අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ...

රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට  රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.

රටකජුවල හිතකර කොලෙස්ටොරොල් (low density lipoprotein) වැඩි බවත්, ශරීරයේ ප්‍රදාහයන් අඩුවන බවත්, හදවත අවට රුධිර නාලවල ශක්තිය වැඩි කරවන බවටත් සොයාගෙන තිබේ. 1981 සිට 2002 දක්වා දියවැඩියාව ඇති කාන්තාවන් 6000කගේ ආහාර රටා දත්ත හා ඔවුන්ගෙන් ආඝාතය (stroke) හා හදවත් රෝග වැළඳුන් සංඛ්‍යාවන් විශ්ලේෂණය කිරීමේදී රටකජු ආහාරයට ගත කාන්තාවන්ට මෙම භයානක රෝග අඩුවෙන්ම වැළඳූ ඇති බව සොයාගැනුනා.

http://www.dailymail.co.uk/health/article-1195453/Peanut-butter-wards-heart-disease-say-scientist.html
http://www.lankadeepa.lk/index.php/articles/250948

Comments