බොස්ටන් මැරතන් ප්‍රහාරය : බෝම්බයේ නිර්මාණය ගැන තොරතුරු කියන දුමාරය....


බොස්ටන් මැරතන් ප්‍රහාරය සිදුවී දැන් දින තුනකි. තවමත් ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද, මොන අරමුණක් සඳහාද යන්න පිලිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවත් කිසිවෙකුත් අත්-අඩංගුවට ගෙන නැති බවටත් එෆ්.බී.අයි ආයතනයේ නිළ ප්‍රකාශය බව නිරන්තරව යාවත්කාලීන වන CNN.com ප්‍රවෘත්ති සේවාවේ වෙබ් අඩවිය සනාත කරයි. අද (18, බ්‍රහස්පතින්දා) දිවයින පුවත්පතෙහි පලකොට ඇති "බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක්‌ බව සනාථයි" යන කීර්ති වර්ණකුළසූරියගේ වාර්තාව සාවද්‍යය.

බෝම්බ පිපුරුම අසල ගොඩනැගිල්ලක වහලයක තිබී ප්‍රෙෂර් කුකරයක පියනක් සමුවී ඇත. එය රැගෙන ආ බැක්-පැක් වර්ගයේ බෑගයෙහි සුන්බුන්ද හමුවී තිබේ. ප්‍රෙෂර් කුකර් වැනි උපකරණ බෝම්ම සෑදීම සඳහා උපයෝගී කරගත හැකි බැවින් කල්පනාකාරී වන ලෙස එෆ්.බී.අයි ආයතනය පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ජනතාවට හා පොලීසිය ඇතුලු ආරක්ශක අංශවලට අවවාදයක් නිකුත් කලේය. මෙයට හේතුව අල්ඛයිඩා සංවිධානයේ නිළ සඟරාව වන "ඉන්ස්පයර්-Inspire" සඟරාව මෙවැනි බෝම්බයක් නිවසේදීම නිර්මාණය කරගත හැකි ආකාරය පිලිබඳව පියවරන් පියවර උපදෙස් හා රූපසටහන් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුවය. එහෙත් ප්‍රෙෂර් කුකර් බෝම්බවල නිර්මාපකයා අල්ඛයිඩාව නොවේ. "Improvised Explosive Devices-IED" ලෙස හඳුන්වන මෙවැනි බෝම්බ ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ සටන්කාමීන් අමෙරිකානු හමුදාවලට විරුද්ධව බහුල්ව යොදාගෙන ඇත. අල්ඛයිඩාවේ සන්නිවේදන අංශය ඉතා පහසුවෙන් සකසාගත හැකි මෙවැනි බෝම්බයක් නිපදවාගත හැකි ආකාරය පිලිබඳව අත්පොතක් පළකලා පමණකි.

මෙම අත්පොත නිකුත් කිරීම අල්ඛයිඩාවේ අලුත්ම සංකල්පයක් වන "Do it yourself terrorism" හෙවත් තනි පුද්ගලයෙකු තනිවම සැළසුම් කොට එල්ල කරන ත්‍රස්ත ප්‍රහාර සංකල්පය දිරිගැන්වීම සඳහා කරන ලද බව අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ත්‍රස්ත විශේෂඥයින් පවසයි. නිරන්තර අමෙරිකානු ප්‍රහාර හා බාධා කිරීම නිසා අල්ඛයිඩාවට 9/11 වැනි දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර සංවිධානය කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ හැකියාව ගිලිහී ඇත. එබැවින් අල්ඛයිඩාව දැන් ලොව පුරා අමෙරිකානු හා බටහිර විරෝධීන් හට තනියම කුඩා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ලෙස ආරාධනා කොට ඇත.

