1800ගණන්වල බ්‍රිතාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පෝක් සමුද්‍රසන්ධියේ ඉන්දියාව හා ලංකාව වෙන්කෙරෙන සමුද්‍ර තීරය නාවික ගමනාගමනයට සුදුසු වන ලෙස ගැඹුරු කිරීමේ විවිධ සැළසුම් තිබුණා. විවිධ හේතූන් නිසා අතපසු වෙමින් තිබුණු මේ ව්‍යාපෘතිය, 2005 වසරේදී වර්තමාන ඉන්දියානු රජය මගින් "සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය" ලෙස නැවත දියත්කලා.
http://en.wikipedia.org/wiki/Sethusamudram_Shipping_Canal_Project |
මේ නවතම ව්‍යාපෘති සැළසුමට අනුව ලංකාව හා ඉන්දියාව අතර තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුස්කොඩි අතරින් රාමසේතු නමින් ඉන්දියානු පුරාවෘත්තවල සඳහන්වන ප්‍රදේශය හරහා නාවික ගමන්මාර්ගය තැනීමට යෝජනා වුනා.
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට ඉන්දීය හින්දු භක්තිකයින්ගේ දැඩි විරෝධය
ව්‍යාපෘතියේ මුහුදු මාර්ගය ප්‍රසිද්ධ වීමත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශය, විශ්ව හින්දු පාරිශාද්, ශිව් සේනා වැනි දේශපාලන පක්ශවල මූලිකත්වයෙන් හින්දු භක්තික ජනතාව දැඩි විරෝධයක් එල්ල කරා.
ඔවුන්ගේ තර්කය වූයේ මෙම මුහුදු මාර්ගය සඳහා වන කැනීම් වලින් හින්දූන් පූජනීයත්වයේලා සලකන රාමායනයේ සඳහන්වන රාමාගේ පාලම විනාශවී යන බවත්, ඒ නිසා මෙම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවත්ය.
ඔවුන්ගේ තර්කය වූයේ මෙම මුහුදු මාර්ගය සඳහා වන කැනීම් වලින් හින්දූන් පූජනීයත්වයේලා සලකන රාමායනයේ සඳහන්වන රාමාගේ පාලම විනාශවී යන බවත්, ඒ නිසා මෙම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවත්ය.
නාසා ඡායාරූප පෙන්වන රාමාගේ පාලම?
සේතුසමුද්‍රම් ව්‍යාපෘතියට හින්දූන්ගේ විරෝධය දැඩිවෙද්දි, නාසා ආයතනය මගින් විවිධ අභ්‍යවකාශ ගමන්වලදී ලබාගෙන මහජනතාවට විවෘත (public domain) වෙබ් අඩවවල ගබඩා කොට තිබූ ඡායාරූප ගණනාවක් අන්තර්ජාලය පුරා හුවමාරු වන්නට වුනා. මෙම ඡායාරූප මගින් රාමාගේ පාලම මිත්‍යාවක් නොව, අභ්‍යවකාශයේ සිට පැහැදිලිව පෙනෙන ගොඩනැගීමක් ලෙස තහවුරු වන බව බව හින්දූන් ප්‍රකාශ කරන්නට වූ අතර භාරතිය ජනතා පක්ශය මෙම ඡායාරූපද සාක්ශි ලෙස සටහන් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකලේ සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නතර කරන නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින්.
ඉන්දීය භූවිද්‍යාත්මක සමීක්ශණ ආයතනයේ ස්ථාවරය
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්ශි දුන් ඉන්දීය භූවිද්‍යා සමීක්ශණ ආයතනයේ (Indian Geological Survey - IGS) විද්‍යාඥයින් පවසා සිටියේ ගිලී ගිය පෞරාණික පාලමක් මෙන් අභ්‍යවකාශ ඡායාරූපවල පෙනෙන මෙම භූවිෂමතාවය මිනිස් නිර්මාණයක් නොව කොරල් පර හා වැලිකඳු දාමයක් බවයි. මෙහි පෞරාණික ගොඩනැගීම් කිසිවක් දකින්නට නොලැබෙන බව ප්‍රකාශකල ඔවුන් ඒ අනුව රාමසේතු ලෙස හින්දු පුරාණයේ සඳහන්වන්නේ මිත්‍යාවක් මිස සැබෑ ගොඩනැගීමක් නොවන බව තම ස්ථාවරය ලෙස ප්‍රකාශකලා.
