ඉස්සර කාලේ
ඉස්සර කිව්වේ 1980 අන්තිම කාලේ අපි මුලින්ම රැකියාවල් හොයන කාලේ අද තරම් පෞද්ගලික අංශය දියුණු නෑ. මෙච්චර කොම්පැණි තිබුණෙත් නෑ, මේතරම් කොලිෆයිඩ් අයදුම් කරුවන් හිටියෙත් නෑ, ඒ වගේම අදවගේ ප්‍රොෆෙෂනල් HR ඩිපාර්ට්මන්ට් තිබුනෙත් නෑ.
ඉන්ටර්විව් ශෙඩූල් කලේ Administration Department එකේ Personnel Officer / Personnel Manager. අදවගේ HR ඩිපාර්ට්මන්ට් ඒකාලේ තිබුනේ නෑ. HR Manager කියලා තනතුරක් තිබුනෙත් නෑ.
අද කාලේ
අද එහෙම නෑ. පොඩි කොම්පැණිවලත් HR ඩිග්‍රියක් තියෙන නැතිනම් CIPM වගේ ප්‍රොෆෙෂනල් HR කොලිෆිකේෂන් තියෙන මැනේජර්ලා ඉන්නවා. HR ඩිපාර්ට්මන්ට් එකේ පොඩිම ජොබ් එක කරන්නෙත් රජයේ හරි පෞද්ගලික විශ්වවිද්‍යායලයක හරි HR ඩිග්‍රියක් කරන HR ඉන්ටර්න් කෙනෙක්.
එහෙමනම් ඉතින් ලංකාවේ HR Management සුපිරියටම තියෙන්න ඕනෙ නේද?
බොරු වේකන්සි
HR කොලිෆයිඩ් කට්ටියගෙන් පිරිලා ඉන්න නිසා HR Field එක සුපිරියටම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනෙ. HR ප්‍රොෆෙෂනලිසම් සෑහෙන්න වැඩිදියුණු වෙලා තියෙනවා. ඒක ඇත්ත.
සමහර අංශවලින් සෑහෙන්නෙ දියුණුයි. 360 Employee Appraisal, KPI based Appraisals, Employee Sentiment Surveys වගේ දියුණු ක්‍රම පාවිච්චි කරනවා. නූතනයට ගැලපෙන HR Policies ගොඩක් කොම්පැණිවල තියෙනවා.
ඒත් ලංකාවෙ සමහර කොම්පැණි වල HR Department -මගේ පෞද්ගලික විශ්වාසයේ හැටියට - නොමනා, මානව සම්පත් කළමණාකරණ වෘත්තියේම ගෞරවය කෙලසන වැඩක් කරනවා.
ඒක තමයි ඇත්තටම වේකන්සියක් නැතුව ජොබ් වේකන්සි දැන්වීම් දැමීමේ ක්‍රියාවලිය.
මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ සීමාවාසික පුහුණු කාලයේ C සහ කරන ආචාර්යවරයෙක්. ඒ නිසා මම නිතරම ලංකාවේ සමාගම් ගොඩක H මැනේජර්ලා එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්නවා.
ඒ නිසා දිනපතා JV නිරීක්ෂණය කරමින්, ඒවාට අපේ සීමාවාසික පුහුණු අපේක්ෂකයින් වගේම උපාධිය ලබාගත් ලාට යොමු කරනවා. ඔය ක්‍රියාවලියේදී තමයි මට නිතරම, රිපීට් වෙන, අයදුම් කරන කිසි කෙනෙකුට ඉන්ටර්විව් එකකට කෝල් නොකරන සමාගම් නිරීක්ෂණය වුනේ. සමහර සමාගම් ටිකදෙනෙකුට ඉන්ටර්විව් එන්න කියනවා. ඒත් කාටවත් Job Offer දෙන්නේ නෑ. ජොබ් ඔෆර් දෙන්නේ නැත්තේ, වේකන්සි ඇඩ්වර්ටයිස් කරාට ඇත්තටම පුරවන්න වේකන්සියක් නැති නිසා වෙන්න ඕනෙ.
මම පෞද්ගලිකවම HR මැනේජර්ලාට කතාකරලා මේක ගැන අහලා තියෙනවා. ඔවුනුත් පිලිගන්නවා එහෙම කරනවා කියල.
ලින්ක්ඩ්-ඉන් ප්‍රොෆෙෂනල් පච මෝල
මේ වැඩේ ගොඩක්ම වෙන්නේ LinkedIn එකේ. ලින්ක්ඩ්-ඉන් කියන්නේ කිසිම Fact Checking එකක් නැති, කිසිම Verification ක්‍රමවේදයක් නැති, ඕනෙම කෙනෙකුට ඕනම බොරුවක් දාන්න පුලුවන් සමාජ ජාලයක්.
