අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඔබේ ඡායාරූප ගැන ඔබවත් නොදන්නාදේ කියන EXIF දත්ත

EXIF දත්ත යනු මොනවාද?

EXIF යන්නෙහි අර්ථය EXchangeable Image File යන්නයි. සෑම ඩිජිටල් කැමරාවකින්, ෆෝන් කැමරාද ඇතුලුව ගන්නා ඡායාරූප වලට ස්වයංක්‍රීයව මෙම EXIF දත්ත කැමරාව මගින් ඇතුලු කෙරේ.

EXIF දත්ත වල අඩංගු වන්නේ මොන තොරතුරුද?

පහත රූපයෙන් දැක්වෙන්නේ මාගේ නිකොන් කැමරාවෙන් ගන්නා ලද ඡායාරූපයක කැමරාව මගින් සටහන් කරන ලද EXIF දත්ත ගොන්නයි. මෙම දත්ත ගූගල් පිකාසා (Picasa) ඡායාරූප සංස්කරණ වැඩසටහනෙන් පෙන්වන ආකාරය මෙහි දැක්වේ.

මේ අනුව ඔබගේ කැමරාව, ඔබට නොදැනී මොනතරම් දත්ත ප්‍රමාණයක් ඡායාරූපයත් සමග එහි EXIF ගොනුවට එකතු කරනවාදැයි සිතාගත හැකිය. මෙම දත්ත ඔබගේ ඡායාරූප අන්තර්ජාලයට එකතුකල විට, එම ඡායාරූප බාගත කරගන්නා පුද්ගලයෙකුට පහසුවෙන් නැරඹිය හැකිය.


ඔබේ කැමරාවේ/ ස්මාර්ට් ෆෝනයේ GPS පහසුකම හා EXIF


ඉහත ඡායාරූපයේ දැක්වෙන EXIF දත්ත මගින් ඡායාරූපය පිලිබඳව සියලු තාක්ශණික තොරතුරු දැක්වූවත් එම ඡායාරූපය ගන්නා ලද ස්ථානය පිලිබඳ කිසිදු තොරතුරක් ලබා නොදෙයි. එහෙත් අද වෙළඳපොලේ ඇති සියලුම ස්මාර්ට්ෆෝන් වර්ග හා 2011 වසරේ සිට එලිදැක්වෙන බොහෝ ඩිජිටල් කැමරාවල GPS රිසීවරයක් අඩංගුවන අතර (මිළ අධික DSLR කැමරාවල GPS පහසුකම 2006/7 වසරවල සිට අඩංගුවන බව සළකන්න) ඔබ කැමරාවේ/ෆෝනයේ GPS පහසුකම ක්‍රියාත්මක කොට ඇත්නම් ස්වයංක්‍රීයවම එම GPS දත්ත EXIF ගොනුවට ඇතුලුකරයි.

පහත ඡායාරූපය බලන්න



ඉහත EXIF දත්ත ගොනුව පෙන්වන ආකාරයට, ඡායාරුපය ගන්නා ලද ස්ථානයේ අක්ශාංශ හා දේශාංශ සටහන් වී ඇත. ඒ අනුව ඕනෑම කෙනෙකුට මෙම ඡායාරූපය ගන්නා ලද ස්ථානය සොයාගත හැකිය. මෙය පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට එක්කිරී මේදී අතිශයින්ම සැළකිලිමත් විය යුතු කරුණකි. අන්තර්ජාලයට එක්කරන ඡායාරූප ගන්නා ලද ස්ථාන සොයාගැනීම අනුව අන්තර්ජාලයේ සැරිසරන විකෘති මානසික පුද්ගලයින්ට යම් කාන්තාවක හෝ තරුණියක ඉලක්ක කර ගැනීම පහසුකරයි.

Facebook හා EXIF-GPS දත්ත


ශ්‍රී ලංකාවේ ජනප්‍රියව අන්තර්ජාල පිවිසුම ෆේස්බුක් අඩවියයි. තමන් ගන්නා ඡායාරූප ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීම අද තරුණ තරුණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රියය. බොහෝ ස්මාර්ට්ෆෝනවලින් ගන්නා ඡායාරූප කෙලින්ම ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීමේ පහසකම් ඇත. මෙලෙස ෆේස්බුක් පිටුවට ඇතුලුකරන ඡායාරූප මගින් අන්තර්ජාලයේ සැරිසරන නන්නාදුන පුද්ගලයින්ට ඔබේ පෞද්ගලික ඡායාරූප ගන්නා ලද ස්ථාන පිලිබඳ තොරතුරු තොරතුරු සොයාගත හැකිද?

ෆේස්බුක් සමාගම පවසන ආකාරයට ෆේස්බුක් සේවාවට ඇතුලු කරන ඡාරායූප වල EXIF දත්ත මකා දමයි. ඒ අනුව ෆේස්බුක් ඡායාරූප මගින් ඔබගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවේ.






Comments

  1. අම්මට සිරි , කාලෙකින් කියවන්න පුලවන් උන වැදගත්ම පොස්ට් එකක් මට නම් ,

    ReplyDelete

Post a Comment