වාල්මිකීගේ රාමායනයට අනුව රාමසේතු හෙවත් රාමර් පාලම්
සීතා බේරාගැනීමට ලංකාව බලා යන රාම, ලක්ශ්මන හා හනුමාන්හට ධනුස්කොඩියේදී මුහුදින් එතර වන්නේ කෙසේදැයි යන ගැටළුව ඇතිවුනා. රාම කෙරෙහි අතිශය භක්තියෙන් සිටි හනුමාන්, සිය වානර හමුදාව සමග එක්ව රාමගේ නම ලියැවූ විශාල ගල් එකමත එක තබා රාමට හා හමුදාවට මුහුදින් එතරවී රාවනා රජුගේ රාජධානියට ඇතුලුවීමට පාලමක් තනාදුන් බව වාල්මිකී සිය පුරාවෘත්තයේ සඳහන් කරනවා. මෙයට රාමගේ පාලම හෙවත් රාම සේතු (සංස්කෘත භාෂාවෙන් සේතු=පාලම ) ලෙස හැඳින්වූ බව රාමායනයේ සඳහන්.
මේ ප්‍රදේශ පුරාණයේ සිට රාමාගේ නමින් ප්‍රසිද්ධව ඇත්තේ රාමා රාවන යුද්ධය සැබැවින්ම සිදුවූ නිසාද?
මෙම ප්‍රදේශය රාම කුමරා හා ඔහුගේ පාලම ආශ්‍රයෙන් නම්කොට තිබුණු බව පැරණි සිතියම් හා ගවේෂකයින්ගේ වාර්තාවල දැක්වෙනවා.
පර්සියානු දේෂගවේශකයෙකු වූ ඉබන් කොර්දාද්බේ, කි.ව 850දී ලියූ ග්‍රන්ථයක මෙම ප්‍රදේශය "සෙත් භන්දායි - මුහුදු පාලම" ලෙස හඳුන්වා තිබෙනවා.
1747දී ඕලන්ද ජාතික සිතියම්කරුවෙකු විසින් සිය සිතියම්වල මෙම ප්‍රදේශය "රාමන්කොයිල්" ලෙස නම්කොට තිබෙන අතර ඔහු මෙම ප්‍රදේශය එලෙස නම්කරන්නට ඇත්තේ රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුගේ දෙවොලට දෙමළ භාශාවේ හැඳින්වෙන "රාමන් කෝවිල්" යන නාමය අනුසාරයෙන් බව පැවසෙනවා.
1788 ජේ රෙනෙල් නම් නැවියෙකු සැකසූ සිතියමකද මෙම ප්‍රදේශය රාම දෙවොලේ ප්‍රදේශය ලෙස හඳුන්වා තිබෙනවා.
මාකෝ පෝලෝ මෙම ප්‍රදේශය "සේතුභන්දනම්" ලෙස සඳහන්කර ඇති බව පැවසෙන අතර (විකිපීඩියා), රාමායනයේ යම් ස්ථානවල, රාමාගේ පාලම "සේතුභන්දනම්" ලෙස හැඳින්වෙන බව සටහන්වී තිබෙනවා.
රාමාගේ උපත මීට වසර 7000කට පෙර, එනම් අයිස් යුගය අවසන්වී කෙටිකලකින් සිදුවුනිද?
අයිස් යුගය අවසන්වූයේ මීට වසර 10,000කට පෙරය.