ඒ නිසා බොරු වේකන්සි දාන සමාගම් ඒවා ලින්ක්ඩ්-ඉන් එකේ දානවා.
කොහොමද බොරු වේකන්සි අඳුන ගන්නේ?
අඳුන ගන්න අමාරු නෑ. මාස දෙක තුනක් ලින්ක්ඩ්-ඉන් එකේ දාන වේකන්සි නිතරම ට්‍රැක් කරන්න.
එතකොට මාස දෙකකට-තුනකට සැරයක් එකම ජොබ් එකට / එකම රෝල් එකට වේකන්සි රිපීට් කරන සමාගම් අඳුන ගන්න පුලුවන්.
එහෙම මාස දෙක තුනකට සැරයක් එකම වේකන්සිය රිපීට් වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ මොනවද?
1/ එයාලට සුදුසු ඉල්ලුම් කරුවෙක් හමුවෙලා නෑ. ඒ නිසා වේකන්සිය රිපීට් වෙනවා - ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි මෙයාලා ඇඩ්වර්ටයිස් කරන්නෙ හොයා ගන්න අමාරු, දුර්ලභ ස්කිල්ස්, කොලිෆිකේෂන් නෙමෙයි. ඕනෙ තරම් සුදුස්සෝ හොයාගන්න පුලුවන් job roles
2/ එන එන අය මාසෙන් දෙකෙන් අස්වෙලා යනවා - එහෙම වෙනවා නම් ඒ කොම්පැණියේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ වගේ තැන්වලට යනවා කියන්නෙ මාසෙන් දෙකෙන් ආයෙ ජොබ් මාකට් එකට වැටෙනවා කියන එක
3/ බොරුවට කොම්පැණියෙ ට්‍රෙන්ඩ් වෙන්න, ලින්ක්ඩ්-ඉන් පේජ් එක, කොම්පැණියෙ වෙබ් සයිට් එක, කොම්පැණියේ ෆේස්-බුක්, ඉන්ස්ටග්‍රෑම් පේජ් වලට හිට්ස් වැඩි කරගන්න නැති වේකන්සි ඇඩ්වර්ටයිස් කරනවා.
මේවා කවදාක්වත් පුරවන ඇබෑර්තු නෙමෙයි. ඒ වේකන්සි දාන එකේ එකම අරමුණ, සමාගමේ වෙබ් සයිට් එකේ, සෝෂල් මීඩියා පේජ්වල හිට්ස් වැඩිකරගෙන, ඒවා මැනේජ්මන්ට් ප්‍රසන්ටේෂන් වලට දාලා, අපේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් තියෙනවා, අපේ සෝෂල් මීඩියා චැනල් වලට මෙච්චර විව්ස් තියෙනවා කියලා පෙන්නලා., ටික දෙනෙකුට ටොප් මැනේජ්මන්ට් එකෙන් ලකුණු දාගන්න උපක්‍රමයක්.
මේවගේ රැවටිලිකාර ප්‍රයෝග, ලංකාවේ Corporate Sector එකේ ඕනෙ තරම් වෙනවා.
එම්ප්ලෝයර් බ්‍රෑන්ඩින් (Employer Branding)
සමහර ම-බුද්ධික එච්.ආර් හෙඩ්ලා, මේ විධියට අහිංසක රැකියා අපේක්ෂකයින්ව රවටලා, රස්තියාදු කරලා, ඉන්ටර්විව් එකකට කෝල්/මැසේජ් එනකන් ෆෝන් එක බල බල ඉන්න අසරණ තත්වෙට පත්කරන එකට "Employer Branding" කියලා පත බොරු ටර්ම් එකකුත් හදාගෙන.
Employer Branding කියන සංකල්පෙන් අදහස් වෙන්නේ, සේවායෝජකයෙකු විධියට සමාජය තුල, සමාගමට හොඳ නමක් (සන්නාමයක්) හදලා, දක්ෂ, ඉහල සුදුසුකම් ඇති රැකියා අපේක්ෂකයින් ඇද ගන්න Corporate Marketing ක්‍රමවේදෙකට.
බොරු වේකන්සි හදාලා ලින්ක්ඩ්-ඉන් එකේ, ටොප්-ජොබ්ස් එකේ නැනිතම් එක්ස්ප්‍රෙස්-ජොබ්ස් එකේ දැන්වීම් දාලා රැකියා අපේක්ෂකයින් දාස් ගාණක්, මාස් පතා රවට්ටන එකෙන් Employer Brand හැදෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් මට කියලා දෙන්න.

Comments
Post a Comment