන දිගම බිම්ගෙය (18 වැනි බිම්ගෙය) කාටත් අමතක නොවන එකක්. දැඩි අන්ධකාරයත්, අපේ අඩි සද්ද ප්‍රතිරාවය වෙමින් ඇසෙන විට දැනෙන බිය මුසු තනිකමත් අපූරු අත්දැකීමක්. 
මීට අමතරව, ගැඹුරු හෙල් හරහා ඉදිවුණු පාලම් මතින් යන විට, ඈතින් පෙනෙන තේ වතු, එළවළු වගාවන් සහ පයින් වනාන්තර සහිත කඳු පන්ති පේනවා.

Phase 2: Into the Uva Valley (Idalgashinna to Bandarawela)

1. Distance: Approximately 15–20 kilometres

2. Time: Approximately 4–6 hours

3. The trail continues along the tracks through Haputale, offering sweeping views of cascading tea plantations and tall eucalyptus trees

4. Trekkers may encounter dense jungle in areas like the Tangamale Bird Sanctuary, requiring detours around overgrowth or fallen trees

5. The route passes disused colonial stations and local villages where the tracks serve as a primary pathway for residents

6. Vigilance is essential due to narrow sections with limited space beside the rails when the daily trains pass

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන හයික් එකේ දෙවෙනි කොටස, හපුතලේ හරහා බණ්ඩාරවෙල දෙසට දුම්රිය මාර්ගය යාමට තිබෙන එකක්. අභියෝගාත්මක ට්‍රෙකින් වල නියැලෙන්නන් බොහෝ විට මෙම කොටස පෙර කොටස හා සම්බන්ධ කරමින් දවස් දෙකක ට්‍රෙක් එකක් කරගන්නවා. රාත්‍රී නවාතැන් කෑම්පින් විධියටත් කරන්න පුලුවන්.
ඒ අනුව මෙම අදියරට තවත් කිලෝමීටර් 15-20 ක දුරක් එකතුවෙන නිසා සම්පූර්ණ ට්‍රෙක් එක එකවර නිම කරන්නේ නම්, දුම්රිය මාර්ගය ඔස්සේ ඇවිද යා යුතු මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 30-35 විතර. ඒක ඒතරම්ම දුරක් නොවුනත් යන්න තියෙන මාර්ගයේ අභියෝගාත්මක බව නිසා අමාරුවෙන්න පුලුවන්.
මාර්ගය දෙපස උස්ව වැඩුණු යුකැලිප්ටස් පිරුණු පෙදෙස් හරහාද ගමන් කරන්නට සිදුවෙන අතර ඇතැම් ස්ථානවලදී හයිකින් ට්‍රේල් එක හපුතලේ ආසන්නයේ පිහිටි තංගමලේ පක්ෂි අභයභූමිය වැනි ඝන වනාන්තර සහිත ප්‍රදේශ අසලින් ද ගමන් කරනවා.  
මෙම ගමනේදී හමුවන ඇතැම් පටු ස්ථානවල දුම්රිය මාර්ගය දෙපස ඉඩකඩ ඉතා සීමිත බැවින්, ධාවනය වන දුම්රිය පිළිබඳව දැඩි අවධානයකින් පසුවීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම හෙඩ්-ෆෝන්  කනේ රුවාගෙන සිංදු අසමින් ගමන් කිරීමෙන් දුම්-රිය එන හඬ නෑසී යන්නට පුලුවන්. (නොයිස් කැන්සලින් හෙඩ් ෆෝන්ස් මාරාණ්තික අණතුරවලට අතවන්නනට පුලුවන්)
සාමාන්‍යයෙන් දිනකට දුම්රිය එකක් හෝ තුනක් පමණ මෙම මාර්ගයේ ධාවනය වුවද, ඒවා බොහෝ විට නියමිත වේලාවට වඩා පරක්කුවී ධාවනය විය හැකි බව සංචාරකයන් මතක තබා ගන්න ඕනෑ.
මේ ට්‍රෙකින් කොටසේ අවසානය බණ්ඩාරවෙල දුම් රිය ස්ථානයෙන් සනිටුහන් වෙනවා.

Phase 3: The Ascent to the High Plains (Bandarawela back to Horton Plains) 

1. Distance: Approximately 7 kilometres of trekking (following a 1–2 hour train transit to return to Pattipola)

2. Time: Approximately 5–6 hours

3. To conserve energy, hikers typically take the train back to Pattipola before starting a dedicated footpath toward the park

4. The path involves a gradual ascent through montane grasslands and unique cloud forests

5. Hikers are surrounded by endemic flora, such as rhododendrons and ferns, often shrouded in a mystical mist that obscures the high-altitude plateau

බණ්ඩාරවෙල නගරය වෙත ළඟා වීමෙන් අනතුරුව, මීළඟ ගමන් අදියරයන් සඳහා ශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් සංචාරකයින් බොහෝ විට යළි හැරී පයින් ඒම වෙනුවට දුම්රියෙන් පට්ටිපොළට යන්න සැලසුම් කරනවා.