ත්‍රස්ත ප්‍රහාර සැළසුම් කිරීම, ඒ සඳහා ඔත්තු බැලීම, ආරක්ශක අංශවල සැකයට පාත්‍ර නොවී කටයුතු ක්‍රීම, පහසුවෙන් වෙළඳපොලේ මිළදීගත හැකි රසායණික වලින් පුපුරණ  ද්‍රව්‍ය තැනීම, ඒවා බෝම්බයක් ලෙස එකලස් කිරීම, බෝම්ම පුපුරවා හැරිය හැකි ඩෙටොනේටර් උපක්‍රම පිලිබඳ විස්තර අඩංගු අත්පොත් සියගණනක් මෙන්ම උපදෙස් අඩංගු යූ-ටියුබ් වීඩියෝ සියගණනක් අන්තර්ජාලයට මුදා හැර ඇත. මේ සියල්ලේම අරමුණ ලොව පුරා වෙසෙන අමෙරිකාව හා බටහිර ජාතීන් පිලිබඳව වෛරයෙන් පසුවන පුද්ගලයින් හට සිය වෛරය පිරිමසා ගැනීම සඳහා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පෙළඹවීම හා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමයි.

අමෙරිකානු ආරක්ශක අංශවලින් අල්ඛයිඩා ඇතුලු මුස්ලිම් සටන්කාමීන් හට එල්ලවන නවතම තර්ජනය වන නියමු රහිත ඩ්‍රෝන යානාවලින් ආරක්ශාවන ආකාරය පිලිබඳව අල්ඛයිඩාව සකස්කල උපදෙස් පත්‍රිකාව ලොවට හෙලිවුනේ මේ මෑතකදීය. ඒ පිලිබඳව අප පලකල ලිපිය මෙතනින් කියවන්න.

බොස්ටන් බෝම්බය (සැබැවින්ම ස්ථාන දෙකක පිපිරුණු බෝම්බ දෙකකි) සකස්කොට තිබුණා යයි සැකකෙරෙන ප්‍රෙෂර් කුකරය හා අල්ඛයිඩාව සම්බන්ධ වන්නේ (දැනට වාර්තාවී ඇති පරිදි) මෙතැනදී පමණකි. බොස්ටන් බෝම්බය ප්‍රෙෂර් කුකරයක තනා තිබූ පලියට එය අල්ඛයිඩාවට බැරකිරීම නොමගයාමකි. අමෙරිකාව පවා තවමත් එලෙස කොට නැත. එෆ්.බී.අයි ආයතනය දැනට සැක කරන්නේ අමෙරිකාව තුල ක්‍රියාත්මක වන යම් අමෙරිකානුවන්ගේ සංවිධානයක් හෝ යම් අමෙරිකානු පුද්ගලයෙකු අල්ඛයිඩාවේ වෙබ් අඩවිවලින් බාගත කරගත් උපදෙස් අත්පොත් ඇසුරින් මෙම ප්‍රෙෂර් කුකර් බෝම්බ නිර්මාණය කොට ඇති බවය. දැනට ඇති තත්වයේ නිවැරදි වාර්තාව මෙයයි.

බොස්ටන් බෝම්බ දුමාරයෙන් බෝම්බ විශේෂඥයින් හට ලැබී ඇති තොරතුරු.

බොස්ටන් බෝම්බ පුපුරා යන මොහොතේම ගන්නා ලද දසදහස් ගණනක් ඡායාරූපවල එම බෝම්බය පිපිරීමෙන් විසිර යන දුම් වලාව පැහැදිලිව සටහන් වී ඇත. බෝම්බයක් පිපිරෙන විට පැතිරෙන දුමාරයෙන් එම බෝම්බය තනන්නට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය පිලිබඳව තොරතුරු හෙලිවන බව පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් පවසයි. බොස්ටන් බෝම්බ දුමාරය සුදු පැහැති දුමාරයකි. විශේෂඥයින්ට අනුව මෙවැනි සුදු පැහැති දුමාර පිටවන්නේ අඩුබල පුපුරණ ද්‍රව්‍ය භාවිතා කොට එය නිර්මාණය කොට ඇති විටදීය. ටී.එන්.ටී, ආර්.ඩී.එක්ස්, සෙම්ටෙක්ස් වැනි අධිබල පුපුරණ ද්‍රව්‍ය පිපිරීයාමේදී පැතිරෙන්නේ කළු පැහැති හෝ තද අළු පැහැ දුමාරයක් බව ඔවුන් පවසයි. ඒ අනුව බොස්ටන් බෝම්බය රතිඤ්ඤා වෙඩි බෙහෙත්, ගිණිකූරු වල හිස් සූරා එකතුකරගන්නා වෙඩි බෙහෙත් වැනි පහසුවෙන් සොයාගත හැකි අඩු බල පුපුරණ ද්‍රව‍ය වලින් නිමවා ඇති බව ඔවුන් අනුමාන කරයි.