ඉන්දියානු පර්යේෂකයින් දෙපොලක් වන පුශ්කාර් භාත්නාගර් හා ඩී.කේ හාරි ගේ පර්යේෂණවලට අනුව, රාමායනය ලියූ වාල්මිකී රාම කුමරුගේ සමකාලීනයෙකි. රාමකුමරු, සීතා නැවත ලබාගැනීම සඳහා කල සටන වාල්මිකී සියැසින් දකින්නට ඇති බව පවසන මොවුන් මෙයට සාක්ශි සඳහා වාල්මිකී විසින් රාමායනයේ විවිධ පරිච්ඡේදවල විස්තර කොට ඇති එදවස අහසේ තරුසලකුණු හා ග්‍රහ පිහිටීම් පිලිබඳ විස්තර උපයෝගී කරගත් බව පැවසෙනවා.
ඔවුන් මෙම ග්‍රහපිහිටීම් අතීතයේ හා අනාගතයේ අහසේ තාරකා හා ග්‍රපිහිටීම් නිවැරදිව පෙන්වාදෙන පරිගණක වැඩසටහනකට (මෙවැනි පරිගණක මෘදුකාංග ඉතා සුලබයි) ඇතුලත් කොට ඒ අනුව, රාමායනය ලියූ දින වකවානුත්, රාමාගේ උපත සිදුවූ දින වකවානුත් ගණනය කරගත් බව පවසනවා.
ඔවුන් මෙම පර්යේශණ වාර්තා සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකකල නඩුවේ පැමිණිලි කාර පක්ශවල සහයට ඉදිරිපත් කොට තිබෙනවා.

ඔවුන්ගේ ගණනය කිරීම් වලට අනුව රාම කුමරු;
- ඉපදී ඇත්තේ ක්‍රිස්තුපූර්ව 5114, එනම් මීට වසර 7000කට පෙර
- රාම කුමරු රජකමට පත්වූයේ වයස අවුරුදු 25දීය
- රාම, රාවණ රජු හීයකින් විද මරාදමනවිට වයස 39හි පසුවිය
රාමගේ හමුදාව ලංකාවට ගෙන යන්නට, "වානර වහලුන්ගේ" ශ්‍රමයෙන් නොගැඹුරු මුහුදේ කොරල්පර යාකොට රළු පාරක් තනාගත්තා වන්නට බැරිද?
රාම රාවණ යුද්ධය සිදුවන්නේ (මේ සියල්ල සත්‍යය යැයි උපකල්පණය කලවිට), අයිස් යුගය අවසන්වී වසර 3000ක් වැනි කෙටි කාලයකින්ය.
අයිස් යුගයේදී, මුහුදුමට්ටම දැනට වඩා ඉතා පහලින් තිබුණු බව පිලිගත් විද්‍යාත්මක සත්‍යයකි (දැන් මුහුදු මට්ටම ඉහල යමින් තිබෙන්නේ ලෝකය වේගයෙන් උණුසුම් වීම නිසා අයිස් දියවෙමින් යන නිසාය)
ඒ අනුව දැන් නොගැඹුරු මුහුදින් වැසී ඇති මේ භූමි තීරුව එකල්හි මුහුදින් ඉහලට මතුවූ කොරල්පර හා වැලිපර රාශියකින් එකිනෙක යාවී තිබෙන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.
කෙනෙකුට හෝ කුඩා නඩයකට පයින් යන්නට හැකි වුවත් හමුදාවක් හා හමුදාවට අවශ්‍යය සැපයුම්, ඇතුන්, අශ්වයින් සිය ගණනක් ගෙනයන්නට තරම් නොසුදුසු, උදම් රළට යටවන, ඇතැම් තැන්වල එරෙන වැලි ඇති භූමිතීරුවක් යයි උපකල්පණය කිරීම එතරම් වැරදි නොවේ.

