ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන මොහොතේ ගන්නා ලද විශ්මිත ඡයාරූප පෙලක්.

පහත රූපයෙන් දැක්වෙන්නේ අමෙරිකන් නාවික හමුදාවේ FA/18F සුපර් හෝනට් යානාවක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොතයි. යානය වටා දුම්වළල්ලක් මෙන් පෙනෙන්නේ සැබැවින්ම දුමාරයක් නොව ශබ්ද බාධකය බිඳගෙන යන මොහොතේ යානය වටා ඇතිවෙන ඝණීභවනය වූ ජලවාශ්ප වලාවකි. මේ මොහොතේම ප්‍රභල කම්පණ තරංගයක් බිහිවෙන අතර එය පිපුරුම් ශබ්දයක් මෙන් ඇසේ...

සුපර්සොනික් වේගයෙන් යන ජෙට් යානයක තවත් අපූර්වතම ලක්ශණයක් වන්නේ ඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට යානය නිහඬව ඔබ පසුකර යාමයි. එහි ජෙට් එන්ජින්වල ශබ්දය ඔබට ඇසෙනු ඇත්තේ යානය නොපෙනී ගියවිටය. යානය, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් යන නිසා එන්ජින් ශබ්දය ඔබේ දෙකන් වෙත එන්නට ප්‍රථම යානය ඔබ පසුකරගෙන නොපෙනී ගොසිනි.

(1)


(2)




F-22 රැප්ටර් යානයක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොත

(1)


(2)




බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ යුරොෆයිටර් ටයිෆූන් යානයක් ශබ්දයේ වේගය ඉක්මවයි.




ප්‍රංශයේ ඩැසෝ රෆලේ යානයක්.....




ඇමරිකන් F-14 ටොම්කැට් යානයක්.....




ඇමරිකන් B-1B බෝම්බ හෙලන යානයක් ශබ්දයේ වේගය ඉක්මවා යයි.

 


ඇමරිකන් B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය....



Comments

  1. යුද්ධ කාලෙදි මෙහෙත් ඔය සොනික් බූම් එකේ සද්ද ඇහුණ වගේ මතකයි.

    ReplyDelete
  2. ලස්සන ජයාරූප ටික. ගොඩාක් ස්තුතියි මෙවා ටික පල කලාට...

    ReplyDelete
  3. හරි ෂෝක් ,බ්ලොග් එකක්!!!!!!!!!!!

    ReplyDelete
  4. ඕකට කියන්නේ sonic boom (ස්වනික ගිගුරුමක්)කියලා.
    ඔය හේතුව නිසා තම මේ ගුවන්යානා ලේසියෙන් ශබ්ධයේ වේගය ඉක්මවා නොයන්නේ.මේකෙදි තරංග එකම තැනකට එකතු වෙලා අධික ශක්තියක් පිට වෙනවා.එකේදී ගොඩනැගිලි වල ජනෙල් පුපුරන්න වගේම කන් බීරි වෙන්නත් පුළුවන්.

    එක සැරයක් ඔහොම කෆීර් එකක් යද්දී ඇතිඋන ශබ්දයක් නිසා එක පළාතක කට්ටියක් කොටි ගහනවා කියලා භය උනා කියලා මට මතකයි.

    එලම එල blog එකක්...... දිගටම ලියන්න......

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete

Post a Comment