අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට නියමුවන් රහිත ගුවන් යානයක්‌



යු.ඒ.වී. (UAV) හෙවත් නියමුවන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක්‌ මෙරටදී ප්‍රථම වතාවට නිර්මාණය කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් මෙය නිර්මාණය කර ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය හා ඉලෙක්‌ට්‍රොනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා සහ ඉංජිනේරු සිසුන් සිව්දෙනකු එක්‌ව මෙම ගුවන් යානය නිර්මාණය කර ඇත.
මීටර් 200 ක පමණ උසකින් ගමන් කරමින් විනාඩි 12 ක පමණ කාලයක්‌ ගුවන්ගතව සිට අවට ප්‍රදේශය නිරීක්‌ෂණය කර දත්ත මූලස්‌ථානයට ලබාදීමට හැකි අයුරින් මෙය නිපදවා ඇත.

මෙම ගුවන් යානය සඳහා ආරක්‌ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබීමෙන් පසු ලැබෙන අනුග්‍රහය මත මීට වඩා වැඩි දියුණු කරන ලද ගුවන් යානා පවා නිර්මාණය කිරීමේ හැකියාව ඇතැයි මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා පැවැසීය.


Comments

Post a Comment