මෙම ප්‍රායෝගික පියවර නිසා, පැය 1-2ක් වැනි කෙටි කාලයකින් එම දුර ප්‍රමාණය ආවරණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර ඊලඟ අදිරයට සූදානම් වීමට ගිමන් නිවාගැනීමට මේ ඉතිරිවන කාලය ප්‍රයෝජනයට ගන්න පුලුවන් 
පට්ටිපොළ සිට ආරම්භ වන මීළඟ හයිකින් / ට්‍රෙකින් අදියර හෝර්ටන් තැන්න ජාතික උද්‍යාන සීමාව දක්වා ගමන් කිරීමයි.

කිලෝමීටර් 7ක පමණ දුරකින් යුත් මෙම මාවත කඳුකර තණබිම් සහ වනාන්තර මැදින් ක්‍රමයෙන් ඉහළට ඇදී යන අතර, උද්‍යානයටම ආවේණික වූ පාරිසරික පද්ධතියේ අසිරිය විඳගැනීමට මෙහිදී අවස්ථාව ලබලා දෙනවා.

සමහර තැන්වල ගමන අභියෝගාත්මක වුනත්, සිතාගන්නට නොහැකි සුන්දරත්වයක් විඳින්නට ඔබට පුලුවන්.

හයිකින් එකේ මේ කොටස කෙළවර වන්නේ හෝර්ටන් තැන්න උද්‍යාන පිවිසුමෙනි. එහිදී නියමිත ප්‍රවේශ ගාස්තු ගෙවා උද්‍යාන නීතිරීතිවලට අනුකූලව ඇතුළු වීමට සංචාරකයින් වගබලා ගත යුතුය


Phase 4: The Final Descent (Horton Plains to Belihuloya)

1. Distance: Approximately 10–15 kilometres

2. Time: Approximately 4–6 hours

3. The descent begins within Horton Plains, typically starting near the Mini World's End viewpoint to head toward the lowlands

4. The route traverses the World's End escarpment and the historic Non Pareil Estate, which features a colonial-era summer hut

5. Navigation becomes challenging in dense pine plantations, making a GPS device essential to avoid getting lost

6. The trek concludes with a steep, slippery descent through muddy paths, ending in the tranquil village of Belihuloya

ගමනේ අවසාන අදියර හෝර්ටන් තැන්න මධ්‍යයෙන් ඇරඹෙන අතර, කාලය ඉතිරි කර ගැනීම සඳහා මේ ට්‍රේල් එකේ යන බොහෝ දෙනෙක් සම්පූර්ණ වටරවුම් මාවත වෙනුවට 'පුංචි ලෝකාන්තය' පිවිසුම තෝරා ගන්නවා. වලාකුළු වනාන්තර , පයින් වගාවන් සහ තේ වතු මැදින් වැටී ඇති මෙම මාවත, උස් තැනිතලා බිමේ සිට බෙලිහුල්ඔය ඔබව ගෙනියනවා.

ලෝකාන්ත ප්‍රපාතය ප්‍රධාන සංධිස්ථානයක් වෙන අතර සුප්‍රකට නන්පෙරියල් වතුයායද පසුවෙනවා.

ඝන ගහකොළවලින් වැසී ගිය පටු අඩිපාරවල් ඔස්සේ වැටී ඇති මෙම මාවතේ ගමන් කිරීම බෙහෙවින් අසීරු විය හැකිය. විශේෂයෙන්ම පයින් වනාන්තර සහිත ප්‍රදේශවලදී මඟ සොයා ගැනීම දැඩි අභියෝගයක් වන බැවින්, අතරමං වීම වළක්වා ගැනීමට ජී.පී.එස්. යන්ත්‍රයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. 

මෙම දුෂ්කර ගමන වඩාත් උචිත වන්නේ දීර්ඝ හා දුෂ්කර ට්‍රෙකින් වලට පලපුරුද්දක් ඇති අයට වන අතර, ප්‍රදේශයේ අඩිපාරවල් පිළිබඳ මනා අවබෝධයක් ඇති පළපුරුදු එම ප්‍රදේශයේම මඟ පෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීම වඩාත් ආරක්ෂිත සහ නුවණට හුරුයි.


Comments