එසේනම්, මේ නුසුදුසු භූමි තීරුව හමුදාව ගෙනයාමට සුදුසු ලෙස සකසා ගන්නට ඇතැයි උපකල්පණය කරන්නට පුළුවන. එසේනම් වාල්මිකීගේ රාමායනයේ එන රාමසේතු පාලම එතරම් විශ්වකර්ම ක්‍රියාවක් නොව, හමුදාවක් පහසුවෙන් රැගෙනයාම සඳහා කරන ලද ප්‍රායෝගික ක්‍රියාවක් යැයි සිතන්නට පුලුවන.
සන්සන්දනයක් කරනවානම්;
සන්සන්දනයක් කරනවානම්;
චීනුන් තැනූ සැතපුම් දහස් ගණනක් දිග චීන මහා ප්‍රාකාරය හා සමකරනවිට, හනුමන්තාගේ හැතැප්ම 18ක පාලම කජ්ජක්දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.
වාල්මිකි කියන, රාමගේ වානර හමුදාව, රාම විසින් වහල්සේවයේ යොදවාගත් නොදියුණු මනුශ්‍ය කොට්ඨාශයක් වන්නට නොහැකිද?
සුදු ජාතිකයින්, නොදියුණු අප්‍රිකාවට කඩා වැදී ලක්ශ ගණනින් අප වැනිම මිනිසුන් වහල් කමට රැගෙන ගොස් ඔවුන්ගේ ශ්‍රමයෙන් රේල් පාරවල්, පාලම්, බෝක්කු, වරායවල් තනවාගත්තානම්; ඔවුන් තවමත් කලුහම පහත් කොට සලකනවා නම්;
අවුරුදු 7000කට පෙර රජ කුමරෙකු වූ රාමට, එකල නොදියුණු ගෝත්‍රයක ජනකායක් සිය හමුදාව සඳහා වහල් මෙහෙයට යොදවාගන්නට නොහැකි වුනිද?
බමුණු කුළයේ වාල්මිකීට, මේ අසරණ වහලුන් වානරයින් මෙන් පෙනීම හා එලෙසම ලීවීමද එතරම් පුදුමයට කාරණයක් නොවේ!

15වැනි ශතවර්ශය වනතෙක් රාම පාලම මුහුදින් ඉහල තිබුනාද?
Encyclopedia of Hindu World (1992) නම් ග්‍රන්ථය රාමේශ්වරමේ ඇති රාම දෙවිඳුන් සඳහා වන කෝවිලෙහි වාර්තා උපුටා දක්වමින් සඳහන් කරන්නේ රාම පාලම ලෙස හඳුන්වන මෙම භූමි තීරුව ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වාම පයින් යා හැකි තරමට ජලයෙන් ඉහලට තිබූ බවයි. මෙය ජලයෙන් යටවී ගියේ 1480දී ප්‍රදේශය හරහා හමාගිය මහා කුණාටුවකින් රළුවූ මුහුදට සේදී ගිය පසුව බව එම ග්‍රන්ථය සඳහන් කරනවා.
~ // ~
විශිෂ්ඨ කරුණු දැක්වීමක්... මේ වගේ ගවේෂණාත්මක ලිපි සකස් කරනවාට ඔබට ගොඩක්ම ස්තුතියි !!!
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ මා ඉතා ආසාවෙන් කියවන බ්ලොග් කිහිපයෙන් එකක්. ඔබගේ විස්තර ගවේශනය සහ ඉදිරිපත් කිරීම නිසා ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගන්නට ඉඩ ලැබෙනව. දිගටම කරගෙන යන්න. ජය.
ReplyDeleteසුබපැතුමට ස්තූතියි!
Deleteඉතාමත් සිත් ඈදගන්නා, අපි නොදන්නා අතිශය දුර්ලභ තොරතුරු රෑගෙන එන ඔබට බොහෝ ස්තුතියි.
ReplyDeleteවිශිෂ්ටයි.
ReplyDeletef ;(( :) :))
ReplyDelete