රතිඤ්ඤා වෙඩි බෙහෙත් සැබැවින්ම ගිණිගත් විට පුපුරා නොයයි. රතිඤ්ඤා කරලක් කපා එය තුල ඇති වෙඩි බෙහෙත් වලට ගිණිපුළුඟක් දැමීමෙන් ඔබටම මෙය තහවුරු කරගත හැකියි. මෙවැනි වෙඩිබෙහෙත් තද සුදු දුමාරයකින් පිලිස්සී යයි. මෙවැනි ද්‍රව්‍ය වලින් බෝම්බයක් තනන විට ප්‍රෂර් කුකරයක් වැනි ශක්තිමත් තදින් වැසිය හැකි බඳුනක් අවශ්‍ය වන්නේ මෙම ද්‍රව්‍ය මගින් පිපුරුම ඇති කිරීමට නම් එම ද්‍රව්‍ය එවැනි බඳුනක් තුල ගිණිගැනීමට සැලැස්වීමේන් බඳුන තුල ක්ශණිකව දැඩි පීඩනයක් ඇති කලයුතු බැවිනි. වෙඩි බෙහෙත් ගිණිදැල්වෙන විට බඳුන තුල ඇතිවන අධික පීඩනය නිසා එය පුපුරා යයි. මෙවැනි වෙඩි බෙහෙත් ගෙදර සාදාගන්නා බෝම්බ ලෙස හැඩගස්වන්නේ එලෙස බව එෆ්.බී.අයි පර්යේශකයින් පවසති.

බොස්ටන් ප්‍රහාරකයා යොදාගෙන ඇත්තේද මෙම මූලධර්මයය. ඔහු අල්ඛයිඩාද නැතහොත් 1995දී අමෙරිකාවේ ඔක්ලොහෝමා නගරයේදී රජයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම පුපුරවා හල ට්‍රක් බෝම්බය නිර්මාණය කල තිමති මැග්වේ හෝ 1996 ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුර ඔලිම්පික් උද්‍යානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙද්දී නිවසේ සෑදූ බෝම්බයක් පුපුරවා හැරි එරික් රූඩෝල්ෆ් වැනි අමෙරිකානු ත්‍රස්තවාදියෙකුද ඉතා ඉක්මණින් හෙලිවන ඇත.


WARNING!!! - DON'T TRY THIS AT HOME!!!


නිවසේදී බෝම්බ සාදන ආකාරය පිලිබඳව උපදෙස් හා වීඩියෝ අන්තර්ජාලය පුරාවට ඇත. එහෙත් මෙවැනි භයානක අත්හදා බැලීම් සිදුනොකරන ලෙස පාඨකයින්ට කෙරෙන අවවාදයි මේ.

මෙවැනි අත්හදා බැලී වැරදී ගියහොත් පිපිරීම් සිදුවී ඇස්, අත්පා විනාශවී යාම සිදුවිය හැකියි, බරපතල පිලිස්සීම් සිදුවිය හැකියි. අවුරුදු කාලයේ රතිඤ්ඤා නිසා රෝහල්ගත වල සංඛ්‍යාව මෙම අවවාදය නිවැරදි බව කියාපායි.

එබැවින් මෙවැනි අවදානම් ක්‍රියා වලට නොපෙලඹෙන්න. අකාළයේ අබ්බගාතයෙකු, අන්ධයෙකු වීමට මගපාදා නොගන්න.

ටෙරන්ස් කේ ආරච්චි - කතෘ, විද්‍යා ගවේෂණ 

Comments

  1. දැන් තාක්ෂනය දියුණු නිසා හිතෙන හිතෙන බොරු ලියලා මාධ්‍ය කාරයන්ට ගොන් ආතල් ගන්න බෑ.බ්ලොග් බලන්නෙ නැති අය හිතනව ඇති මේක අල්කයිඩා වැඩක් කියල

    ReplyDelete
  2. ස්තුතියි ඔබට තව තවත් ශක්තිය ලැබේවා ඔබට සුබ අලුත් අවුරැද්දක් ඔබට

    ReplyDelete

Post a Comment